මේ ආණ්ඩුව යන්නේ ගිය ආණ්ඩුවේ අඩි පාරේ මේ ආණ්ඩුව යන්නේත් ගිය ආණ්ඩුව ගිය අඩි පාරේම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 December 2024
කුලී ගෙවන රජයේ ආයතන රජයේ ගොඩනැගිලිවලට අධික කුලියක් ගෙවමින් විවිධ ගොඩනැගිලිවල පවත්වාගෙන යන රජයේ ආයතන රජය සතු ගොඩනැගිලි තුළට ගෙන ඒමට රජය තීරණය කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 06 December 2024
යන එන ගමන් ගැන බලන්න ’’යං ලංකා ඇප් එකක් ’’ ජංගම දුරකථනය ඔස්සේ බස් රථයක ආරම්භයේ සිට අවසානය දක්වා සජීවීව සොයා බැලීමට හැකි මෘදුකාංගයක් නිපදවීමට මාතර පදිංචි නිර්මාණකරුවෝ තිදෙනෙක් සමත් වී සිටිති . 06 December 2024
ඝාතන රැසකට යොදාගත් යතුරු පැදි -ත්‍රිරෝද රථ සේදවත්තෙන් සොයාගනී ඝාතන සිද්ධීන් රැසකට යොදාගත් සොරා ගත් යතුරුපැදි සහ තීරෝද රථ තොගයක් සේදවත්ත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සුඛෝභෝගී නිවසක් තුළ සහ තවත් නිවසක් තුළ සඟවා තිබීයදි සොයා ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි . 06 December 2024
චීනයෙන් හමුවූ අද්භූත මානවයා වසර ලක්ෂ ගණනකට පෙර, අග්නිදිග ආසියාවේ ජීවත් වූ නව මානවයකු සොයා ගැනීමට, විද්යාඳායෝ සමත් වී සිටිති. සංකීර්ණ මානව පරිණාම ක්‍රියාවලියේ නව පරිච්ඡේදයක් ලිවීමට මෙම නව මානවයා සමත් වී ඇතැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති. 06 December 2024
සැබෑ නත්තල් සීයාගේ රුව මෙන්න නත්තල සමඟ අපට දකින්න ලැබෙන්නේ නත්තල් සීයාය. ඉංග්‍රීසියෙන් නත්තල් සීයා යනු සැන්ටා ක්ලෝස්ය. සැන්ටා ක්ලෝස් හෙවත් චරිතය නිර්මාණය වී ඇත්තේ සැබෑ බිෂොප්වරයකුගේ චරිතය පාදක කර ගනිමිනි. 06 December 2024
ඩිපෝ මුරකරු ඝාතනය කර ලක්ෂ නවයක් කොල්ලකාලා නුවරඑලිය ලංගම ඩිපෝවේ සේවය කළ මුරකරුවෙකු ඝාතනය කර ඩිපෝව තුල බැංකු ගත කිරිමට තිබු රු ලක්ෂ නවයකට ආසන්න මුදල් කිසියම් පිරිසක් සොරකම් කිරිම සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර ඇත. 06 December 2024
කෝපා සභාපති ධුරය විපක්ෂයට දෙනවා රාජ්‍ය ගිණුම්කාරක සභාවේ (කෝපා)සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට තීරණය කර ඇතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 06 December 2024
නීතීඥ රන්බණ්ඩා අතීත ආවර්ජනය අද ප්‍රවීන ගී පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා ගීත කලාවට කරන ලද මහඟු මෙහෙවර ඇගයීමේ හා ආවර්ජනය කිරීමේ විද්වත් කතිකාව කොළඹ අලුත් කඩේ නීතිඥ සංගම් ශ්‍රවණාගාරයේදී අද (06) සවස 3.00 පැවැත්වේ. 06 December 2024
අනතුරක් කර පළා යමින් සිටි හතරක් අල්ලයි රත්මලාන ප්‍රදේශයේදී යතුරු පැදියක් අනතුරට ලක්කර මෝටර් රථයකින් පලා යමින් සිටි සැකකරුවෝ හතර දෙනෙක් ඊයේ(05) විශේෂ කාර්ය බලකාය සංග්‍රාමික යතුරු පැදි කණ්ඩායමේ නිලධාරීන් විසින් හඹා ගොස් අත් අඩංගුවට ගනු ලැබූහ. 06 December 2024
මුදල් කාරක සභාව පත්කරන දිනය අද කියයි මුදල් කාරක සභාව ඇතුළු පාර්ලිමේන්තු කමිටු පත් කරන දිනය අද හවස තීරණය කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 December 2024
අද සිට පිට පළාත්වල සතොසින් ජනතාවට සහල් -පොල් පිටපළාත්වල ලංකා සතොස අළෙවිසැල් මගින් අද(6) සිට පාරිභෝගිකයන්ට නාඩු සහල් හා පොල් අළෙවි කිරීමට පියවර ගෙන ඇතැයි ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පවසයි. 06 December 2024
පදවියේ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට යතුරු පැදියකින් පැමිණෙන නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් කළ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලද කාන්තාවක පදවිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පදවිය පොලිසිය පවසයි. 06 December 2024
වියදම බිංදුවයි : ප්‍රා:ලේ කාර්යල විවෘත කිරීම චාමෙට මහියංගන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය නව ගොඩනැගිල්ල පසුගියදා දේශපාලඥයන්ගේ සහභාගිත්වයෙන් කිසිදු වියදමකින් තොරව මහා සංඝරත්නයේ සෙත් පිරිත් දේශනා මැද ඉතා චාම් අන්දමින් මහියංගණ ප්‍රාදේශිය ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ මහතාගේ හා ලේකම් කාර්යාලීය නිළධාරීන් ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි. 2017 වසරේ එම නව ගොඩනැගිල්ල සඳහා වැට් රහිත ඇස්තමේන්තු ගත මුදල මිලියන 140කි. 06 December 2024
අදත් සවස තැනින් තැනට වැස්ස උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 December 2024
