මැතිවරණය කල් දැම්මොත් ජවිපෙන් දැවැන්ත උද්ඝෝෂණයක් පළාත් පාලන සීමා නිර්ණ ගැසට්ටුව අවලංගු කරන ලෙස ඉදිරිපත් කර තිබෙන පෙත්සම 30වැනිදා වන විට ඉවත් කර ගැනීමට අදාල පාර්ශ්වයන් කටයුතු නොකළහොත් මැතිවරණය දිනාගැනීම වෙනුවෙන් ඉදිරි සතියේ කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අද (28) පැවසීය. 28 November 2017
ආබාධිත රණවිරුවෝ ගාලු මුවදොර මග අහුරති යෝජිත විශ්‍රාම වැටුප ඉල්ලා ආබාධිත රණවිරුවන් පිරිසක් ආරම්භ කළ විරෝධතාවයක් හේතුවෙන් ගාලු මුවදොර මාර්ගය සම්පුර්ණයෙන් වසා දැමීමට පොලිසිය පියවර ගෙන ඇත. 28 November 2017
ගෝඨාගේ ඉල්ලීමේ තීන්දුව හෙට මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ තමා අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති හෙයින් එම සිද්ධිය සිවිල් ගනුදෙනුවක් නිසා එම පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවන්නැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණය හෙට(29) ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය තීන්දු කළේය. 28 November 2017
වව්නියාවේදී බස් රියකට ගල් ප්‍රහාරයක් වව්නියාව කනගරායන්කුලම් ප්‍රදේශයේදී ඒ-9 මාර්ගයේ ගමන් ගත් බස් රථයකට එල්ල කෙරුණු ගල් ප්‍රහාරයක් හේතුවෙන් බස් රථයේ ගමන්ගත් නාවික හමුදා සෙබළකු සුළු තුවාල ලබා ඇතැයි කනගරයාන්කුලම් පොලීසිය පවසයි. 28 November 2017
සැකකරු පළා ගියැයි පොලිසියේ දෙදෙනකුගේ වැඩ තහනම් පොලිස් සිර මැදිරියෙන් සැකකරුවකු පළායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (28) සිට අරණායක පොලිසියේ උප පොලිස් පරීක්ෂක වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර ඇතැයි වාර්තා වේ. 28 November 2017
ශනිල් නෙත්තිකුමාර්ගේ පෙත්සම ඉවතට හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා විකුණු බව කියන මොනෑක් නිවාස සංකීර්ණයේ නිවසේ හිමිකාරිය වු අනිකා විජේසුරියට හා ඇගේ පවුලේ ඥාතීන්ට මරණ තර්ජන එල්ල කළැයි 28 November 2017
වවුනියා - යාපන ලංගම බස් වැඩවර්ජනයක් කරුණු කිහිපයක් මුලකරගනිමින් සහ විරෝධය දක්වමින් වවුනියාව හා යාපනය ගමනා ගමන මණ්ඩලයේ බස් රථ සේවකයෝ අද (28) බස් ධාවනයෙන් ඉවත්ව වැඩවර්ජනයක නිරතවූහ. 28 November 2017
උ‘මැද පාසල් හතරක ඉදිකිරීම් කොන්ත්‍රාත් ගැන පරීක්ෂණයක් උතුරු මැද පළාතේ පාසල් හතරක ඉදිරිකිරීම් කොන්ත්‍රාත් ලබාදී ඇති ආකාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් නොපමාව ලබාදෙන ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී බී දිසානායක මහතා පළාත් ප්‍රධාන ලේකම් එච්.එම්.පී බංඩාර මහතාට නියෝග කර තිබේ. 28 November 2017
ජනපති විවේචනය කරනු එපා - අගමැතිගෙන් එජාප මන්ත්‍රීන්ට අවවාදයක් ජනාධිපතිවරයා විවේචනයට ලක් කිරීමෙන් වළකින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට ඊයේ (27) අවවාද කළේය. 28 November 2017
මවට අතවර කරන්න බැරිවුණාම බිලිඳා වතුර බාල්දියට දමා මරලා කතරගම, මැණික්පුරගම ප්‍රදේශයේ නිවෙසකට පෙරේදා (26) පස්වරු 6.50 ට පමණ ඇතුළුවූ දෙදෙනෙකු නිවසේ සිටි 19 හැවිරිදි මවකට අතවර කිරීමට දැරූ උත්සාහය වැරදී ගිය විට ඇගේ උකුලේ සිටි බිලිඳු දැරිය උදුරාගෙන 28 November 2017
