IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

(යොහාන් භාසුර )

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට අයත් බස් රථයක් රැඳවියෙකු සහ එම රැඳවියාගේ පවුලේ සාමාජිකයන් සමග වැලිගම නගරයෙන් බැහැර ස්ථානයකට යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම බන්ධනාගාරයට අනියුක්තව සේවය කළ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ සහ බන්ධනාගාර රියදුරෙකුගේ  වැඩතහනම් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවසීය.

අගුණකොළපැලැස්ස  බන්ධනාගාරයේ නියාමකයන් දෙදෙනකුගේ සහ රියැදුරෙකුගේ මෙසේ වැඩ තහනම් කර ඇති බවත් පසුගිය 16 වැනිදා සිදු වූයේ යැයි කියන අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලට සහායක් වශයෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බවත් එම නිලධරියා සඳහන් කළේය.

මෙම බන්ධනාගාර බස් රථය රැඳවියෙකු සමග වැලිගම දුම්රියපොළ ආසන්නව නවතා බන්ධනාගාර නිලධාරීන් රැඳවියා බස් රථයේ තබා වැලිගම නගරයේ වෙළෙඳසැල් වෙත ගොස් කිසියම් භාණ්ඩ මිලදී ගෙන ඇති බවත් පසුව එම ස්ථානයෙන් අදාළ බස් රථය පිටව ගොස් ඇති බවත් වාර්තා වී ඇති බවත් එම නිලධාරියා කීය.

එම අවස්ථාවේදී බන්ධනාගාර බස් රථය තුළ කිසියම් කන්තාවක් හා කුඩා දරුවකු සිටි බවට වාර්ථා වූ බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. 

(ඡායා -කඹුරුගමුව- තරංග ගුණරත්න)



අදහස් (2)

බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

Bunny Preena Wednesday, 21 May 2025 09:09 AM

මෙවැනි දේවල් වලට කිසිමදාක සමාවක් දිය යුතු නැහැ. කරලා තියෙන්නේ රැඳවියෙකුගේ ජීවිතය අනතුරේට හෙලන භයානක ක්‍රියාවක්. විරුද්ධවාදියෙක් ආවෙයි කියලා රැඳවියාව ඝාතනය කරලා ගියොත්, මොකද වෙන්නේ . කොහෙහරි අඩුපාඩුවක් හෝ වැරැද්දක් අල්ලගන්න බලන් ඉන්න විරුද්ධ පක්ෂය මෙවැනි වැඩවලටත් උඩ පැන පැන ආණ්ඩුවට දොස් කියයි.

:       0       4

fairoos Wednesday, 21 May 2025 11:17 AM

මෙවැනි නිලධාරීන් ඉන්නකන් මොන ආණ්ඩු ඇවිල්ලත් වැඩක් නෑ. සල්ලි වලට ඕන දෙයක් කරලා දෙනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 40 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 467 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 243 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site