ලබන වසරේ ’’සංචාරකයින්ගෙන්’’ ඩොලර් බිලියන 5ක් හොයන්න යයි ලබන වසරේදී සංචාරක පැමිණීම මිලියන තුන දක්වා වැඩි කරගන්න සැලසුම් කර තිබෙන අතර ඒ හරහා ඩොලර් බිලියන පහක ආදායමක් අපේක්ෂා කරන බවසංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 December 2024
සරසවි ගජ මිතුරන් ලේකම්වරු කරලා මේ ආණ්ඩුවේ ගජ මිතුරු දේශපාලනය නෑ කිව්වාට කැලණිය සරසවියේ,ජපුර සරසවියේ මිතුරන් ලේකම්වරු බවට පත්කර තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා:-(සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 December 2024
ජාතිවාදය ආගම් වාදය හදන මාධ්‍ය නිදහසට ඉඩ දෙන්නේ නෑ උතුරේ සැමරුම් උත්සව 244 ක් පැවැති බවත් ඉන් දහයක යම් සංකේත ප්‍රදර්ශනය කර තිබූ බවත් පොලිසිය වාර්තා කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 04 December 2024
මෝටර් රිය දුම්රියේ ගැටී එකම පවුලේ 4ක් රෝහලේ මාගාල්ල ශ්‍රි සුධර්මාරාම විහාරස්ථානය අසල දුම්රිය හරස් මාර්ගයේ දි ගාල්ල සිට බෙලිඅත්ත බලාධාවනය වෙමින් තිබු දුම්රියක කාර්රථයක් ගැටිමෙන් කාර්රථයේ ගමන්ගත් එකම පවුලේ සිව් දෙනෙකු සුළු තුවාල ලබා කරාපිටිය ජාතික රෝහලට ඇතුලත්කොට ඇති බැව් කරාපිටිය රෝහල් පොලිසිය පවසයි. 04 December 2024
කාලගුණයේ නිල වෙබ් අඩවිය හැක් කරලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙඩි අඩවිය යළිත් හැක් කිරීමකට ලක්වී තිබේ. 04 December 2024
නිධානයකින් ගත්බව කියන පිළිමයක් සමඟ අයෙක් අල්ලයි නිධානයකින් ගොඩ ගන්නා ලද බවට සැකකරන බුදු පිළිමයක් සමඟ පුද්ගලයකු රත්ගම විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. 04 December 2024
එළවලු ලොරි පෙරැළි අධිවේගය අවහිර වෙයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලි පැන්න පිවිසුම සහ කුරුඳුගහ හැතැක්ම පිවිසුම අතර කිලෝමීටර් 53 දශම 3 දි අද (4) අලුයම එලවලු පටවා ගත් ලොරි දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුර හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී පැයකට ආසන්න කාලයක් මාර්ගය තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි. 04 December 2024
ලියුම් බෙදන්නා හෙරොයින් සමඟ මාට්ටු කොටහේන ප්‍රධාන කාර්යාලයේ ලියුම් බෙදන්නා රුපියල් ලක්ෂ 20කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. 04 December 2024
දවසේ කාලගුණය උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 December 2024
ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නැවේ තොරතුරු හිතා මතා මකලා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තොරතුරු ඇතුළත් ඊමේල් පද්ධතිය හිතා මතා මකා දමා ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳ විශේෂඥ වාර්තාව ලබා ගැනීමට තවත් මාස තුනක් කල් ගතවන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා හමුවේ කරුණු දක්වමින් අද (03) පැවසීය. 03 December 2024
දකුණු කොරියාවට හමදා නීතිය පනවයි දකුණු කොරියාවට හදිසි හමුදා නීතිය පනවන බව ජනාධිපති යුන් සුක් යෝල් රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් අද ප්‍රකාශ කළේය. 03 December 2024
මඩොල්සිම පාරට ගල් කුට්ටියක් පාත් වෙයි මඩොල්සිම ඇකිරිය ප්‍රධාන මාර්ගයේ බටාවත්ත කුරුවිගොල්ල සංජීව් දේවස්ථානය අසල දි අද (03) රාත්‍රි මීට සුලු මොහොතකට පෙර වර්ශාව නොමැතිව විශාල ගල්පර්වතයක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ට බාධා සිදුව ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි . 03 December 2024
වෙන්නප්පුවේ ගමක් තෙමසක් තිස්සේ යටවෙලා අධික වැසි පවතින කාළවලදි වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කොළින්ජාඩිය රන්දියගම ජනපදයට එක්රැස් වන වැසි ජලය මාස තුනක් තිස්සේ බැස නොයාම හේතුවෙන් පවුල් 60 ක පමණ ජනතාවක් දැඩි පිඩාවට පත්වි සිටිති. 03 December 2024
සෙල්ෆි ගන්න ගිහින් විදෙස් කත කෝච්චියෙන් වැටිලා ඇල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ගත් ඇල්ල ඔඩිසි සංචාරක දුම්රියේ ගමන් ගත් ඉරාන ජාතික විදේශික සංචාරක කාන්තාවක සෙල්ෆි ජායාරූප ගැනිමට යාමෙදි ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර අංක 20 දුම්රිය බිංගෙයි ගැටී දුම්රියේ න් ඇද වැටී බරපතළ තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය පවසයි . 03 December 2024
