
(මනෝප්‍රිය ගුණසේකර)
ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගෙන් ලබන සතිය තුළ ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු සුදානම් කර ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට ඉන්දියානු සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සංචාරය නිමකර යළි දිවයිනට පැමිණි පසු මෙම සිද්ධියට අදාළව එම මහත්වරුන්ගෙන් ප්‍රකාශ ගැනීමට කටයුතු සුදානම් කර ඇතැයිද වාර්තාවේ.
සංචාරය නිමකර යළි දිවයිනට පැමිණි පසු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් දිනයන් සහ වේලාවන් ලබාගැනීමෙන් අනතුරුව ඔවුන් පදිංචි ස්ථානයන්ට ගොස් එම මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු සුදානම් කර ඇතැයිද වාර්තාවේ.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා 2022 සැප්තැම්බර් 26 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ රටට අවශ්‍ය ඖෂධ මොනවාද? යන්න පිළිබඳව සඳහන් කර නොතිබියදී එම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දුන්නේ කුමන පදනමක් යටතේදැයි එම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත යුතු බව කියමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය මීට පෙර අවස්ථාවක කළ ඉල්ලීමක් පිළිගනිමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය රහස් පොලිසියට දුන් අවසරයකට අනුව එම කැබිනට් මණ්ඩලය නියෝජනය කළ කැබිනට් අමාත්‍යවරුන් රහස් පොලිසියට කැඳවා තිබිණී.
ඒ අනුව රහස් පොලිසිය හමුවේ පෙනී සිටි කැබිනට් අමාත්‍යවරුන්ගෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා 2022 සැප්තැම්බර් 26 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ, රටට අවශ්‍ය ඖෂධ මොනවාද? යන්න පිළිබඳව හෝ සඳහන් කර නොතිබියදී ඇත්ත වශයෙන්ම ඖෂධ හිඟයක් පැවතියේද? යන්න පිළිබඳව හෝ සොයා බැලීමකින් තොරව කැබිනට් මණ්ඩලය කැබිනට් පත්‍රිකාවට අවසර දුන්නේ කෙසේද? යන්න පිළිබඳව රහස් පොලිස් නිලධාරීන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍යවරුන් 18 දෙනාගෙන් කැබිනට් අමාත්‍යවරු ලෙස කටයුතු කළ නිමල් සිරිපාල ද සිල්වා, බන්දුල ගුණවර්ධන, රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ, ඩග්ලස් දේවාවන්ද, හරීන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, විජයදාස රාජපක්ෂ, විදුර වික්‍රනායක, කාංචන විජේසේකර, පුශ්පකුමාර, නසීර් අහමඩ් සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් රහස් පොලිසිය විසින් මීට පෙර අවස්ථා වලදී ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනේ විරුද්ධ පක්ෂය නිතරම කියන්නෙ පලපුරුදු මන්ත්‍රීවරු නැතුව පාර්ලිමේන්තුවට පැමිණි විට රට අනතුරේ කියලා.
යකඩො පලපුරුදු සෙට් එක නේද. සාමාන්‍යයෙන් මෙයාලට වැරදි වෙන්නෙ නෑනෙ
හරි ශෝක් නේද ? මහත්හොරුන්ගේන් පුළුවන් දිනයක් ඉල්ලාගෙන ගෙදරටම ගිහින් ප්‍රකාශ සටහන් කරගන්න්වලු .
වැරැද්දට පන්ති භේදයකින් තොරව අදාළ අයට දඩුවම් දිය යුතුය.. කෝවිඩ් නොමැති කාලයකදී රටේ සහල් අතිරික්තයක් තිබිය දී ඒ ගැන විධිමත් ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවී ගුල්ලන් සහිත පරිභෝජනයට නුසුදුසු සහල් මෙරටට ආනයනයක් සිදුවීම සම්බන්ධයෙන් වර්තමාන කැබිනට් මණ්ඩලය ද දඩුවම් විදිය යුතුමය...
මුන් දෙන්නාත් ගානක් ගහගන්න ඇති
මේ දෙන්නා ගාවට ගිහින් ප්‍රකාශ ගන්න මුන් අලි ලොකු සීන් එකේ.... මුන්ට වාහන ආරක්ෂකයෝ මහජන මුදලින් දීලා තියෙන්නේ ඔක්කොම
ඇයි ගෙදරට ගිහින් ප්‍රකාශ ගන්නෙ. අනිත් මිනිස්සුන්ගෙන් ප්‍රකාශ සටහන්කරගන්නෙත් ගෙදරට ගිහින්ද?.
සාමූහික වගකීමට මොනවා වෙයිද?
ඔන්න කරන පළමු වැරැද්ද , ඇමරිකාවේ වත් හොරු රාජ්‍යය නිලධාරීන් ලගට ගෙන්වා ගන්නවා විනා. හොරු ලගට ගියේ නැත. මෙතන තමා අපිට අනුර ජනාධ්පති තුමාගේ නියෝජනයේ පොඩි වරදක්.මෙහෙම ගියොත් මහත්තයෝ මේකට සාධාරණය වන්නේ නැත .
දැන් NPP ආණ්ඩුවත් ලොක්කෝ ළඟටම යනවාද කියලා ප්‍රකාශයක් දෙන්න. අද ඔහොම කලාම කොහොමද ස්ටේජ් වල කියපු කතා?
