
(ගයාන් සූරියආරච්චි)
16 වන රණවිරු දින සැමරුමට සමගාමීව යුද හමුදා කොමිෂන් නොලත් නිලධාරීන් සහ නිලධාරිණියන් 10,093 දෙනෙකුට අද (19) දින සිට බලපැවැත්වෙන පරිදි නිළ උසස්වීම් ලබාදී ඇත.
ඒ යුද හමුදාපති ලුතිතන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ නිර්දේශ මතය.
එම උසස්වීම්වලට අනුව බළලත් නිලධාරි II නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 225 දෙනෙකු බළලත් නිලධාරි I නිලයටත්, මාණ්ඩලික සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 816 දෙනෙකු බළලත් නිලධාරි II නිලයටත් උසස් කර ඇත.
එමෙන්ම සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 1191 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයටත්, කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 2302 දෙනෙකු සැරයන් නිලයටත්, ලාන්ස් කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 3468 දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබලුන් 2091 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයටත් උසස්වීම් ලබා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd