IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


හිටපු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරියට නඩු

(මනෝප්‍රිය ගුණසේකර)

නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව වියළි කළාප සංවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ ජනරාල්ධුරයට පුද්ගලයකු පත් කිරීම සහ නීතී්‍යානුකූල නොවන ආකාරයට එහි ව්‍යාපෘති වලට සිය හිතවතුන් පත් කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා පෙළඹවීම මඟින් දඬුවම් ලැබිය යුතු වැරදි කළ බවට චෝදනා කරමින් හිටපු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය සහ වියළි කළාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ චන්දාණී බණ්ඩාර මහත්මියට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද (20) නඩු පැවරීය.

මීට වසර 06කට පෙර එනම් 2019 වසරේ හිටපු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය සහ වියළි කළාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් අල්ලස් පණතේ 70 වැන වගන්තිය යටතේ දැක්වෙන ‘දුෂණය’ නමැති වැරදි කළ බවට විත්තිකාර අමාත්‍යවරියට එරෙහිව චෝදනා 11ක් යටතේ අල්ලස් කොමිසම මෙලෙස නඩු පවරා ඇත.

2019 ජනවාරි 14 වැනිදාත් 2019 ජනවාරි 31 වැනිදාත් අතර කාලය තුළ වියළි කළාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව වියළි කළාප සංවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ ජනරාල්ධුරයට පුද්ගලයකු පත් කිරීම සහ නීතී්‍යානුකූල නොවන ආකාරයට එහි ව්‍යාපෘති වලට සිය හිතවතුන් පත් කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා පෙළඹවන ලදැයි අල්ලස් කොමිසම විත්තිකාරියටට එරෙහිව චෝදනා 11ක් යටතේ නඩු පවරා තිබිණී.

විත්තිකාරිය අල්ලස් පණතේ 70 වැනි වගන්තිය යටතේ දැක්වෙන ‘දුෂණය’ නමැති වැරදි කර ඇතයිද ඒ සම්බන්ධයෙන් ඇය දඬුවම් ලැබිය යුතු යැයිද අල්ලස් කොමිසම වැඩිදුරටත සඳහන් කර ඇත.

හිටපු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය සහ වියළි කළාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ චන්දාණී බණ්ඩාර මහත්මියට එරෙහිව පවරා ඇති නඩුවේ චෝදනා සනාථ කිරීම සඳහා සාක්ෂිකරුවන් 08 දෙනකු සහ නඩු භාණ්ඩ වශයෙන් ලේඛණ 25 ක් ඉදිරිපත් කිරරීට අපේක්‍ෂා කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.



අදහස් (4)

හිටපු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරියට නඩු

fairoos Tuesday, 20 May 2025 07:32 PM

හිටපු අය ඔක්කොම හොරු තමයි.

:       1       18

Joni Wednesday, 21 May 2025 03:02 AM

Fairoos සට්ටැබියා හොඳට වැඩ

:       3       0

Bunny Preena Wednesday, 21 May 2025 09:29 AM

සිද්ධවෙලා තියෙන, සිද්ධකරලා තියෙන සහ සිදුකරන දේවල් ගැන හිතපු විට කවුරුවත් විශ්වාස කරන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ

:       0       2

රුවන් Wednesday, 21 May 2025 11:05 AM

රනිල් සීයා ගාවට ගියා නම් දුක් අහන අයියා විදියට සැනසීමක් ලබා ගන්න පුළුවන්. හැබැයි මෙතැන කමෙන්ට් කරන අයට අනුව චුට්ටක් හොරකම් කරාට පව් නෑලු. හම්බෝ මේ අය සිංගප්පූරුවේ හිටියා නම් එල්ලා මරලා ගොඩක් කල්...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 40 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 467 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 243 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site