
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සඳහා තවත් සාමාජික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු නම් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද නිවේදනය කළේය.
2025 මාර්තු 19 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 හි විධිවිධාන පරිදි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා නීතිඥ දයාසිරි ජයසේකර සහ මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරුන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායකවරයා සභාවට දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd