IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ගුවන්තොටුපළ ගොඩනැගිල්ලෙන් කෝටි 125ක් වතුරේ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

සියයට තිහක පමණ භෞතික ප්‍රගතියක් අපේක්ෂා කෙරැණු  එහෙත්  සියයට 5.44 ක  අඩු  ප්‍රගතියක් වාර්තා කළ කටුනායක  ගුවන් තොටුපළ මගී  පර්යන්ත ගොඩනැගිල්ල හා ආශ්‍රිත ඉදිකිරීමට  අදාල කොන්ත්‍රාත්තුව සඳහා ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික)  සමාගම තායිසේ සමාගමට රුපියල් තුන්කෝටි හැත්තෑ ලක්ෂයක්  ගෙවීම් කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවිය.

එසේම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නැවැත්වීමෙන් පසු,  ඉදිකිරීම් වලට සිදුවන හානිය අවම කිරීම සඳහා කොන්ත්‍රාත්තුව  තායිසේ සමාගම නොවන වෙනත් සමාගමකට ලබාදී    එම කොන්ත්‍රාත්තුව  සඳහා රුපියල් කෝටි 122 කට වැඩි අමතර පිරිවැයක්  දැරීමට  සිදුවීම පිළිබඳව  කෝප් කමිටුව මෙහිදී  නොසතුට පළ කළේය.

මෙම තොරතුරු අනාවරණය වූයේ සීමාසහිත ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමට අදාළ 2022 සහ 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට කෝප් කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්වුණු අවස්ථාවේදීය.

මුදල් අමාත්‍යාංශයේ චක්‍රලේඛයක් හේතුවෙන් ව්‍යාපෘතිය සඳහා ණය වාරික මුදා හැරීම ජයිකා  ආයතනය අත්හිටුවා තිබූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස කොන්ත්‍රාත්කරු 2022 දෙසැම්බර් 9 වැනිදා ඉදිකිරීම් කටයුතු නවත්වා තිබූ බවත් කෝප් කමිටුව පවසයි.

ඒ හේතුවෙන් ඇති වූ අලාභයද ඇතුළුව රුපියල් තුන් කෝටි හැත්ත ලක්ෂයක ගෙවීමක් කිරීමට සිදුවූ බව සමාගමේ නිලධාරීහු  කමිටුවට පෙන්වා දුන්හ.

අවුරුදු තුනක කාලසීමාවක් සඳහා වූ ව්‍යාපෘතියක කොන්ත්‍රාත් කාල සීමාවෙන් වසර දෙකක් අවසන්ව තිබියදී සියයට පහක පමණ ප්‍රගතියකට මෙතරම් මුදලක් තායිසේ  සමාගමට ගෙවීම කෙතරම් සාධාරණ දෑයි  කාරක සභාව මෙහිදී නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

ඉහත ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නතර කිරීමෙන් පසු කොන්ත්‍රාත්කරු  ව්‍යාපෘතියට අදාළව මිලදී ගත් ද්‍රව්‍ය හා උපකරණ AASL  භාරගත යුතු නමුත්  රු කෝටි එකසිය පනස් පහක්  වටිනා ද්‍රව්‍ය හා උපකරණ ව්‍යාපෘතිය නතර කළ කොන්ත්‍රාත්කරුගේ දේශිය උප කොන්ත්‍රාත්කරුවන් සමග ගිවිසුම්ගතව ඔවුන් යටතේ පෞද්ගලික ගබඩාවල රඳවා තිබු බව කියති

ඊට අදාළව AASL හි සභාපතිවරයා  කමිටු නවයක් පත් කර තිබු අතර, එකී කමිටු ඇගයීම් සහ නිර්දේශය අනුව, ඔවුන් සතු incinerator යන්ත්‍රය වෙනත් ගබඩා ස්ථානයකට ගෙන යෑමෙන්  මාසිකව රු. 392,904 ක් ඉතිරි කර ගත හැකි බව දන්වා තිබුණි. එහෙත් එම නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම  හේතුවෙන්  2023 මාර්තු සිට 2024 දෙසැම්බර් දක්වා සමාගමට රුපියල් ලක්ෂ 39 ක  අමතර ගබඩා පිරිවැයක් දැරීමට සිදු වී තිබීම සම්බන්ධයෙන්ද කෝප් කාරක සභාවේ අවධානය යොමු විය.

එමෙන්ම, මිනුවන්ගොඩ ද්විත්ව මංතීරු ඉදිකිරිම සම්බන්ධයෙන්ද කෝප් කාරක සභාව ප්‍රශ්න කළේය.  මෙම මංතීරු ඉදි කිරීම හේතුවෙන් බහු මහල් රථගාල ඉදි කිරීමට අදාළ කටයුතු අඩපණ වී ඇති බවත් ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම සතු ව්‍යාපෘති තුළ බොහෝ සැලසුම් සහ නිර්මාණකරණයට අදාළ වූ ගැටලු පවත්නා බවත්  කමිටුව මෙහිදී  පෙන්වා දුන්නේය

මෙම කාරක සභා රැස්වීමට  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්මලී ගුණසිංහ, ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන, චන්දිම හෙට්ටිආරච්චි, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.



අදහස් (2)

ගුවන්තොටුපළ ගොඩනැගිල්ලෙන් කෝටි 125ක් වතුරේ

Abandoned stone castle Wednesday, 21 May 2025 01:38 PM

මෙතන තියෙන්නේ හිටපු දේශපාලුවන්ගේ උවමනාව මත ගත්තු මෝඩ තීරණ නිසා project එක delay වීමක් ප්‍රධාන වශයෙන්ම. නිලධාරින් හරි කියනවා නොවේ. දේශපාලුවන්ගේ හැසිරීම් එක්ක නිලධාරීන් රුකඩ වුණා. සමහර දේශපාලුවෝ අදාල ආයතන වලින් දරාගන්න බැරි කප්පම් ගත්තා. සමහර දේශපාලුවන්ගේ ගෙවල් වල වියදම් විතරක් නොවේ අදාල දේශපලුවගේ හත්මුතු පරම්පරාවම යැපුණේ project එකෙන්. ගුවන් තොටුපලේ වාහන පවුලේ අයගේ වාහන බවට පත් වුණා. ගෙදර බල්ලෝ ගෙනියන්නත් භාවිතා කරේ සුඛෝපබෝගී AC වාහන. මේ project එකට මෙහෙම වුනේ 80% ක්ම අමන දේශපාලුවන් නිසා. නිලධාරිනුත් කොටසකට වගකියන්න ඕනෑ. දැන්වත් පිළිවෙලක් වගකීමක් ඇතුව මේ ජාතික වටිනාකමක් ඇති project එක නිමාකරන්න බැලුවා නම් හොඳයි.

:       2       13

sad boy Wednesday, 21 May 2025 02:07 PM

කලින් කිසිම දේකට ජාතික ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. ආණ්ඩු මාරු උනහම, අමාත්‍ය මාරු උනහම, ව්‍යාපෘති වල සැලසුම් තමන්ගේ බඩ වඩා ගන්න සුදුසු විදිහට වෙනස් කරනවා. අමන දේශපාලනය රට හැම අතකින්ම කාබාසිනියා කළා.

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 655 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2328 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site