
(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකුට අයත් බව කියන රුපියල් කෝටි හතර හමාරකට වඩා වටිනාකමකින් යුත් සුඛෝපභෝගි වාහන තුනක් අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත .
පානදුර පින්වත්ත ප්‍රදේශයේ පිහිටි හිටපු අමාත්‍ය වරයාට අයත් බව කියන නිවසේ තිබී ව්දෙස් රටක සන්නද්ධ හමුදාවක භාවිතා කර ඇති බවට සැකකරන හමුදා ජීප් රථයකට සමාන ජිප් රථයක් පළමුව පොලිස් භාරයට ගෙන තිබේ.
එහිදී අණාවරණය වූ තොරතුරු මත තවත් සුඛෝපභෝගි ජීප් රථ දෙකක් රත්මලාන දුම්රිය ස්ථානය ආසන්නයේ තිබී භාරයට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
අත්අඩංගුවට ගෙන ඇති ජීප් රථ නීති විරෝධීව මෙරටට ගෙන්වා එකලස් කර රාජ්‍ය ආයතන වලින් ගර්භිත කරන ලද අංක යටතේ මෙම වාහන ලියාපදිංචි කර ඇති බවටද තොරතුරු ලැබී ඇති බවද සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි නම කියන්න අමාරු.....
කවුරුවත් තවම කෙදිරිගානවා නම් ඇහුණේ නෑ
නම පෙරේරා කෙනෙක් අමල් දැයි හිතෙනව. මෙන්න මේව අහුවෙන නිසා තමයි මේ රජයට දසතින් අවලාද නගන්නෙ. ඒක නිසා මේවට හවුල් නැති අය මුන්වෙනුවෙන් පෙනී ඉන්න එපා
නම කියන්න මේ තරම් බය නම් පරීක්ෂා කරන්න කොයි තරම් බය වෙයිද .නව රජය