ලක් ධීවරයෝ අට දෙනා යළි රිමාන්ඩ් සීෂෙල්ස් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතු වල නිරතව සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ ලාංකික ධීවරයින් අට දෙනා ලබන 19 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇතැයි සීෂෙල්ස් හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි 14 January 2018
තිස්සමහාරාමයේදී අපයෝජනයට ලක්වූ දැරිය මිය යයි තිස්සමහාරාම ප්‍රදේශයේදී තරුණයන් තිදෙනෙකු විසින් අපයෝජනය කළ බව කියන දැරිය (14) හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි කියයි. 14 January 2018
ජවිපෙ මන්ත්‍රීට නඩු දමන බව ඌව මහ ඇමැති කියයි ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සහ ජවිපෙ ගුරු සංගම් නියෝජිතයන් දෙදෙනකුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා නඩු පවරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසීය. 14 January 2018
කොකේන් ටොන් එකක් විනාශ කෙරේ ශ්‍රී ලංකාවේදී මෙතෙක් සොයා ගන්නා ලද විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන ‘කොකේන්’ නමැති මත්ද්‍රව්‍ය ටොන් එකකට ආසන්න ප්‍රමාණයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ හෙට (15 වැනිදා) විනාශ කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කටයුතු යොදා ඇතැයි වාර්තාවේ. අධිකරණ නියෝග මත ආරක්ෂිත ස්ථානයක ගබඩා කොට ඇති මෙම කොකේන් තොගය එහි සිට පුත්තලම ප්‍රදේශයට රැගෙන ගොස් දැඩි තාපයකින් යුත් ආරක්ෂිත ගිනි උදුනක දමා පුලුස්සා විනාශ කිරීමට කටයුතු යොදා ඇතැයි පොලිස් ආරංචි මාර් 14 January 2018
සෙල්ලන්කන්දල් ඇතා වැට පැන මහපාරේ පුත්තලම සෙල්ලන්කන්දල් වනරක්ෂිතයේ ඇතා අද (14 වැනිදා) පෙරවරුවේදී පුත්තලම-අනුරාධපුර මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේ දී විදුලිය වැටෙන් පැන මාර්ගයට පැමිණ ඇත. 14 January 2018
තෛපොන්ගල් සැමරුම මරණ දෙකකින් කෙළවර වෙයි වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේදී අද (14) අලුයම සිදු වූ මෝටර් රථ අනතුරකින් තරුණයන් දෙදෙනෙක් මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව වව්නියාව පොලීසිය පවසයි. 14 January 2018
මහීපාල හේරත් මහින්දට එකතුවෙයි සබරගමුවේ හිටපු මහා ඇමැති මහීපාල හේරත් මහතා කැගල්ලේ නිදහස් මාවතේ පැවැත්වෙන පොදු ජන පෙරමුණු වේදිකාවට මීට සුළු වේලාවකට පෙර ගොඩ වෙමින් එම පක්ෂයට එක් විය. 13 January 2018
අනුරාධපුර රෝහලේ දී මළ සිරුරු දෙකක් මාරු වේ අනුරාධපුර රෝහලේ දී හා තම්මැන්නාව රෝහලේ දී මියගිය 63 හැවිරිදි හා 90 හැවිරිදි ගොවියන් දෙදෙනකුගේ සිරුරු මාරු වී නිවෙස්වලට රැගෙන ගොස් ඇති අතර එය අතපසු වීමක් බව දැනගැනීම පසු නැවත එම සිරුරු නිවැරදි කරගැනීමට අනුරාධපුර රෝහලට රැගෙන ආ බව රෝහල් ආරංචි මාර්ග කියයි. 13 January 2018
ආදිවාසියෝත් මැතිවරණ පොර පිටියට මෙවර පවත්වන පළාත් පාලන මැතිවරණය සදහා මයියංගනය දඹාන ආදිවාසී ජනතාව වෙනුවෙන් හේනානිගල ආදිවාසී පරපුරේ තරුණියක් තරග වදින බවත් ඉදිරියේදී පවත්වන සියලු මැතිවරණ වෙනුවෙන් රට පුරා සිටින ආදිවාසී ජනතාව නියෝජනය වෙන පරිදි උගත් තරුණ තරුණියන් පාර්ලිමේන්තුවට වැවීම තම බලාපොරොත්තුව බවත් දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ කියති. 13 January 2018
සිරකරුවා දිවිනසා ගැනීමෙන් පොලිස් පරීක්ෂකට මාරුවක් ගංජා ග්‍රෑම් 50 ක් සමග අත්අඩංගුවට ගෙන සිටි තරුණයකු පොලිස් සිරමැදියේ ගෙල වැලලාගෙන මියාමේ සිද්ධියක් මුල්කරගෙන පිටකොටුවට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නලින් ජයසුන්දර මහතා වහාම ක්‍රියාත්මත වන පරිදි මඩකලපුවට මාරු කර ඇත. 13 January 2018
