
(විමුක්ති එස් රුද්‍රිගු)
නවසීලන්තයේ විදේශ කටයුතු අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අගමැතිවරයා වන වින්ස්ටන් පීටර්ස් මහතා එළඹෙන 24 සිට 28 වැනිදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා නිල සංචාරයේදී ඔහු, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැති හරිනි අමරසූරිය මෙනෙවිය මුණගැසීමට නියමිත බවත් නිල සංචාරයේදී පීටර්ස මහතා වෙළඳ හා ආයෝජන, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සම්බන්ධතාව , සංචාරක හා ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්ත ආණ්ඩුවේ මේ සභාග හවුල්කාරයා නිසා තමයි නවසීලන්ත අග්‍රමාත්‍යතුමාට හරි ලෙස වැඩක් කරගන්න අපහසු වෙන්නේ. දන්නෝ දනිති
මෙයා විරැද්ධ පක්ෂයට එකතුවෙලා ඒ රටෙි වර්තමාන ආණ්ඩුව පිහිටුවල නියෝජ්‍ය අගමැති තනතුර ගත් බව මේ පුවත් පතේ ම කලකට පෙර සදහන් වුණා....
ගම්මන්පිල, විමල්ට අනුව දැන් රජය නවසීලන්තයට රට විකුණලා ලු පස්සේ බලන්නේ.