
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දේශපාලඥයන් ඔවුන්ගේ හෙංචයියන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන් 712ක් අනුරාධපුර නුවර වැව රක්ෂිතයේ ඉඩම් අත්පත් කරගෙන ගෙවල්,හෝටල් සහ පිහිනුම් තටාක ඉදිකර ඇතැයි ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය.
වැව් රක්ෂිත අල්ලා ගැනීම අද සෙල්ලමක් බවට පත්ව ඇතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු මේ ගැන පරීක්ෂණ අාරම්භ කළ යුතු බවද සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මොකක්ද එකෙක් බර වාහන නුවර වැවේ කණ්ඩියේ යවන්න හැදුවේ, ඒ අති පණ්ඩිත ඇමති අකුලාගෙන ගියේ මිනිස්සු විරුද්ධ වුණ නිසා, එහෙම නොවුනා නම් බලන්න තිබ්බා වැවු කණ්ඩිය කඩන ගිහින් දාස් ගාණක් මැරිලා යන හැටි.
එහෙම හිතුවොත් මේ රට දියුණු කරන්න විදිහක් නෑ. අපිට සංචාරකයෝ මිලියන 2.5ක් විතරයි ඉන්නේ. බණ්ඩාර නායක ගුවන්තොටුපළේ දෙවන පර්යන්තයක් හදන්න. පෝට් සිටි පාරේ (සංගීතය සහ බියර් පිරිනමන බාර් සහිත) සජීවී මාර්ගයකට සහාය වන්න. විදේශිකයන්ට ආරක්ෂිතව විනෝද වීමට ඉඩ දෙන්න. විදේශිකයන්ට මාර්ග සහ දුම්රිය ප්‍රවාහන පහසුකම් සපයන්න. (ඒවා මාස 3කට කලින් වුණත් වැඩි මිලකට වෙන්කරවා ගත යුතුයි, මාසයක් පමණක් විවෘත නොකරන්න) තේමා උද්‍යානය සංවර්ධනය වන ආකාරයට අපේ විදේශිකයන්ට විනෝදාස්වාදය ලබා දෙන්න. (ඔවුන්ගේ දරුවන් සඳහා) රජයක් ලෙස ඔබට ඔබේ ඇමරිකානු ඩොලර් ආදායම 10 ගුණයකින් වැඩි කර ගත හැකිය. රජයක් ලෙස ඔබට මෙය OUSE හිදී කිරීමට පැහැදිලි සැලැස්මක් තිබිය යුතුය. සුභ පැතුම්.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව වසර එකසිය විසිපහකට වැඩි කාලයක් මෙම රක්ෂිත ඉතා විශ්වාසවන්තව ආරක්ෂා කළේය. දැන් මේ දුෂ්ටයන් මෙම රක්ෂිත විනාශ කර ඇත. ඒවා නිශ්චිත හා වැදගත් අරමුණු සඳහා රක්ෂිත ලෙස නම් කර නඩත්තු කරන ලදී. ඉතා වැදගත් ප්‍රශ්න මතු වේ: මේ සියලු බිහිසුණු ක්‍රියාකාරකම් සිදුවන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළේ කුමක්ද? ඔවුන් මෙම දේශපාලන පාදඩයන්ගේ අතේ සිටි හෙංචයියන් පමණක්ද? කළ යුතු වැදගත්ම දෙය නම් මේ සියලු අයථා ලාභ නැවත ලබා ගැනීමයි.
රක්ෂිතය රජයට අයත් නම්, දේපල රජයට පවරාගෙන, රජයේ කලමනාකරණය යටතේ පවත්වාගෙන යන්න. දේපල විනාෂ කිරීම අපරාධයක්.
ඔය ඔක්කොම පන්නල දාන්න වාරිමාර්ග නීතිය අනුව පුලුවන් නොවේද? ඉතින් ඇයි කතාවට කල් අරගෙන බලාගෙන ඉන්නේ.... ඒක තමා ඡන්ද පදනම අඩුවෙන හේතුව....කතාව පමණයි.. වැඩ නෑ.
වැව් රක්ෂිත වැනසුවාට ගුණේ අයියට ප්‍රශ්නයක් නැහැ කියලා කොහොමත් අපි දන්නවා. මොකද ඒවා කෙරුවේ මේ රට විනාශ කළ හා හොරා කෑව ගුණේ අයියලාගේ නායකයෝ නිසා.... නුවර වැව් කණ්ඩිය මතින් වාහන ධාවනය කරන්න හැදුවේ ඒක අවශ්‍ය තරමට ශක්තිමත් කරලා ප්‍රතිසංස්කරණ කරලා මිසක තියෙන වැව් කණ්ඩිය මතින් නොවෙයි කියලා ගුණේ අයියාගේ කුඩා මොළයට වැටහෙන්නේ නැතුව ඇති. තුට්ටු දෙකේ දේශපාලන හිපාටුවන්ගේ විරෝධතා වලට බයෙන් රටේ බහුතරයට හිතකාමී සංවර්ධන ක්‍රියා මාර්ග නවත්වන්න පුළුවන් කියලා ගුණේ අයියට හිතෙන්නේ මස්කට් කෑල්ලක් කෑවට පස්සේ වෙන්න ඇති.
තුනේන් දෙකටත් වැඩී බලයක් මහ ජනතාව මාලිමාවට ලබාදුන්නේ මේවා නිවැරදි කරන්න. එහෙම නැතුව කජු සීයාගේ සමනල ටීම් එකට ඕනෑ විදියට ඕක මොකක්ද කියලා කියන්න නොවෙයි. වැරැද්දට විරුද්ධව කතා කරන්න කොන්ද පණ නැති දේශපාලන පින් ගුත්තර කල්ලිය මොනවා කිව්වත්, රට නිවැරැදිව ගමන් කරන බව පසුගිය මැතිවරණ ප්‍රතිඵල අනුව පැහැදිලිව ප්‍රකාශ වුණා...
ප්‍රසිද්ධ දේශපාලුවෙක්ගේ සහෝදරයෙක් ඔහුට දකුණු පළාතේ හෝටල් දෙකක් තියෙන බව කිව්වා.. දේශපාලුවන් විතරක් නොවෙයි පවුල් වල ඉන්න අයත්, කොහොම හොරාකන්න ඇත්ද?
මොන මෝඩ වැඩක්ද ඒ? අපූරුවට වැවෙන් නාන්න පුළුවන් එකේ ඕක ඉස්මත්තේ තටාක හදපු කෙනා කවුද...?