අතුරු සම්මත ගිණුම කෝටි 260000 යි ලබන වසරේ මුල් මාස හතර සඳහා රජයේ කාර්යන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යෑම සඳහා රුපියල් කෝටි 260,000 ක් අනුමත කරගැනීම සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට අද (5) ඉදිරිපත් කෙරිණ. 05 December 2024
ලූණු කිලෝවක මිල 500 පනී ඉන්දීය ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 500 ත් 550 ත් අතර මිලක් දක්වාත්, පොල් ගෙඩියක මිල රුපියල් 180 ත් 230 ත් අතර මිලක් දක්වාත් මිල අද (5) පස්වරුව වන විට ඉහළ ගොස් තිබූ බව පාරිභෝගිකයෝ පවසති. 05 December 2024
ප්‍රමිතියක් නැති ජල බෝතල් 3000ක් මාවනැල්ලෙන් අල්ලයි මාවනැල්ල, හෙන්මාතගම ප්‍රදේශයේ ආයතනක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කළ ලියාපදිංචි සහතිකය කල්ඉකුත්ව තිබියදී, එම තොරතුරු ව්‍යාජ ලෙස යොදාගනිමින් පානීය ජල බෝතල් නිෂ්පාදනය කරමින් තිබියදී ජල බෝතල් විශාල තොගයක් භාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය පැවසීය. 05 December 2024
සුරා බලපත් දීමේදී හරි ක්‍රමය අනුගමනය කරන්න සුරාබදු බලපත්‍ර ලබාදීමේ දී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 05 December 2024
ආනයනික සහල් පැය 4කින් නිදහස් කරනවා ආනයනික සහල් වරායට ළගාවී පැය 4 ක් තුළ නිදහස් කිරීමට කටයුතු කරන බවත් ආනයනය කළ හැකි සහල් වර්ගයක් නම් කර තිබේ නම් එය ද පරීක්ෂා කරන බවත් ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද (5) පැවසීය. 05 December 2024
රත්වත්තේ යුවළට ඇප පුරා මාසයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රත්වත්තේ යුවල අද (5) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙදෙනාටම රුපියල් 25000 බැගින් වු මුදල් ඇපයක් මත සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් රුවිණි ජයවර්ධන මහත්මිය නියෝග කළාය. 05 December 2024
දේශපාලන ඇයි හොඳයිවලට ආයෝජන අවස්ථා දෙන්නේ නෑ නව ආයෝජන අවස්ථා ලබා දීමේදී දේශපාලන හිතවත්කම් මත අවස්ථා ලබා දීම ආදී කිසිඳු ආකාරයේ දේශපාලන බලපෑමක් මින් ඉදිරියට සිදු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 05 December 2024
ඔක්ස්ෆර්ඩ් ඉතිහාසය වසර 105කට පසු වෙනස් කරයි එංගලනතයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය වසර 105කට පසුව ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවකට එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යභාවය ලබා දී ඇත. 05 December 2024
රනිල්ගෙ ගානම අනුරට එන හැටි කියයි ලෝක ආහාර වැඩසටහන මගින් ජනාධිපති ලේකම් කාර්යාලයට දුන් ඩොලර් මිලියන 1300 ක් ද ජනාධිපති වැය ශීර්ෂයට ඇතුළත් වී ඇතැයි ද ඒ සියල්ල එකතු වූ විට රනිල්ගේ වැය ශීර්ෂයට සමාන වී ඇතැයිද පත් කළ මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය (ජාජබ) පාර්ලිමේන්තුවේදී කීවාය. 05 December 2024
පෙම් සබඳතාව නැවතුවැයි පෙම්වතියට පොල්ලෙන් ගහලා ප්‍රේම සම්බන්ධතාවය නවතා දැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමකදී පෙම්වතා විසින් පෙම්වතියගේ හිසට පොල්ලකින් අද (05) පහර දීමෙන් අනතුරුව පෙම්වතිය රෝහල් ගත කිරීමේදී මිය ගොස් ඇතැයි සිරිපාගම පොලිසිය පවසයි. 05 December 2024
වගා වනසන සතුන්ට ගොවි බිමේදී ඕන දෙයක් කරන්න තමන්ගේ වගාවට හානි කරන සතුන් සම්බන්ධයෙන් ගොවි බිමේදී ඕනෑම ක්‍රියාවක් කිරීමට ගොවීන්ට නීති බාධාවක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 December 2024
විදුලි බිල අඩු කරන යෝජනා මහජන කොමිසමට හෙට විදුලි බිල අඩු කිරීමේ සංශෝධිත යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට හෙට (06) ඉදිරිපත් කරන බව ලංකා විදුලිබල මණ්ඩය පවසයි 05 December 2024
දෙමෝදර බිංගෙයේ අභිරහස් මළ සිරුරක් උඩරට දුම්රිය මාර්ගයේ ඓතිහාසික දෙමෝදර අංක 42 දුම්රිය බිංගෙය තුල තිබූ අභිරහස් ලෙස මියගිය තරුණයකු ගේ මළසිරුරක් අද (5) සොයාගත් බව ඇල්ල පොලිසිය පවසයි . 05 December 2024
ආහාර විස වී ඇගලුම් සේවක සේවිකාවන් 50ක් රෝහලේ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කළාපයේ ඇගලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 50 දෙනෙකු පමණ , කම්හල මගින් ලබා දුන් උදෑසන ආහාර අනුභව කිරීමෙන් පසුව , අද (05) දින උදෑසන 09.00 පමණ සිට රෝගාතුර වීම නිසා මීගමුව මහ රෝහල වෙත ප්‍රතිකාර සදහා ඇතුළත් කර තිබේ . 05 December 2024
