අල්ලස් නඩුවක සාක්කියට රවී කරුණානායකට සිතාසි ආනයනික සුදු කැකුලු සහල් විකිණීමේ ක්‍රියාවලියේදී මිල දර්ශකයකට පටහැනිව සහල් මෙට්‍රික් ටොන් 1000ක් විකිණීමට නියෝග කර රුපියල් මිලියන 04ක් රජයට පාඩු කළැයි එවකට සතොස වැඩබලන සාමාන්‍යාධිකාරිවරයාට එරෙහි අල්ලස් නඩුවකට අදාළව අධිකරණය හමුවේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු වෙළෙද හා පාරිභෝගික කටයුතු ඇමැති රවී කරුණානායක මහතාට ලබන මාර්තු මස 09 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය අද සිතාසි නිකුත් කළාය. 09 January 2018
පාසල් නිල ඇඳුම් වවුචරයේ කාලය දිගුකරයි පාසල් සිසුන්ගේ නිල ඇඳුම් සඳහා අධ්‍යාපන අමාත්‍යංශය මගින් ලබා දුන් වවුචර්පත්වල වලංගු කාලය ජනවාරි මස 31 වැනි දින දක්වා දීර්ඝ කර තිබේ. 09 January 2018
94 හැවිරිදි මවක කාමරයක සිරකරලා කාමරයක් තුළ ආහාරපාන පවා නිසි ලෙස නොදී සිරකර සිටි බව කියන අනූහය හැවිරිදි සය දරු මවක මහනුවර පොලීසියේ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් අද සොයා ගත් බව පොලිසිය කියයි. 09 January 2018
බැඳුම්කර වාර්තාව අධ්‍යයනයට ඩිලාන් කාලය ඉල්ලයි බැඳුම්කර කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන දිනයේම විවාද කළ නොහැකි බවත්, එය අධ්‍යයනය කිරීම සඳහා මන්ත්‍රීවරුන්ට කාලය ලබාදිය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය. 09 January 2018
රජයේ මාධ්‍යම මාධ්‍ය උපමාන කඩලා එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි සංවත්සර මහා සභා රැස්වීම රූපවාහිනී මාධ්‍ය ඔස්සේ සජිවී ලෙස විකාශනය කිරීම මාධ්‍ය උපමාන උල්ලංඝනය කිරීමක් යැයි ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 09 January 2018
රට බෙදීමේ කුමන්ත්‍රණයක් ගැන මැදගොඩ හිමියෝ කියති බැඳුම්කර වංචාව මගින් රටේ ආර්ථිකය අස්ථාවර කර නව ව්‍යවස්ථාවක් මගින් රට බෙදීමේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් පැවැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාළි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අද(09)පැවසූහ. 09 January 2018
බැඳුම්කර වාර්තාව හෙට මන්ත්‍රීවරුන් අතට බැඳුම්කර වාර්තාව හෙට(10) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීමෙන් පසු ඒ පිළිබඳ විවාදය පැවැත්වීමේ දිනය පිළිබඳව තීරණය කිරීමට අද(9) පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී ඇත. 09 January 2018
කරුණා අම්මාන්ගේ විදෙස් ගමන් තහනම ඉවතට හිටපු නියෝජ්‍ය ඇමැති විනයාගමුර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන්ගේ ගුවන් ගමන් තහනම ඉවත් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (9) නියෝග කළේය. 09 January 2018
වික්ටර් රත්නායකගේ බිරිඳ රිමාන්ඩ් ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකගේ බිරිඳ වන හෂිනි අමේන්ද්‍රා ලබන 17වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් මහීල් විජේවීර මහතා අද(9) නියෝග කළේය. 09 January 2018
