IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මහින්දානන්ද රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

ව්‍යාධි ජනක කාබනික පොහොර නැවක් ආනයනය  කර රුපියල් කෝටි 130 පාඩුවක් සිදු කළේ යැයි වරෙන්තු ලද හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන විසි හය දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනු ජා ලක්මාලි මහත්මිය අද නියෝග කළාය.

සැකකාර අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසමේ ඉල්ලීම පරිදි  පසුගිය සිකුරාදා දින වරෙන්තුවක් නිකුත් කළ අතර එම වරෙන්තු වූ ප්‍රකාරව අද උදෑසන සැකකරු අධිකරණයට භාරවිය.

සැකකරුගේ  නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් සේවා දායකයාගේ වරෙන්තු ආපසු කැඳවන ලෙස ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් අල්ලස් කොම්ෂමේ කරුණු දැක්වීම සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 26තෙක් ප්‍රක්ෂිතය බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය. 



අදහස් (8)

මහින්දානන්ද රිමාන්ඩ්

බද්රානි Monday, 19 May 2025 01:53 PM

එතකොට, මේ පුද්ගලයින්ගේ බන්ධනාගාර රෝහලේ බිලුත් අපිටද ගෙවන්න වෙන්නේ..? කරුණාකර මේ මුදල් මොවුන්ගෙන් අයකර ගන්නා ලෙස කටයුතු කරන්න... ලංකාවේ සමහරක් හිරේ යන විදිහ දැක්කාම මටත් හිතෙනවා මොනවා හරි වැරැද්දක් කරලා බන්ධනාගාර රෝහල්ගත වෙන්න... ඒත් ඉතින්, අපිට කොහේද නොමිලේ බෙහෙතක් කරගන්න එහෙම චාන්ස් එකක්..?

:       6       42

ගමේ එකාලා Monday, 19 May 2025 01:54 PM

දුශිත පව්ල් පාලන ආණ්ඩුව කාලේ මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා හොඳට ගසා කාපු කෙනෙක්..

:       2       52

කව්ද බෝයි Monday, 19 May 2025 02:46 PM

එතකොට මෙයාගේ සහයට ඩැනී, රාජපක්ෂ ලොකු අයියන්ඩිගේ රාජ්‍ය ඇමැති පුතණ්ඩියා. එයාට අව්ලක් නැද්ද?

:       2       32

fairoos Monday, 19 May 2025 02:58 PM

තව ඉන්නවා රට බංකොළොත් කරපු සෙට් එකේ කට්ටිය...

:       2       34

සිරි Monday, 19 May 2025 03:31 PM

කෝච්චියේ පුරුදු රස්සාව කරගෙන හිටියානම් ඔහොම වෙන්නේ නෑනේ...

:       1       23

NPP Monday, 19 May 2025 04:17 PM

සිරි මේයා කෝචිචීයට සම්බන්ධ නැහැ. එයා කළුතර රත්තරන්. මේයා කුලියාපිටියේ, රක්ෂණ නියෝජිතයේක්. දෙන්නාම අද කෝටිපතියෝ රාජපක්‍ෂ ආණ්‌ඩුවට පින්සිද්ද වෙන්න. මෙයාගේ වත්කම් වල දිග පළල එළියට ආවේ මෙයාගේ නෝනා මහත්මිය මේයාට විරුද්ධ දාපු දික්කසාද නඩුව නිසයි.

:       1       27

සිරිMonday, 19 May 2025 11:51 PM

සමාවෙන්න . බරපතල වරදක් උෙන්. එක ෙගොඩේ ඉන්නෙකාටට තෝරා බේරා ගන්න එක හරි අමාරුයි

:       1       1

පිටිගල මිලානෝ Monday, 19 May 2025 05:45 PM

වැලිකඩ පුංචි පාර්ලිමේන්තුවේ ජය පොහොට්ටුවටයි… ජයවේවා..!

:       1       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site