IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පොලීසියෙන් නව ජංගම යෙදවුමක්

(ගයාන් සූරියආරච්චි සහ ජේ.ඉඳුරුවගේ )

රථවාහන වැරැදි අවම කර ගැනිම සදහා ‘ඊ ට්‍රැෆ්ක්‘ නමින් ජංගම දුරකතන යෙදවුමක් වැඩබලන පොලිස්පතිවරයගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානය හදුන්වා දෙනු ලැබීය.

පදිකයන් මාර්ගයේ ගමන් කරන අවස්ථාවේදී සිදුවන රථවාහන වැරැදි ඡායාරූප ගෙන හෝ වීඩියෝ ගතකර මෙම යෙදවුම මගින් පොලිස් මූලස්ථානය වෙත යොමුකිරීමට හැකියාව ඇත.

එම ඡායාරූප සහ වීඩියෝ දර්ශන පොලිස් මූලස්ථානයේ ඇති මෙහෙයුම් මැදිරිය මගින් අධ්‍යනය කිරීමෙන් අනතුරුව අදාල ආයතන වෙත යොමු කිරිම සිදුකෙරේ.

මෙම යෙදවුම www.police.gov.lk නැමැති පොලිස් නිල වෙබ් අඩවිය මගින් බාගත කළ හැකිය.

රථවාහන වැරැදි අවම කරගැනීම සදහා මහජනතාවගේ සෘජු දායකත්වය ලබා දෙන ලෙසද පොලිසිය ඉල්ලා සිටියි.

 



අදහස් (4)

පොලීසියෙන් නව ජංගම යෙදවුමක්

පොඩිඑකා Wednesday, 01 January 2025 09:26 PM

එක පැයෙන් ඇප් එක පිරිලා ජෑම් වෙයි.

:       8       6

අමරේThursday, 02 January 2025 07:00 AM

දන්න හරිය තමයි ඔය.

:       2       0

පොඩිඑකා Thursday, 02 January 2025 10:49 AM

අනේ බුදධිමත් මහත්වරැනේ, මම ව්‍යංගයෙන් කිව්වෙ, ඒ තරමට ලංකාවෙ රථ වාහන වැරදි වෙනවා කියලා විතරයි. මගේ අතින් වරදක් වුනානං හෝ කාගෙ හරි හිත රිදුනනං සමාවෙන්න.

:       1       0

kasun Thursday, 02 January 2025 02:22 PM

ඇප් එක නෙමෙයි වෙබ්සයිට් එකම වැඩ නෑ කියහන්කෝ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site