
( කටුනායක ටී.කේ.ජී.කපිල)
කටුනායක නිදහස් වෙළෙද කළාපයේ තුළ පවත්වාගෙන ගිය නෙක්ස්ට් ( NEXT ) ඇගලුම් නිෂ්පාදන කර්මාන්තශාලාව අද දින සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබේ .
1978 වසරේ සිට ආරම්භ කර ඇති මෙම කර්මාන්තශාලාව එංගලන්තයේ ආයෝජන ව්‍යාපෘතියක් වන අතර , එහි නිෂ්පාදිත ඇගලුම් ලන්ඩන් නුවර වෙත අපනයනය කළ බව එහි සේවකයෝ පවසති . සේවක සේවිකාවන් 2,000 ක් පමණ සේවය කර ඇත.
වර්තමානයෙහි ශ්‍රී ලංකාවේ පවතින නිෂ්පාදන පිරිවැය තවදුරටත් දරා ගැනීමට නොහැකි නිසා මෙම කර්මාන්තශාලාව වසා දැමීමට තීරණය කළ බව පාලනාධිකාරය සේවකයන් වෙත නිකුත් කර ඇති ලේඛනයක සදහන් වේ .
මේ වනවිට කර්මාන්ත ශාලාව ඉබි යතුරු දමා වසා දමා ඇති අතර ආරක්ෂක නිලධාරීන් පමණක් එහි රැදී සිටින අතර , කර්මාන්ත ශාලාව තුළ කිසිදු වගකිවයුතු නිලධාරීවරයකු නොමැති බව ද එම ආරක්ෂක නිලධාරීන් පැවසූහ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ බැරි මූසල ආණ්ඩුවක් පවතින කිසිම රටක ආයෝජකයෝ රැඳෙන්නේ නෑ. යුද්ධ, කෝවිඩ් තියෙන කාලවලදීවත් මෙහෙම වෙලා නෑ.
ඔතන මාලිමාවට ඡන්දෙ දුන්න කීදෙනෙක් ඇද්ද. ඕකට තමයි පුනුරුදය කියන්නේ. සේදුම් බළකාය එන්න සෝදන්න.
තඹුත්තේගම ගං ගොඩයෙක් ගෙනත් කරගත්තු හරියක්..
රජයෙන් අවම වැටුප ඉහළ දැමීම මේක වහන්න හේතුව වෙන්න පුළුවන්...
කර්මාන්ත සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය වලට අධික ලෙස තීරුබදු ගැසීම , අපි පිටරටවලින් ආනයනය කරන භාණ්ඩ වලට අධික ලෙස තීරුබදු ගසන නිසා , එම රටවල් වලින් අපේ රටින් යවන භාණ්ඩවලට අනාගතයේදී අධික ලෙස තීරු බදු ගසාවි යන බිය සහ සේවක අවම වැටුප වැඩි කිරීම නිසා EPF / ETF ගාස්තු වැඩිවීමත් මේකට බලපාන්න පුළුවන් අනාගතේදී තව දුරටත් කර්මාන්තශාලා වසෙන්න පුළුවන් , අපි එකට සුදානම් වෙන්න ඕනේ.
විවිධාකාර බදු වර්ග ,කර්මාන්ත පවත්වාගෙන යාමට රජයේ විවිධ ආයතනවලින් විවිධාකාර බලපත්‍ර ලබාගැනීමට , බලපත්‍ර ගාස්තු , අල්ලස් සහ වෙනත් වියදම් වැඩිවීම සහ මේ සදහා විශාල කාලයක් රජයේ කාර්යාල වල රස්තියාදු වීමට සිදු වීම , වැටුප් පිරිවැය වැඩි වීම මේ සදහා බලපාන්න පුළුවන්.
ඔන්න මාලිමා ආණ්ඩුවේ ප්‍රතිඵල. ට්‍රම්ප් මහතාගේ බදු මේකට අදාළ නැහැ, මේ අපනයන යවන්නේ යුරෝපයට.
දන්නා නොදන්නා අය මේක ඇමරිකාවේ ඇඳුම් මහණ තැනක් ඒ අය කොන්ත්‍රාත්තුව අලුත් කරලා නෑ. ඊට වඩා ගුණාත්මක බවින් ඉහළයි ඉතියෝපියාවේ. ඒකයි ඒ අය මේ ආයෝජන නැවැත්තුවේ. මේක ආර්ථික බංකොලොත් වුණු දවස්වල ඉඳන්ම අයින් වෙන්න හැදුවා. ගෝඨාභය බැසිල් තමයි වගකියන්න ඕනේ...