බාධා නිසා මොරගහකන්ද දියවර වසර 5 ක් ප්‍රමාද වුණා - ජනපති බාධා එල්ල නොවුණා නම් මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශයේ දියවර මීට වසර පහකට පෙර මුදා හැරීමට අවස්ථාව තිබූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී අද (10) පැවැසීය. 10 January 2018
මින්නේරියේදි බර වාහනයක් කළු පාලමෙන් පහළට පොලොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ස්කැමල් බර වාහනයක් මින්නේරිය බටු ඔය ප්‍රදේශයේදී අද (10) කළු පාලමෙන් පහළට පෙරළී යාම නිසා එහි රිය සහයකයෙකු තුවාල ලබා ඇතැයි මින්නේරිය පොලිසිය කියයි. 10 January 2018
හෙද හෙදියෝ වෙලාවට වැඩ බෑ කියති රාජකාරියට පැමිණීමේදී සහ පිටව යාමේදී වේලාව සටහන් කිරීමට ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීමේ යෝජනාවට විරෝධය දක්වමින් කොළඹ ජාතික රෝහලේ හෙද හෙදියෝ හෙට(11) සංකේත වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත. 10 January 2018
කාන්තාවන්ට මත්පැන් විකිණීමේ තහනම ඉවතට කාන්තාවන්ට මත්පැන් අලෙවිසැල්වලින් මත් පැන් මිලදී ගැනීමට මෙන්ම මත්පැන් අලෙවිකරන හා නිෂ්පාදනය කරන ස්ථානවල සේවයට පනවා තිබූ තහනම ඉවත් කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. 10 January 2018
‘බැඳුම්කර කොමිසමට විශේෂඥ දැනුමක් නෑ‘ - රාජිත බැඳුම්කර වංචාව සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ සාමාජිකයින්ට බැඳුම්කර ගනුදෙනු පිළිබඳ විශේෂඥ දැනුමක් නොතිබූ බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 10 January 2018
මින්නේරිය ගිරිතලේ රක්ෂිතෙයේ මහා පරිමාණ දැව ජාවාරමක් කාලයක සිට මින්නේරිය ගිරිතලේ රක්ෂිතය තුළ සිදුකරගෙන ගිය මහා පරිමාණ දැව ජාවාරමක් වටලා සැකකරුවන් තිදෙනෙකු සහ විශාල දැව තොගයක් අත්අඩංගුවට ගැනීමට දඹුල්ල පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමකට හැකිවිය. 10 January 2018
මන්ත්‍රී වීරකුමාර රහස් හෙළිකරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ එක්සත් ජනතා සන්ධානයෙන් වෙන් වුණු කණ්ඩායම් එකතු කර බුලත් කොළය යටතේ සටන් වැදීමට මුලදී රහසින්ද පසුව එළිපිටද වැඩකළ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා අද (10) පැවැසීය. 10 January 2018
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අතුරු පාලක මණ්ඩලයක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා නව නිලධාරී මණ්ලයක් පත්කරන තුරු කෙටි කාලයක් සඳහා අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීමට පියවර ගෙන ඇතැයි සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 10 January 2018
මැතිවරණ කොමිසම තදින් හිටී පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව සහ මැතිවරණ නීතියට අදාළ කරුණු සම්බන්ධයෙන් දේශපාලනඥයින් විසින් කරන පදනම් විරහිත ප්‍රකාශ කිසිදු සොයා බැලීමකින් තොරව ප්‍රසිද්ධ කිරීම තහනම් කරමින් මැතිවරණ කොමිෂම අද(10) නිවේදනයක් නිකුත් කළේය. 10 January 2018
අක්කර 2000 ක වවන්න අක්කර 19675 ක් බිල්ලට විල්පත්තුව ආසන්න අක්කර 19675 ක් වනාන්තර හෙළි කරමින් ඉදිකිරිමට නියමිත පහළ මල්වතු ඔය ව්‍යාපාරයෙන් වගා කළ හැක්කේ අක්කර 2000ක් පමණක් යැයි සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය කියයි. 10 January 2018
තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හෙට පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල තැපැල් ඡන්ද පත්‍රිකා හෙට (11) නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 10 January 2018
පෙර පාසල් දැරිය පැහැරගැනීමට හැදූ සැකකරු අත්අඩංගුවට කුරුණෑගල නගරයේ පෙර පාසලක සිටි ගැහැණු ළමයකු පැහැරගැනීමට උත්සාහ දැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම දැරියගේ මවගේ සොහොයුරා බව කියන අයකු අද(10) සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය පවසයි. 10 January 2018
දින තුනක බිළිඳියක් බස් නැවතුමේ දමා ගොසින් දින තුනක් පමණ වයසැති කුඩා බිළිඳියක කිලිනොච්චිය රෝහල ඉදිරිපිට බස් හෝල්ට් එකක් තුළ දමාගොස් සිටියදී අද (10) ප්‍රදේශවාසීන් පිරිසකට හමුව ඇති බව කිලිනොච්චිය පොලිසිය කියයි. 10 January 2018
2008 සිට බැඳුම්කර නිකුතු සිදුවූ අයුරු ගැන අගමැති කියයි 2008 සිට 2014 වසර දක්වා කාලයේ රුපියල් බිලියන 5147ක බැඳුම්කර නිකුත් කර ඇතත් ඉන් රුපියල් බිලියන 4702ක බැඳුම්කර පෞද්ගලික ඍජු නිකුත් කිරීමේ ක්‍රමය යටතේ නිකුත් කර ඇති බවත් ඊට මුදල් මණ්ඩලයේ අනුමැතියක් ලැබී නැති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(10) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 10 January 2018
විශේෂ ආරක්ෂාව බාර පොලිස් ප්රධානියාටත් මාරුවක් විශේෂ ආරක්ෂක දිසාව බාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඌව පළාත සහ මධ්‍යම පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුකර තිබේ. 10 January 2018
මේරියන්ස් නලීන්ට එරෙහි නඩුව මැයි 4 දා එච්.ආර්.ජෝතිපාල මහතාගේ ගීත නිසි අවසරයකින් තොරව ගායනා කර මුදල් ඉපයු බවට ඔහුගේ බිරිඳ සහ දියණියන් විසින් මේරියන්ස් නායක නලීන් පෙරේරා මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන මැයි 4 වැනි දා කැඳවීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා නියෝග කළේය. 10 January 2018
පොහොට්ටුවේ පෙත්සම් අට 15 වැනි දා කැඳවයි පළාත් පාලන මැතිවරණයේ දී සිය නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව පවරා ඇති පෙත්සම් 8ට ලබන 15 වැනි දා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කළේය. 10 January 2018
ලක්ෂ 80 අල්ලස් නඩුව මාර්තුවේදී විභාගයට වෛද්‍යවරයකුගෙන් රුපියල් ලක්ෂ 80 ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 25 ක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින නාරහේන්පිට පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා හා අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට එරෙහි නඩුව ලබන මාර්තු මාසයේ සිට විභාග කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා තීරණය කළේය. 10 January 2018
පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ගුටි කෙළ ගනිති රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අද(10) පාර්ලිමේන්තුවේ දී බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරද්දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ඔසවමින් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර පක්ෂ විපක්ෂ දෙපිරිස අතර ගුටිබැට හුවමාරුවක් ද සිදුවිය. 10 January 2018
