
(ගයාන් සූරිය ආරච්චි)
බීමතින් ජංගම සංචාර රාජකාරියේ යෙදුණු බව කියන පොලිස් සැරයන්වරයෙකු ඊයේ (1) අත්අඩංගුවට ගත් බව අගුලාන පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අගුලාන පොලිසියට අනුයුක්තව රාජකාරි කළ 51 හැවිරිදි පොලිස් සැරයන් වරයෙකි.
මෙම නිලධාරියා තවත් නිලධාරින් දෙදෙනකුු බාරව පොලිස් තිරෝද රථය සමග රාත්‍රී ජංගම සංචාරය රාජකාරිය සඳහා ඊයේ (1) රාත්‍රියේ යොදවා ඇත.
අනතුරුව එම තිරෝද රථය පොලිස් ස්ථානය ඉදිරිපිට නවතා තිබියදී අගුලාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට නිරීක්‍ෂණය වීමෙන්පසු ස්ථානාධිපතිවරයා තිරෝද රථය පරීක්ෂා කිරීමේදී සැකකාර සරයන්වරයා බීමතින් තිරෝද රථය තුළ වැතිරී සිට ඇති අතර ඔහුගේ නිල ඇඳුමේ සාක්කුවේ ඉතිරි වූ මත්පැන් සමග කාලේ බෝතලයක් තිබී හමුවී ඇති බව පොලිසිය පවසයි.
ඒ අනුව නිලධාරීන් තිදෙනාම ලුණාව රෝහලේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොලිස් සරයන්වරයා බීමතින් සිට ඇති බවට වාර්තා වී ඇත.
ඒ අනුව බීමතින් රාජකාරී කිරීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගනු ලැබීය.
අගුලාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
2025 දෙසැම්බර් මස 18
574
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සූර්වී රාජකාරී කළ සැරයන් අත්අඩංගුවට