’අස්වැසුම’ එකවරක් අයදුම් කිරීම ප්‍රමාණවත් ’අස්වැසුම’ සුබසාධන ප්රතිලාභ සඳහා මීට පෙර අයදුම්පත් ඉදිරිපත් පුද්ගලයන් නැවත අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් එම වැඩසටහනට මේ දක්වා ඉල්ලුම් නොකළ පවුල් හා තැනැත්තන්ට අයදුම්පත් ඉදිරිපත් කිරීමට මේ මස 9 වැනිදා දක්වා කාලය ලැබෙන බවත් සුභ සාධන ප්රතිලාභ මණ්ඩලයේ සභාපති/කොමසාරිස් ජයන්ත විජේරත්න මහතා පැවසීය. 03 December 2024
ගසක ගෙඩි කෑ මාවනැල්ලේ පාසල් ළමුන් අටක් රෝහලේ මාවනැල්ල මහාවිද්යාලයක භුමියේ වගාකාර ඇති ආදර්ශ ඖෂධ උයනේ ඖෂධ ශාඛයක ගෙඩි කෑ බව කියන සිසුන් අටදෙනෙක් වමනේ යෑම සහ බඩඑළියේ යෑම හේතුවෙන් අද (03) පස්වරුවේදි මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතිබව රෝහල ආරචිමාර්ග සඳහන් කරයි. 03 December 2024
මං කාටවත් ගැහුවේ නෑ තමා කාටවත් පහර දුන්නේ නැතැයි කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා (සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 December 2024
සුජිත් කියලා කෙනෙක් මට ගැහුවා සුජිත් කියලා කෙනෙක් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී තමාට පහර දුන්නා යැයි යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 December 2024
ඊ - පාස්පෝට් ඇණවුම ගැන සොයයයි ආගමන විගමන දෙපාර්තමේන්තුවට විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර (ඊ-විදේශ ගමන් බලපත්‍ර) ලක්ෂ 50ක් මිලදී ගැනීම සඳහා පසුගිය පාලන සමයේ ටෙන්ඩරය පිරිනමා තිබෙන ආකාරය පිළිබඳව ජාතික ප්‍රසම්පාදන කමිටුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (02) දැනුම් දුන්නේය. 03 December 2024
මාර්ග හැදූ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන සල්ලි ගන්න පරිපූරකයක් ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ වන මාර්ග ව්‍යාපෘති වලට 2024 වර්ෂය සඳහා පරිපූරක අයවැය ප්‍රතිපාදන ඉල්ලීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 December 2024
වරප්‍රසාද කපන හැටි අධ්‍යයනය කරනවා මැති ඇමතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සීමා කිරීමට අදාලව පත් කරන ලද කේ. ටී. චිත්රසිරි කමිටු වාර්තාව අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (3) පැවසීය. 03 December 2024
පුංචි ඡන්දෙ නාම යෝජනා නැවත කැඳවන්න නීති හදයි 2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා ආපසු කැඳවීම සහ නව නාමයෝජනා කැඳවීම සඳහා විධිවිධාන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 December 2024
ලක්ෂ 10ක කොල්ලු කැලණියෙන් අල්ලයි ඇසුරුම් කළ දිනය සහ භාවිත කළ යුතු කාල සීමාවක් යන කිසිදු තොරතුරක් නොමැතිව රුපියල් ලක්ෂ 10 කට අධික වටිනාකමකින් යුත් කොල්ලු ටොන් තුනක් හෙවත් කිලෝග්‍රෑම් 3,000 ක පමණ තොගයක් කැලණිය ප්‍රදේශයේ ගබඩාවක තිබී භාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය. 03 December 2024
ලිට්රෝ ගෑස් මිල වෙනස් නොවේ ලිට්රෝ ගෑස් මිල සූත්‍රයට අනුව නොවැම්බර් මස ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා අද (3) පැවසීය. 03 December 2024
ආනයන බලපත්‍ර නොගෙන හාල් රටින් ගේන්න අවසර දෙයි ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව සහල් ආනයනය කිරීම පිණිස අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 03 December 2024
විපක්ෂ නායක ලේකම් පත් කරයි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුර සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරි එම්. ජී. සී. එස්. රණසිංහ මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 December 2024
අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ගේන්න කැබිනට් අනුමැතිය අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 December 2024
අස්වැසුම ලැබෙන අයට අස්වැසුමක් අස්වැසුම සුබ සාධක ගෙවීම් යෝජනා ක්‍රමය සඳහා සංශෝධන හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 December 2024
රාජකීය සිසුවා රූබික්වලින් ලෝක වාර්තාවක් තියයි රූබික් කියුබ් 1200 ක් භාවිතා කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව නිර්මාණය කොට ’’ චෝලන් ’’ ලෝක වාර්තාවක් තැබීමට වයස අවුරුදු 11දරුවකු සමත්විය. 03 December 2024
රජ්‍ය ආයතන වල සැප වාහන ඉවත් කරන්න කැබිනට් අනුමැතිය රාජ්‍ය ආයතන වලට විශාල වැය බරක් වන අධි සුඛෝපභෝගී වාහන විධිමත් ක්‍රමවේදයකට අනුව අපහරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 December 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026