පාර්ලිමේන්තුව උණුසුම් වෙයි - සභාව කල් තැබේ බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමේ අවශ්‍යතාවය මතුකිරීම හේතුවෙන් අද(10) විශේෂ සැසිවාරයක් ලෙස පාර්ලිමේන්තුව කැඳවූ අතර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සබා ගැබේ කලහකාරී ලෙස හැසීරීම හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩ් 10කට කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා තීන්දු කළේය. 10 January 2018
සාමනේර හිමියන්ට අතවර කළ අයෙක් රිමාන්ඩ් අනුරාධපු නගරයේ සිට ඉතා දුර බැහැර පිහිටි තම නිවසට යාමට බස් රථයක් එන තුරු රාත්‍රි කාලයේ අනුරාධපුර නව බස්නැවතුම්පොළේ රැඳී සිටි 17 හැවිරිදි සාමණේර හිමිනමකට බරපතල ලිංගික අපයෝනයක් සිදු කළ සැකකරුවකු ජනවාරි 16 දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා අද(10) නියෝග කළේය. 10 January 2018
දෙගුණ වන මන්ත්රීමණ්ඩලයට සභාගැබ පුළුල් කරයි - වියදම ලක්ෂ 60 යි දෙගුණයකට ඉහළ යන මන්ත්‍රී මණ්ඩලය වෙනුවෙන් අනුරාධපුර මහ නගර සභාවේ සභා ගර්භය කඩා විශාල කිරිමට පියවර ගෙන ඇත. 10 January 2018
රුධිරය පරිත්‍යාග කරන්නැයි ඉල්ලීමක් ඩෙංගු සහ වෙනත් රෝග තත්ත්වයන් හේතුවෙන් සෑම වසරකදීම ගබඩාගත රුධිර ප්‍රමාණය අඩුවන බැවින් රුධිරය පරිත්‍යාග කරන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 10 January 2018
බුරුත කඳන් 21ක් සමග අපේක්ෂකයකු අල්ලයි මිඩියාෆාම් රක්ෂිතයේ බුරුත ගස් කපමින් සිටි බව කියන පළාත් පාලන ඡන්දයේ අපේක්ෂකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 10 January 2018
දෙවුන්දර මුහුදේ අනතුරකින් ධීවරයෝ දෙදෙනෙක් මරුට දෙවුන්දර මුහුදේ සිදුවූ අනතුරකින් ධීවරයන් දෙදෙනෙක් මියගොස් දෙදෙනක් අතුරුදන් වී තිදෙනෙක් තුවාල ලබා ඇතැයි නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි. 10 January 2018
ඒ - 9 මාර්ගයේ ලොරි ටිපර් රථ අනතුරින් 4 ක් මරුට යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය හා මාන්කුලම අතර කොකාවිල් ප්‍රදේශයට නුදුරින් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් හතර දෙනෙක් මියගොස් තවත් අයකු බරපතල තුවාල ලැබූ බව මාන්කුලම් පොලීසිය පවසයි. 10 January 2018
කටුනායක අධිවේගයේ පිටවුමක් වසයි. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කටුනායක දෙසට ගමන් ගන්නා වාහන නව කැලණි පාලම අසලින් කැලණිය සහ වත්තල දෙසට වාහන පිටවීම සඳහා භාවිතා කරන අන්තය (කොළඹ නුවර මාර්ගයට සම්බන්ධ වන පිටවීමේ මාර්ගය) හෙට (10) උදෑසන සිට වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. 09 January 2018
ධුරකාලය ගැන ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි ජනාධිපතිවරයා ලෙස තමාට කටයුතු කළ හැක්කේ වසර හයක් ද එසේ නැතිනම් වසර පහක් ද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විමසා ඇත. 09 January 2018
පොලිස් වෙසින් මත්කුඩු ඇදලා පොලිසිය නොමග යවමින් පොලිස් වැහිකබාය සහ හා පොලිස් වශයෙන් සඳහන් කර ඇති ආරක්ෂක හිස්වැස්මක් පැළඳ යතුරු පැදියෙන් මත්කුඩු ජාවාරමේ නිරත පුද්ගලයකු රුපියල් ලක්ෂ 20 ට ආසන්න මත්කුඩු සහ මත්ද්‍රවය තොගයක් සමග වත්තල නගරයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව විශේෂ කාර්ය බළකාය කියයි. 09 January 2018
පැරදුන අයටත් ලැයිස්තුවෙන් ඉඩ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නව ක්‍රමය අනුව කිසියම් කොට්ඨාසයකට තරඟ කොට පරාජයට පත්වන අපේකෂකයකු වුවද ලැයිස්තුවෙන් සභිකයකු ලෙස පත්කළ හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. 09 January 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026