IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


’’සුරැකෙමු මගතොට’’ ව්‍යාපෘතියට අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

"සුරැකෙමු මගතොට" ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දිනපතා ඉහළ යන රිය අනතුරු වළක්වා ගනිමින් මාර්ගය සැමට සුරක්ෂිත තැනක් බවට පත් කිරීම සඳහා පාසල් සිසුන් මුලික කරගෙන "Take Care - සුරැකෙමු මගතොට " යන තේමාව යටතේ දැනුම්වත් කිරීමේ ව්‍යාපෘතියක් පාසල් පදනම් කර ගනිමින් ක්‍රියාත්මක කිරීම පිණිස සැලසුම් කර තිබේ. 

එම ව්‍යාපෘතිය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යන ආයතන එක්ව ක්‍රියාත්මක කිරීමට සීමාසහිත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය විසින් සැලසුම් කර ඇත. 

පාසල් වල රිය නියාමක කණ්ඩායම් සහ ශිෂ්‍ය නායකයින් සම්බන්ධ කර ගනිමින්, සංඛ්‍යාත්මකව 100ක් වූ අධ්‍යාපන කලාපයන්හි යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. 

එක් කලාපයකින් සිසුන් 500 බැගින් සමස්ත සිසුන් 50,000 ක් සෘජුවම මෙම වැඩසටහනට සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ අදාළ ආයතනවල සහයෝගය ඇතිව සීමාසහිත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මඟින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

’’සුරැකෙමු මගතොට’’ ව්‍යාපෘතියට අනුමැතිය

සෙනෙවිරත්න Tuesday, 20 May 2025 12:56 PM

පාසල් ළමුන්ටත් දෙමාපියන්ටත් පාරෙ දකුණු පැත්තෙ යන්න උගන්වන්න. පදික මාරුව උඩදි අනතුරු නොවන දිව්‍යමය බලයක් ඇති තැනක් නොවන බවත් පදික මාරුවෙන් යා යුත්තේ දෙදෙනාගේම අනයෝන්‍ය අවබොදය මත බවත් වටහා දෙන්න. පදකයන්ගෙ අනතුරු බාගයක් අඩුවෙයි. ඒ වගේම පාරෙදි කවා පොවමන් පන්ති දක්කගෙන යන දෙමාපියනි කනබොන ඒවා ඔතා ඇති දවටනත් කන්න නැතිනම් ගෙදර ගෙනයන්න, පාරෙ තැන තැන දමා යන්න එපා.

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site