මේ ගොල්ල දැන් සාමාන්‍ය මිනිස්සු කට උත්තර ගන්න CID එක ගෙදරට යන්න අවශ්‍ය නැහැ , අනුර ජනාධිපති තුමා මෙතන අවුලක් තිබෙනවා , "ඔක්කොම යාලුවෝ ,ඔක්කොම බොරු කාරයෝ මල්ලි " කියල හිතෙන්නේ මට විතරද ?
සහල් අතිරික්තයක් තිබෙනව නම් සහල් තියෙන්න එපායැ, තියාගෙන මොනව කරන්නද? අනෙක ගුල්ලො ගහපු හාල් ගෙන්වපු පළමුවන වතාවද? ඒක දැනගත්තම ආපහු යැව්වනේද? මතකද ලංකාවෙ තේ වළ කැරපොත්තෙක් හිටිය. තමුන්ල තමයි මේ වෙනසට එරෙහිව ගොන් කතා ගොතන්නෙ.
මුන් සී අයිඩියට එන්න තරම් නිහතමානි නොවන්නෙ සොරකමට අනුබල දුන් බැවින් සහ තියෙන මහන්තත්වයට නොගැලපෙන නිසාය. වහාම කුදලගෙන අත්අඩංගුවට ගන්න.සාමාන්‍ය අයට කරනව වගේ
මාසයක් දෙකක් ඇතුලත දාලා ගත්තොත් හොඳයි නේද
"නිතිය කාටත් එකයි ", මේ ජනදිපතිගේ කටින් පිටවුනු වචනයි , එහෙනම් ගෙවල් වලට ගිහින් ප්‍රකාශ ලබාගන්න මේ මහල්ලන් දෙන්නට දෙපා අහිමිද
සී.අයි.ඩී එකේ මහත්වරුන් මීට පස්සෙ ගමේ හරමානිස් අයියාගේ ගෙදරටත් යා යුතුයි, කට උත්තරයක් ගන්න උනොත් එහෙම.
මීට වඩා බරපතළයි අගමැතිනිය, කතානායක ඇතුළු පිරිස සමස්ත ජාතියක් ව්‍යාජ උපාධීන් වලින් රවටමින් බලයට පැමිනීම.
මිනිස්සු මැරුණාට මොකද නේද ඊට වඩා උපාධිය ගැන හොයන එක වටිනවා නේද?
ඕනෑම රෝහලක අනිවාර්යයෙන් තිබිය යුතු බෙහෙත් ලැයිස්තුවක් තියෙන්න ඕන, ඒවා නැත්නම් බෙහෙත් හිඟයි තමයි. ඒක උග්‍ර හිඟයක්. රටේ ඒ කාලේ බේත් කොහොමද තිබ්බේ කියලා මිනිස්සු දන්නවා. අපරාදේ කවුරු හරි ලොක්කො ටිකක් පත් කරලා මාස ගාණක ලොකු අධ්‍යයනයක් කරලා බේත් හිඟයක් තියෙනවා කියලා සනාථ කර ගන්න තිබ්බේ.
එතකොට හොර බෙහෙත් වලින් මිනිස්සු මැරුණා ඇස් අන්ධ වුණා.. ඒවා ඔයාට සාමාන්‍ය දේවල්ද? පුන්නක්කු කෑවාට කමක් නෑ. ප්‍රසිද්ධියේ උම්බෑ ගාන්න එපා.
අන් කිසිවකට පෙර, මේ දෙදෙනා අධිකරණ නියෝග ප්‍රසිද්ධියේ කඩකළ නිසා අධිකරණ තීන්දුවලට අනුව දඬුවම් ලැබිය යුතුයි...
ආරක්ෂක ඇමැතිතුමනි, පොලිසිය බාර ඇමැතිතුමනි, මොන මගුලකටද මේ හොරු දෙන්නා ගාවට නිලධාරින් යවලා ප්‍රකාශ සටහන් කරගන්නේ? ඇයි මොවුන් තවමත් හිතාගෙන ඉන්නවද ඔවුන් නීතියටත් වඩා උඩින් ඉන්නේ කියලා? ගරු ජනාධිපතිතුමාගේ අවධානය පිණිසයි !!!
ගරු ජනාධිපතිතුමනි, මේ පට්ට හොරු දෙන්නා "දෙවිවරුද" ? ඔවුන් ගාවට පොලිසියේ නිලධාරින් යවන්නේ කටඋත්තරයක් සටහන් කරගන්න... ඇයි ඔවුන්ගේ කකුල් කැඩිලාද? පොලිසියයි දිනයක් නියම කළ යුත්තේ !!! නැතුව ඔවුන්ට ඕන ඕන දවස්වලට නොවෙයි. එහෙම නැතිනම් රටේ සියලුම ජනතාවට ගැලපෙන ආකාරයට මෙය නීතියක් කරන්න. එතකොට පැමිණිලි සටහන් කරන්නේ චූදිතයාගේ ගෙදර? පොලිසියේ තවමත් රාජපක්ෂලාට වන්දනාමාන කරපු හොරු ඉන්නවද? යහපාලන කාලේ ශිරන්තිගෙන් ප්‍රකාශයක් ගන්න පොලිස් නිලධාරීන් ගෙදරට යවපු සිද්ධිය අපි තදින්ම විවේචනයකලා මට මතකයි. මේ රටේ ජනතාව විමසිල්ලෙන් ..