IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ටක්කෙටම අනාවැකි කියන්න ’’කාලගුණේට’’ හයියක් දෙයි

(අංජුල මහික වීරරත්න)

දේශගුණික ඔරොත්තු දීමේ බහු - අදියර වැඩසටහන් ප්‍රවේශ ව්‍යාපෘතිය යටතේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු මූලස්ථානයේ සහ ප්‍රාදේශීය මධ්‍යස්ථාන වල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම පිණිස උපදේශන සමාගමක සේවය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා රජය විසින් 2021 ඔක්තෝබර් මාසයේ සිට ලෝක බැංකුවේ සහාය ඇතිව දේශගුණික ඔරොත්තු දීමේ බහු - අදියර වැඩසටහන් ප්‍රවේශය මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී. 

එය 2030 දක්වා ක්‍රියාත්මක වන වසර 9 ක මුල පිරීමක් වන අතර, එහි පළමු අදියර (2021-2026) ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුව (IBRD) සහ ලෝක බැංකුව වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 92 ක ණය මුදලක් ලබාගෙන තිබේ. 

ඉහළ බලපෑම් සහිත කාලගුණය, ගංවතුර හා නායයෑම් පුරෝකථනය සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති වැඩි දියුණු කිරීම මඟින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු මූලස්ථානයේ සහ ප්‍රාදේශීය මධ්‍යස්ථානවල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම එකී ව්‍යාපෘතියේ පළමු අදියරේ එක් සංරචකයක් වශයෙන් හඳුනාගනු ලැබ ඇත.

 එම සංරචකය ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය උපදේශන සේවා ලබා ගැනීම පිණිස උපදේශක සමාගමක් තෝරා ගැනීම සඳහා තරගකාරී ලංසු කැඳවා ඇත. 

ඒ අනුව, ඉදිරිපත් වී ඇති ලංසු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව එකී උපදේශන සේවාව සැපයීමේ කොන්ත්‍රාත්තුව M/s Green Tech Consultants (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (2)

ටක්කෙටම අනාවැකි කියන්න ’’කාලගුණේට’’ හයියක් දෙයි

Manjula Bogoda Tuesday, 20 May 2025 09:16 PM

කිසිම වැඩකට නැති ආයතනයක්. මහජන මුදල් නිකරුනේ වියදම් වෙනවා.

:       0       1

සාලිය Wednesday, 21 May 2025 07:26 AM

අඩුම ලංසුව උනාට ඔය greentek කියන්නේ දේශපාලන අතක් කියලයි මම අහලා තියෙන්නේ, ඕකුන් හරියට කොරයිද ඕක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site