ලක්ෂ 23ක් රට පටවන්න හැදූ අයෙක් දැලේ ශ්‍රී ලංකා රුපියල් විසි තුන් ලක්ෂ විසි දහසක් මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ බව කියන කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු (46) අද (28) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධිකාරී සුනිල් ජයරත්න මහතා පවසයි. 28 November 2017
අනුන් සිරගතකිරීමේ රෝගයකින් නායකයන් පෙළෙනවා - ආචාර්ය වල්පොල පියනන්ද හිමි අන් අය තලා පෙලා සිරගත කොට බොහෝම ඉහලින් සතුටු වීමේ භහානක රෝගයකින් රටේ පාලකයන් පෙලෙන බවත් එයට අනුබල දෙන්නේ එන්ජියෝ සංවිධාන බවත් නිවැරිදි පුද්ගලයන් තලාපෙලා සතුටු වන්නන් අවසානයේ පිස්සන් වන බවත් ඇමරිකාවේ සංඝනායක ලොස් ඇංජලීස් නුවර ධර්ම විජය විහාරයේ විහාරාධිපති අග්ග මහා පණ්ඩිත ආචාර්ය වල්පොල පියනන්ද හිමියෝ පැවසීය. 27 November 2017
මුහුදු මගින් රට පනින්න හැදූ පිරිසක් රිමාන්ඩ් මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාව සහ කැනඩාවට යාමට සැඟවී සිටියදි පුත්තලම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් ලක්මාල් වික්‍රමසුරිය මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරුවන් දෙසැම්බර් 6 දක්වා බන්ධනාගාර ගත කරන ලෙස අද(27) නියෝග කෙරිණි. 27 November 2017
ඡන්ද ගැසට්ටුව රකින්න නීතිපතිගෙන් මෝසමක් පළාත් පළාන ආයතන වල සීමාවන් සහ සභික සංඛ්‍යාව නිර්ණය පිළිබඳ ගැසට් නිවේදනයට එරෙහිව නිකුත් කළ අතුරු නියෝගය නිශ්ප්‍රභ කරන්නැයි නීතීපතිවරයා මෝසමක් මඟින් අභියාචනාධිකරණයෙන් අද (27) ඉල්ලීමක් කළේය. 27 November 2017
පොලිස්පති ගැන පොලිස් ලොක්කන් මතුකළ කාරණා සලකා බලයි පොලිස්පතිවරයායේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඉදිරිපත් කළ කාරණා පොලිස් කොමිෂන් සභාව ඊළඟට රැස්වන දිනයේ සාකච්ඡා කරීමට නියමිත බව එම කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය. 27 November 2017
දුමින්දගේ අභියාචනය කල් යයි හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් පේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වී මරණ දඬුවම නියම වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් විසින් මහාධිකරණ නඩු තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචන පෙත්සම් ලබන මාර්තු 29 වැනිදා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) තීරණය කළේය. 27 November 2017
සිවාජිලිංගම්ලා උත්සව පැවැත්විය යුත්තේ හමුදාව වෙනුවෙන් - පාඨලී උතුරේ දේශපාලනය කරන්නේ හමුදා විසින් එම ප්‍රදේශ මුදාගත් නිසා බැවින් සිවාජිලිංගම්ලා සමරු උත්සව පැවැත්විය යුත්තේ මිය ගිය හමුදා විරුවන් වෙනුවෙන් යැයි මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි. 27 November 2017
මාගම්පුර විරෝධතා නඩුව කල් යයි හිමි නමක් ඇතුළු පුද්ගලයින් 39 දෙනෙක් අම්බලන්තොට පොලිසිය අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කර සිට පසුව සියලු දෙනා ඇප ලබා සිටියදී අද (27) යළි නඩුව හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවේ කැඳවිණි. 27 November 2017
පොහොට්ටුව දිස්ත්‍රික් 3කට ඇප මුදල් තැන්පත් කරයි පළාත් පාලන මැතිවරණයට අද(27) නාම යෝජනා කැඳවීමෙන් පසු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික්ක තුනක ආසන 16ක් සඳහා ඇප මුදල් තැන්පත් කර ඇත. 27 November 2017
ජනපති දකුණු කොරියාවට දින තුනක නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) දකුණු කොරියාව බලා පිටත්ව ගියේය. 27 November 2017