ජනපති තව අමාත්‍යාංශයක වැඩ බාර ගනී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍ය ධුරයේ අද වැඩ බාර ගත්තේය. 06 December 2024
සිරියා කැරැලිකරුවෝ හාමා නගරය අල්ලති සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා විපක්ෂ ක්‍රියාකාරීන් සහ ඔවුන්ට සහාය දක්වන කැරැලිකරුවන් හාමා නගරය අත්පත් කරගෙන ඇතැයි පැවැසෙයි. මේ වනවිට සිරියාවේ විශාලතම නගරය ලෙස සැලකෙන ඇලෙප්පෝ නගරයේ ද පළාත් කීපයක් ඇත්තේ මෙම කැරැලිකරුවන්ගේ ග්රහණයේය. 06 December 2024
ගිවිසුම්ගත පුනර්ජනනීය ව්‍යාපෘති යළි සමාලෝචනය කරන්න මේ වන විට ගිවිසුම්ගත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කරන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය. 05 December 2024
දෝෂාභියෝගයෙන් පැරදුණු ප්‍රංශ අගමැති ඉල්ලා අස්වේ ප්‍රංශ පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාවෙන් පරාජයට පත්වීමත් සමග එරට අගමැති මයිකල් බාර්නියර් අද උදෑසන ජනාධිපති ඉමානුවෙල් මැක්රොන් එලීසේ මාළිගයේදී මුණගැසී සිය ඉල්ලා අස්වීම බාරදී ඇත. 05 December 2024
මිනිස් ජාවාරම වැළැක්වීමට ආයතන 20 ක එකතුවක් රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරී සැලැස්ම තුල මිනිස් ජාවාරම සහ මිනිස් වෙළඳාම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ඒකාබද්ධ සැලැස්මක් සකස් කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතා මහතා අද (5) පැවසීය. 05 December 2024
කොළඹ චැතම් වීදියේ තරු හෝටලයක ගින්නක් කොළඹ චැතැම් වීදියේ හෝටලයක හත්වන මහලේ සිදු වූ ගින්නකින් දෙස් විදෙස් සංචාරකයන් කීප දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසීය. 05 December 2024
ලෙබනන -ඊශ්‍රායල යුද්ධයට මැදි වු ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට මැදපෙරදිග ලෙබනන - ඊශ්‍රායල යුද්ධය නිසා , අසරණ වූ , ලෙබනනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . 05 December 2024
රේගු භාණ්ඩලවලට ලංසු දැමීමේ ඉලෙක්ට්‍රොනික ක්‍රමය ජනවාරි සිට රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ අළෙවි කිරීමේදී ගැණුම්කරුවන්ට ලංසු ඉදිරිපත් කිරීමට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් ලබන ජනවාරි මස 1 වැනිදා සිට හදුන්වා දෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද (5) පැවසීය. 05 December 2024
තේ දළු නෙලමින් සිටි කතට කඳුකර කොටියකුගේ ප්‍රහාරයක් තේ වත්තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවක් කඳුකර කොටියකුගේ පහර දීමෙන් තුවාල ලබා අද (05) බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුළු කළ බව බගවන්තලාව පොලිසිය පැවසිය. 05 December 2024
රේනුක පෙරේරාට ඇප මහවිරු සමරුව සම්බන්ධයෙන් අසත්‍ය වැකි සහිත වීඩියෝ දර්ශන සහ එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ ඡායාරූප ද සහිතව සමාජ මාධ්‍යයේ පළකළේ යැයි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද(05)නියෝග කළේය. 05 December 2024
ජාතික ආරක්ෂාවට බලපාන අසත්‍ය තොරතුරු ප්‍රචාරය එපා වඩා හොඳ රාජ්‍යයක් ගොඩ නැගීමේ කාර්යයේ දී මාධ්‍ය පිටස්තරයන් නොව එහි කොටස් කරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 05 December 2024
දැරියට වද දී කොණ්ඩය කැපූ පුංචි අම්මා අත්අඩංගුවට රිදීමාලියද්ද ඌරණිය ප්‍රදේශයේ නිවසකදී 14 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියකට අමානුෂික ලෙස පහරදී ඇයගේ කොණ්ඩය කපා දමා කෲරත්වයට පත් කලැයි දැරිය ගේ පුංචි අම්මා අද (5) සැකපිට අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි . 05 December 2024
කලුතරින් කලු ගඟට පැන්න අයෙක් සොයා මෙහෙයුම් පිරිමි පුද්ගලයකු කළු ගගට පැන අතුරුදහන්ව ඇති බවට ලද තොරතුරක් මත කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. 05 December 2024
අතුරු සම්මත ගිණුම කෝටි 260000 යි ලබන වසරේ මුල් මාස හතර සඳහා රජයේ කාර්යන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යෑම සඳහා රුපියල් කෝටි 260,000 ක් අනුමත කරගැනීම සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට අද (5) ඉදිරිපත් කෙරිණ. 05 December 2024
ලූණු කිලෝවක මිල 500 පනී ඉන්දීය ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 500 ත් 550 ත් අතර මිලක් දක්වාත්, පොල් ගෙඩියක මිල රුපියල් 180 ත් 230 ත් අතර මිලක් දක්වාත් මිල අද (5) පස්වරුව වන විට ඉහළ ගොස් තිබූ බව පාරිභෝගිකයෝ පවසති. 05 December 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026