
(රෝෂන් තුෂාර)
නීතිඥවරයකු කරන ලද රාජකාරිමය කටයුත්තක් සම්බන්ධයෙන් ප්‍රකාශයත් ලබාදීම සඳහා නීතිඥවරයකු අල්ලස් කොමිසමට කැඳවීම පිළිබඳව ලබන 03 දින අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අල්ලස් කොමිසමට අද නියෝග කළාය.
කොළඹ නීතිඥ සංගමය ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
නීතිඥ සංගමයේ සියලූම නීතිඥවරුන් අධිකරණයේ පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ නීතිඥවරයකු හා සේවා දායකයකු අතර පවතින වරප්‍රසාද සම්බන්ධයෙන් අධිකරණ නියෝගයකින් තොරව තවත් පාර්ශවයකට ප්‍රශ්න කළ නොහැකි බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධයක් කරනු වසන් කිරීමට හැකිවන පරිදි උපදෙස් දීම වරප්‍රසාදයක් ලෙස සලකනවා නම්, ඉතින් එතැන වැරදි කරපු අයට බේරෙන්න පුළුවන්. අන්තිමට යම් අපරාධමය සිද්ධියක් පමණක් වාර්තා වේ, වැරදි කරුවකු හොයා ගන්න බැරිවෙයි . හරියට "operation success patient died" කියා වගේ.