වෛද්‍යවරයාට මරු කැඳවූ අනතුරේ පරීක්ෂණ ගැන සැකයක් අලුත්ගම බෝගම දී විශේඥ වෛද්‍යවරයෙකුට මරු කැඳවමින් සිදුවු මාරක රිය අනතුර සම්බන්ධයෙන් පක්ෂග්රාහී නොවී නිසි අන්දමින් පරීක්ෂණ සිදු කොට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා වීරඟුල පොලිසියට නියම කළේය. 27 November 2017
ගාල්ලේ පළාත් පාලන ආයතන 5 කට පොහොට්ටුව ඇප තැන්පත් කරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් පළාත් පාලන ආයතන 5 ක් සඳහා අද (27) දහවල් ගාල්ල සහකාර මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතා හමුවේ ඇප මුදල් තැන්පත් කිරීම සිදු කැරිණි. 27 November 2017
දෙමසකට පසු බොරැල්ල තරුණයාගේ ඝාතනයේ සැකකරු අත්අඩංගුවට බොරැල්ල සරණපාල හිමි මාවතේ දී තරුණයකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු සිද්ධියෙන් මාස දෙකකට පසු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාස විසින් අත්අඩංගුවට ගෙන ඇත. 27 November 2017
පළාත් පාලන ආයතන 93කට නාම යෝජනා කැඳවීම ඇරඹෙයි පළාත් පාලන ආයතන 93ක් සඳහා මැතිවරණයට පැවැත්වීමට නාම යෝජනා කැඳවීමේ නිවේදනය අද(27) පෙරවරුවේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් නිකුත් කළ බව මැතිවරණ කොමිසන් සභාව පවසයි. 27 November 2017
වෑන් රිය වාහන 10ක ගැටෙයි මාතර වැල්ලමඩම මාළු වෙළෙඳසල අසලදී අද (27) වෑන් රථයක් පාරෙන් ඉවතට පැන ත්‍රීරෝද රථ හතරක හා යතුරුපැදි හයක ගැටී පුද්ගලයින් පස් දෙනකු තුවාල ලබා ඇතැයි ගන්දර පොලීසිය පවසයි. 27 November 2017
දැරණියගල ඝාතන සිද්ධියේ සැකකරු අත්අඩංගුවට දරණියගල රංවල , මාලිබොඩ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු හා කාන්තාවක් ඝාතනය කර ඇයගේ දරු දෙදෙනාට තුවාල සිදුකිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (27) වත්තක සැඟව සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 27 November 2017
ආවා කල්ලියේ සාමාජිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට අපරාධයක් සඳහා කඩුවක් රැගෙන යතුරු පැදියකින් යමින් සිටි ආවා කල්ලි සමාජිකයින් දෙදෙනකු අද (27) අලුයම චාවකච්චේරි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 27 November 2017
ලක්ෂ 6 ක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට කල්පිටිය පොලිස් වසමට අයත් සෝට්ටුපිටිවාඩිය ධීවර ගම්මානයේ දී රුපියල් ලක්ෂ 6 ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 38 ක් සන්තයේ තබා ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි. 27 November 2017
මහවිරු සොහොන ඉදිකරනවාදැයි අගමැති සොයයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් විසින් ඔහුගේ විමධ්‍යගත අරමුදලින් රුපියල් මිලියන 4ක් කිලිනොච්චිහි එල්.ටී.ටී.ඊ සාමාජිකයන් වෙනුවෙන් ඉදිකරන මහවිරු සොහොන ඉදිකිරීම සඳහා යොදාගෙන ඇත්දැයි සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර ඇත. 27 November 2017
යතුරු පැදි-බස් අනතුරින් දෙදෙනකු මරුට යාපනය-නුවර ඒ09 මාර්ගයේ චාවකච්චේරි පූනාවිල් ප්‍රදේශයේදී ඊයේ (26) රාත්‍රියේ යතුරු පැදියක් හා බස්රථයක් ගැටී යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනකු මිය ගිය බව චාවකච්චේරි පොලිසිය කියයි. 27 November 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026