බාර් ලයිෂන් දෙන්න නිර්දේශ කළ අයගේ නම් කියන්න මත්පැන් බලපත් ලබා ගත් අයගේ නාම ලේඛනය මෙන්ම ඒවා ලබාදෙන්නට නිර්දේශ කළ දේශපාලනඥයන්ගේ නම් ද ඉදිරිපත් කරන්නැයි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 December 2024
රනිල්ගේ ගානම අනුරත් වෙන් කරගෙන 2024 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා ජනාධිපති වැය ශීර්ෂයට රනිල් වෙන්කර කරගත් මුදලම 2025 ජනවාරි සිට අප්‍රේල් දක්වා අනුර දිසානායක ජනාධිපතිවරයාත් වෙන් කරගෙන තිබෙන බව කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා:-(සජබ) මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 December 2024
ලක්ෂ 60 ක දේපල සොරා ගත් සංචාරක මඟපෙන්වන්නෙකු අල්ලයි භාෂා 7 ක හසල දැනුමක් ඇති සංචාරක මඟ පෙන්වන්නෙකු රුපියල් ලක්ෂ 60 කට අධික සොරාගත් දේපළ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි 05 December 2024
ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා එයි ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා අද (05 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය . 05 December 2024
කඩ සුද්දෙක් මාට්ටු දිවා කාලයේ දිවයිනේ විවිධ නගරවල සැරිසරා සොරා ගැනීමට සුදුසු වෙළඳසැල් පිළිබඳව සොයා රාත්‍රී කාලයේදී පැමිණ වෙළඳසල්වල අගුල් කඩා මහාපරිමාණයෙන් සොරා ගැනීම් සිදු කළ බව කියන තිදෙනකුගෙන් යුත් කොල්ල කල්ලියක් අත් අඩංගුවට ගත් බව යක්කල පොලිස් අපරාධ විමර්ශන අංශ නිලධාරීන් සමත්ව ඇත. 05 December 2024
රක්වානේ ගිනි අවි කම්හලක් වටලයි නීති විරෝධී ලෙස ගිනි අවි නිෂ්පාදන කම්හලක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයකු ගිනිඅවි නිෂ්පාදන සැකිලි කොටස් සහ ගිනි අවි කොටස් සමඟ රවක්වාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 05 December 2024
රේණුක පෙරේරා අත්අඩංගුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගන්නා ලද බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. 05 December 2024
හන්තානේ අතරමං වූ සිසුහු 10ක් බේරා ගැනෙති කොළඹ සහ කිරිබත්ගොඩ ප්‍රදේශයෙන් පැමිණි පාසල් සිසුන් පිරිසක් හන්තාන කන්ද තරණය කරමින් සිටියදී ඔවුන් එහි අතරමංව සිටින බව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම්දීමකින් අනතුරුව පොලිසිය සහ යුද හමුදාව එක්ව මහත් පරිශ්‍රමයක් දරා ඔවුන් බේරා ගත් බව පොලිසිය කියයි. 05 December 2024
සහල් මෙට්‍රික් ටොන් 30000 ක් ඇනවුම් කරයි සහල් හිගයට කඩිනම් විසඳුමක් ලෙස පිටකොටුව ආනයනකරුවෝ සහල් මෙට්‍රික් ටොන් 25000 ත් 30000 ක් අතර ප්‍රමාණයක් ඉන්දියාවෙන් ඇණවුම් කර ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ආනයනයකරුවන්ගේ සංගමය පවසයි. 05 December 2024
පළාත් කීපයකට අද සවස වැසි උතුරු සහ නැගෙනහිර පළාත්වත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 December 2024
සහල් දැඩි හිඟයක් මෙරට ජනතාව බහුලව පරිභෝජනය කරන සහල් වර්ග දෙක වන නාඩු සහ කැකුළු සහල් ඇතුළුව සියලුම සහල් වර්ගවල දැඩි හිඟයක් පවතින බව පාරිභෝගිකයන් සහ වෙළෙන්දෝ පවසති. 05 December 2024
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ඇමති පෝල්රාජ් අමාත්‍ය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය ලෙස තේරීපත් වූවාය. 04 December 2024
පාර්ලිමේන්තුවේ තුන්වන මහලේ හටගත් ගින්න නිමා දමයි පාර්ලිමේන්තු සංකීර්ණයේ තුන්වැනි මහලේ වායු සමීකරණ පද්ධතියේ ඇති වූ සුළු ගින්නක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් ක්ෂණිකව අද(04) පෙරවරුවේ නිවා දමනු ලැබීය. 04 December 2024
බඩු මිල වැඩිද? පාරිභෝගික අධිකාරිය කියන කතාව වෙළෙදපොළේ කිසියම් භාණ්ඩයක හිගයක් පවතින අවස්ථාවලදී ඊට විකල්ප භාණ්ඩ මිලදී ගැනීම ඉතා වැදගත් වන බව පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවැසීය. 04 December 2024
ජනපති-ඉලංගෙයි තමිල් අරසු කච්චි හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 04 December 2024
මෙන්ඩිස් සමාගමේ බලපත අහෝසියි රුපියල් කෝටි පන්සිය හැත්තෑවක බදු නොගෙවා පැහැර හරින ලදැයි කියන සිද්ධියක් හේතුවෙන් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 04 December 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026