
(අංජුල මහික වීරරත්න)
රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් පවත්වාගෙන යන සුවසහන නිකේතන සඳහා අඩුපාඩුවක්ව පැවැති වාහන 5ක් පිරිනැමීම ජනාධිපති කාර්යාලයට අයත් ශ්‍රාවස්ති පරිශ්‍රයේදී අද (20) පස්වරුවේ සිදු විණි.
රණවිරු සේවා අධිකාරියේ ඉල්ලීමකට අනුව මෙම කාර්ය සිදු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත පිරිනමන ලද මෙම වාහන වලට අදාළ ලිපි ලේඛන ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් රණවිරු සේවා අධිකාරියට බාර දෙන ලද අතර එහිදී ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ රණවිරු සේවා අධිකාරිය වෙනුවෙන් මේජර් එරංග රත්නායක මහතා විසින් එම ලේඛන බාර ගනු ලැබීය.
මෙම වාහන අනුරාධපුරය, කඹුරුපිටිය සහ පාන්ගොල්ල පිහිටි අභිමංසල නිකේතනයන්හි සහ අත්තිඩිය මිහිදු සෙත් මැදුර, රාගම රණවිරු සෙවණ යන සුවසහන නිකේතනයන්හි නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්ෂිත සෙබළුන්ගේ කටයුතු වෙනුවෙන් යෙදවීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.
මෙසේ සුවසහන නිකේතනයන් වෙත බාර දෙනු ලැබුවේ මිට්සුබිෂි මොන්ටෙරෝ ජීප් රථ දෙකක්, නිසාන් පෙට්‍රල් ජීප් රථයක්, ටොයොටා කරීනා මෝටර් රථයක් සහ ටොයොටා හයිලක්ස් රථයකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස්වල ට්‍රැක්ටර් ගිහින් යුද්ද කරපු කොල්ලන්ට එහෙම වාහනයක් දෙන එක හොඳයි.
මේක අදහසක් නමුත් ඇත්තටම මේ වගේ ආයතනයකට දෙන්න ඕන මෙවැනි වාහන නෙවෙයි . අබාධිත සෙබළුන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් දිය යුත්තේ වෑන් , ambulance හා රෝදපුටු වල සිටින අයට පහසුවෙන් ඇතුළුවිය හැකි වාහන . ඒවා අලුතින්ම ආනයනය කර දෙනවා නම් වඩාත් හොඳයි .
මට නම් හිතෙන්නේ අපි ආබාධිත රණවිරුවන්ට සලකෙනවා මදි කියලායි.
කබල් ලදරන් ඇඟේ ගහල, ඔව්වට අපි කියන්නේ හානි පූරණය කියල, ගිය දවස් ටිකේ නාපු නෑම සෝදන්න ඔය මදි වේවි.