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඩිෆෙන්ඩර් රියක් පෙරළෙයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් කිලෝ මීටර 43 ආසන්නයේ දී මාර්ගය හරහා පෙරැළී යාමෙන් අධිවේගී මාර්ගයේ වාහන ධාවනයට බාධා පැමිණ ඇතැයි අධිවේගී මාර්යග පොලිසිය කියයි. 13 January 2018
බස්නාහිර මුහුද රළු වෙයි දිවයිනට බස්නාහිර දෙසින් මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් පුත්තලම සිට කොළඹ හරහා බලපිටිය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි අතර සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර් 70-80 පමණ ඉහළ යාමට ඉඩ ඇති බවත් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීයහැකි බවත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 12 January 2018
පෞද්ගලික හා ලංගම බස් රථ අනතුරෙන් 9 ක් රෝහලට බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය කළ ලංගම බසයක් හා කොළඹ සිට බදුල්ල බලා ධාවනය කළ පෞද්ගලික බසයක් අද (12) මුහුණට මුහුණලා ගැටීමෙන් 9දෙනක් තුවාල ලබා රෝහල් ගතකර ඇත. 12 January 2018
රෝගීන් අනතුරේ තබා කරාපිටියේ වෛද්‍යවරු කඹ අදිති ගාල්ල බෙලිගහ හන්දියේදී බල්ලකුගේ සපාකෑමට ලක්වූ දැරියන් දෙදෙනකු හා බල්ලන් සපා කෑ තවත් දෙදෙනකු අද (12) කරාපිටිය රෝහලට ඇතුත් කර තිබූ අතර එහිදි හදිසි ප්‍රතිකාර ඒකකයේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් පවසා ඇත්තේ ජලභීතිකා එන්නත විදීම තම රාජකාරිය නොවන බවයි. 12 January 2018
විදුලි බස් රථ 18 ලගදීම කොළඹට කොළඔ නගරයේ මගි ප්‍රවාහනය සඳහා විදුලි බස් රථ 18ක් ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සැලසුම්කර තිබේ.විදුලි බස් රථ වල අඩංගු විය යුතු ප්රමිතීන් ඇතුලත් ව්‍යාපෘති වාර්ථාවක් මණ්ඩලය විසින් සකස් කොට ප්‍රවාහන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කොට ඇත. ඒ අනුව ටෙන්ඩර් කැඳවා මෙම බස් රථ මිලදී ගන්නා බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා පැවසීය. 12 January 2018
ඕනෑම වේලාවක ගෙදර යන්න සූදානම් - ජනපති ධූරකාලය පිළිබඳව ශේෂ්ඨාධිකරණයෙන් විමසා සිටියේ වඩාත් හොඳ ශ්‍රී ලංකාවක් හැදීමේ සිහිනයක් තිබෙන නිසා මිස බලයේ රැඳී සිටීමේ උවමනාවෙන් නොවන බවත් අද වුනත් ගෙදර යන්න තමන් සූදානම් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙවර පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැත්වු මාතර දිස්ත්‍රික් ප්‍රථම ජනරැලියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවසීය. 12 January 2018
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ පාලනයට විනිසුරුවරුන් 4කගේ විරෝධය ශ්‍රේෂ්ඨාධිකරණයේ අපක්ෂපාතී බව ගිලිහි ඇතැයි ද එය ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී රාජ්‍යය අන්තරායකට පමුණුවනු ඇතැයි ද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිව්දෙනෙක් අද (12) අවධාරණය කළහ. 12 January 2018
ලක්ෂ 15 ක විදෙස් මත්පැන් - දුම්වැටි අල්ලයි තීරුබදු රහිතව මෙරටට රැගෙනවිත් තිබු රුපියල් ලක්ෂ 15 ට ආසන්න වටිනාකමකින් යුත් විදෙස් මත්පැන් බෝතල් 108 ක් හා විදෙස් දුම්වැටි 9000 ක් අද (12) කොච්චිකඬේ පල්ලිය ආසන්නයේ දී අත්අඩංගුවටගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 12 January 2018
ශ්‍රී ලංකාවේ ළමා අයිතිවාසිකම් ගැන විමසුම සඳුදා ජිනීවාහිදී ශ්‍රී ලංකාවේ ළමා අයිතිවාසිකම් වල ප්‍රගතිය විමර්ශනය කිරීමට එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුව සඳුදා (15) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී රැස්වන බව මානව හිමකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. 12 January 2018
