
( මහින්ද නිශ්ශංක)
අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන බස් රථවල බැංකු කාඩ් මගින් ගෙවීම් අද (21) සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව දක්ෂිණ අධිවේගි මාර්ගය, කොළඹ _කටුනායක අධිවේගී මාර්ගය හා මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම හා කුරුණෑගල කොටසේ බැංකු කාඩ් මගින් ගෙවීමේ පහසුකම ඇතැයි අමාත්‍යාංශය සදහන් කරයි.
අධිවේගී මාර්ගවල හුවමාරු 35 ක සහ පිටවීමේ දොරටු 119 කදී අද සිට මෙම පහසුකම ක්‍රියාත්මක කෙරෙන බවද පවසන ප්‍රවාහන අමාත්‍යාංශය කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණ බවද සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැංකු කාඩ් නොමැති අයට සල්ලි දීලා යන්ත තියෙන අවස්ථාව නැති කරන්න එපා.
මේ කියන්නේ වාහනයේ යන මගියා ගැනද? එහෙම නැතුව අධිවේග මාර්ග වල පිටවීමේදී ගෙවන ගාස්තුව ගැනද?...
අනේ පොව් අනේ!!! හවස ගෙදර යනකොට, cashier ලා ච්චුවෙන් කීයක් හරි සාක්කුවේ දමාගෙන ගිය එකටත්... හුටන් තමයි!!! දැන් ඉතින් හන්දියේ බාර් වලටත් කෙල වේ... බැංකු කාඩ්ස් භංග වේවා