
(ආර්ය රත්න රණබාහු)
මෙරට නිෂ්පාදනය කරන ටයරයක මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට ටයර් නිෂ්පාදකයින්ගේ සංගමයවෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට ඊයේ (31) සිය එකඟතාවය පළ කළහ.
අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වෙළඳ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹුණු අතර එහිදී එම නිෂ්පාදකයින් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ දැනට ආනයනය කරන ටයර් යම් සීමාවකට යටත් කළ යුතු බවය.
දේශීයව නිෂ්පාදනය කරන ටයර් රට තුළ තිබියදී පිටරටින් ඒ වා ගෙන්වීම මගින් විදේශ විනිමය පිටරට ට ඇදී යන බව පෙන්වා දුන් ඔවුහු එම ධනය ඉතුරු කර ගැනීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙසද ඉල්ලා සිටියහ.
දේශීය ටයර් නිෂ්පාදකයා නගා සිටුවිමටත් පාරිභෝගිකයින් වෙත සහනදායි මිලකට නියමිත ප්‍රමිතියෙන් යුතු දේශීය ටයර් ලබාදීම අරමුණු කොට දේශීය ටයර් නිෂ්පාදකයින්ගේ සංගමය අමාත්‍යවරයා හා මෙම සාකච්ඡාව සංවිධානය කර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
577
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශීය ටයර් මිල අඩු වෙන හැඩ
Ruwan Thursday, 02 January 2025 10:13 AM
දේශීය නිෂ්පාදකයින් මුලින්ම ගුණාත්මකභාවය වැඩිදියුණු කළ යුතුය.
දිමුත් Thursday, 02 January 2025 04:35 PM
හාල් මිල වගේ වෙයිද දන්නැහැ..?