රියැදුරු - සහායක මත ගැටුමෙන් පැය 3 ක දුම්රිය වර්ජනයක් දුම්රිය රියදුරකු සහ රියදුරු සහායකවරයකු අතර ඇතිවූ මත ගැටුමක් දුරදිග යාමෙන් රියදුරු සහායකවරයා සමග වැඩ කිරීම ප්‍රතික්ෂේප කරමින් මරදාන දුම්රිය විදුලිබල ධාවනාගාරයේ ලොකොමෝටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියදුරු සංගමයේ රියදුරෝ අද(12) පස්වරුවේ පැය තුනක පමණ කාලයක් වැඩ වර්ජනයේ යෙදුණහ. 12 January 2018
ඇඟිලි සලකුණු යන්ත්‍ර ඉවතට - හෙද වර්ජනය අවසන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද හෙදියන් දින 10ක් පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද(12) අවසන් කෙරිණි. 12 January 2018
බීඩි කොල කිලෝ 12000 ක් අත්අඩංගුවට නිතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද රුපියල් 51,625,975 ක් පමණ වටිනා බීඩි කොල කිලෝ 12000 ක් අද (12) රේගු ආදයම් අධික්ෂණ බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 12 January 2018
පොල්ගහවෙල ගුවන්පාලම 17 දා ජනතා අයිතියට පොල්ගහවෙල ගුවන් පාලම මේමස 17 දා ජනතා අයිතියට පත්කිරීමට රජය තීරණය කර තිබේ. 12 January 2018
ඡන්ද නිරීක්ෂණයට 7000ක් පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයින් 7000 කට ආසන්න පිරිසක් යොදවන බව පැෆරල් සංවිධානය පවසයි. 12 January 2018
සහල් ගෙන්වන මුවාවෙන් ග්ලයිෆෝසෙට් ගෙන්වලා සහල් ගෙන්වන බවට ප්‍රකාශ කොට නිතිවිරෝධී ලෙස ගෙන්වන ලද තහනම් ග්ලයිෆෝසෙට් කුඩු කිලෝ 2820 ක් රේගු මධ්‍යම භාණ්ඩ පරික්ෂණ අංශය මගින් අද (12) අත්අඩංගුවට ගෙන ඇත. 12 January 2018
කල්ලාරු ඇතා ඝාතන සැකකරුවන් යළි රිමාන්ඩ් තන්තිරිමලේ සහ සිලාවතුර සීමාවේදී කල්ලාරු ඇතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් තිදෙනා මේ මස 26වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවෙල මහතා අද(12) නියෝග කළේය. 12 January 2018
ගලේවෙල වෑන් රථ අනතුරින් 9 කට තුවාල දඹුල්ල කුරුණැගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල දිවුල්ගස්කොටුව ප්‍රදේශයේ දී අද (12) වෑන් රථ අනතුරකින් පුද්ගලයින් 9 දෙනෙක් තුවාල ලබා ගලේවෙල දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි. 12 January 2018
කොමදෝරු දසනායක ඇතුළු හයකට ඇප පුද්ගලයන් 11 දෙනෙක් අතුරුදන් කිරිමේ සිද්ධියකට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කොමදෝරු ඩි.කේ.පී දසනායක ඇතුළු හයකට මහාධිකරණ ඇප කොන්දේසි මත කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (12) ඔවුන් ඇප මත මුදා හැරියාය. 12 January 2018
මගුල් ගෙදරට මස් සොයා ගැබ්බර මුවදෙනක මරයි මංගල උත්සවයක් සඳහා අවශ්‍ය මස් සපයා ගැනීමට තබ්බෝව අභය භූමියේ දඩයමේ ගොස් ගැබ්බර මුව දෙනක් වෙඩි තබා ඝාතනය කර නවීන පන්නයේ යතුරු පැදියකින් තබ්බෝව වැව් පිටියෙන් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙක් අද (12) අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජිවී නිලධාරින් පවසයි. 12 January 2018
වතුකම්කරුවෝ පොලිසියට ගල් ගහති පස්සර එල්ටැබ්වත්තේ වැටලීමකට ගිය පස්සර ආගරතැන්න පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් පිරිසකට 40ක් පමණ සමන්විත වතු කම්කරුවන් පිරිසක් ගල්මුල් වලින් පහරදීමෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පස්සර පොලිසිය පවසයි . 12 January 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026