
(සුරංග රාජනායක)
පේරාදෙණිය මහ රෝහලේ විශේෂඥ ශ්‍රේණියේ හෙද නිලධාරණීයකගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් එම රෝහලේ ඇති එකම ප්ලාස්ටික් ශල්‍යකර්ම ඒකකය වැසියාමේ අවදානමක් මතුව ඇතැයි කියමින් හෙද හෙදියෝ විරෝධතාවක නිතර වුහ.
විරෝධතාකරුවන් හෙද නිලධාරිනියගේ කෲර ක්‍රියාවන් වළක්වන ඉල්ලා සිටියහ.
මෙම හෙද නිලධාරිණිය විසින් දීර්ඝ කාලයත් තිස්සේ සිදු කරන දැඩි පීඩාවන් නිසා එම රෝහලේ 700කට අධික හෙද පිරිසක් දැඩි අසහනකාරී තත්ත්වයට පත්ව ඇතැයි එම විරෝධතාවයට එක් වූ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සභාපති අරුණ ශාන්ත මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පේරාදෙණිය රෝහලේ ඇතිව තිබෙන මෙම තත්ත්වය නිසා රාජ්‍යය ත්‍රස්තවාදයක් මතුව ඇති බවත් මෙම ප්‍රධාන හෙද නිලධාරිණයගේ කෲර පාලනය හා මිලේච්ඡත්වය නිසා වසර ගණනාවක් සියලු දෙනාදැඩි පීඩාවට පත්ව ඇති බවයි.
මෙම තත්ත්වය රෝහල් අධ්‍යක්ෂවරයාට හා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණිලි කර ඇති බවද ඔහු සඳහන් කළේය.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සේනක නවනැළිය මහතාගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ මෙම ගැටලුව සම්බන්ධයෙන් රෝහල වෙත ලැබී ඇති පැමිණිලි අනුව එය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දන්වා ඇති බවයි.
ඒ අනුව නුදුරේම සෞඛ්‍ය අමාත්‍යංශය මගින් මෙහි පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මෙහිදී සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන හෙද නිලධාරිනිය පන්නන්න කොන්ද පණ ඇති අය හිටියේම නැද්ද? ඒකටත් එක්ක අපේ අරගල කාරයෝ කියලා වැඩක් නැහැ.
කොන්ද පණ ඇති අධ්‍යක්ෂකවරුන් පත්කළ යුතුයි. පරිපාලනය නොදන්නේ නම් පරිපාලන සේවයේ අය පත්කරන්න.
මේ කට්ටිය ඒ කෙනාට කුරුරියි කිව්වට, කව්ද දන්නේ, එයා මෙයාලට 'අයිස්' ගහන්න දෙන්නේ නැතිව හොඳින් පරිපාලනය කර ගෙන ගිය නිසා , මෙයාල විරුද්ද වෙනවා ද කියල.. ? අපක්ෂපාතී පරීක්ෂණයක් අත්‍යවාශ්‍යයයි
ඉස්සර නම් යාළුවො මල්ලි .දැන් තමයි මෙහෙම
විශේෂ ශ්‍රේණියේ මිසක් විශේෂ"ඥ" නොවේ
මෙම හෙද නිලධාරිනිය විනයක් ඇතිව නීතියට වැඩ කරන අවංකව වැඩ කරන කෙනෙක්ද දන්නේ නැහැ. එහෙම අයටත් සමහර හොර වැඩ කරන අය කැමති නැහැ. ඒහෙමත් නැත්නම් එයා දැඩි මානසික පීඩාවකින් පෙලෙන තෘප්තිමත් ජීවිතයක් ගත නොකරන කෙනෙක් වෙනත් පුළුවන්. පරිපාලනයට සුදුසු නොවන පරිපාලනය මොකද්ද කියලා දන්නේ නැති පක්ෂාග්‍රාහීව වැඩ කරන පුද්ගලයින් පරිපාලනය කරන්ට ගියාමත් මෙවැනි දේවල් සිදු වෙනවා. මෙවැනි අභ්‍යන්තර ප්‍රශ්න මහපාරට එන එකත් කාටත් හොඳ නැහැ. අන්තිමට පාඩුව සිදු වෙනවා අහිංසක රෝගීන්ටයි. මෙවැනි දෙවල් සිදු නොවෙන්න වග බලා ගැනීමට කවුරු කවුරුත් අවධානය යොමු කල යුතුයි.