ස්විස් අධිකරණයකට එරෙහිව දෙමළ ඩයස්පෝරාව වීදි බසියි ස්විස්ටර්ලන්තයේ අධිකරණයක් මඟින් දෙමළ ඩයස් පෝරාවේ පුද්ගලයින් 13 දෙනෙකු අධිකරණය හමුවට කැඳවීමේ සිද්ධියට විරෝධය පල කරමින් දෙමළ ඩයස් පෝරාවේ විශාල පිරිසක් අද(09) වීදි බැස විරෝධතාවයක නිරතව සිටින බව එරට තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී. 09 January 2018
පොළොන්නරුවේ පොහොර හිඟය අවසන් පොලොන්නරුවේ පැවැති පොහොර හිඟය නිමාවට පත්ව ඇති බවත් මේවන විට පොලොන්නරුවට පොහොර මිටි 2500--3000ක් පමණ අද (9) ලැබී ඇති බව සිමාසහිත ලංකා පොහොර සමාගමේ පොලොන්නරු දිස්ති‍්‍රක් අලෙවි නිළධාරි ජි.ජේ.ටී.කුමාර මහතා පැවසීය. 09 January 2018
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු 5කට ඇප හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී.දසනායක ඇතුළු 5 දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද(9) ඇප ලබාදුන්නේය. 09 January 2018
දළ පූට්ටුවා ඝාතන සිද්ධියේ එක් අයකුට ඇප දළ පූට්ටුවා ඝාතන සිද්ධියේ අටවැනි සැකකරුට මහව මහේස්ත්‍රාත් අධිකරණය අද(9) දැඩි කොන්දේසි මත ඇප ලබාදුන් අතර ඉතිරි සැකකරුවන් 7 දෙනා ලබන 23වැනිදා තෙක් රිමාන්ඩ් කෙරිණි. 09 January 2018
ගායක බිරිය පොලිසියට බාරවෙයි රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් සැකපිට තංගල්ල පොලිසියට අවශ්‍යව සිටි ප්‍රවීණ ගායකයකුගේ බිරිඳ අද(9) උදෑසන පොලිසියට බාර වී ඇති බව තංගල්ල පොලිසිය පවසයි. 09 January 2018
තහනමෙන් පසු පළමු තේ තොගය රුසියාවට රුසියාව විසින් තේ තහනම ඉවත් කිරීමෙන් අනතුරුව එරටට යැවු මුල්ම තේ තොගය මේවනවිට යවා ඇතැයි තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ මහතා පැවසීය. 09 January 2018
උතුරු හා දකුණු කොරියාව අතර යළි සාකච්ඡා උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර වසර දෙකකට පසු ඉහල මට්ටමේ සාකච්ඡා ආරම්භ වී තිබේ. දකුණු කොරියාවේ පන්මුන්ජොම් තාවකාලික සහන ගම්මානයේ සාම මන්දිරයේදී එරට වේලාවෙන් උදෑසන 10.00ට ආරම්භ වී ඇති සාකච්ඡා සඳහා එක් රටකින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස් දෙනකු බැගින් සහභාගී වී ඇත. 09 January 2018
70 වැනි නිදහස් සැමරුමේ ප්‍රධාන ආරාධිතයා එඩ්වර්ඩ් කුමරු පෙබරවාරි මස 4 වැනි දාට යෙදෙන 70 වැනි නිදහස් දින සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බ්‍රිතාන්‍යයේ එඩ්වර්ඩ් කුමරු සහභාගි වීමට නියමිත බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 09 January 2018
ජනපතිට ජීවිත තර්ජන එන්න පුළුවන් - ඇමති අමරවීර බැඳුම්කකර කොමිසමෙන් හෙළි වූ කරුණු නිසා ඉදිරියේදී ජනාධිපතිවරයාට ජීවිත තර්ජන පවා එල්ල විය හැකියැයි එක්සත් ජාතික නිදහස් සංධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 09 January 2018
කුච්චවේලි ප්‍රා.ලේකම් බෞද්ධ කොඩිය ගලවන්න කියලා කුච්චවේලි ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඔසවා තිබූ බෞද්ධ කොඩියක් කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්වරයාගේ නියෝගයෙන් ගලවා දැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් උතුරු සහ නැගෙනහිර සිංහල සංවිධානය ත්‍රිකුණාමලය දිසාපතිවරයාට ලිපියක් යැවූ බව එම සංවිධානයේ කැඳවුම්කරු අනුර බණ්ඩාර මහතා පැවසීය. 09 January 2018
සූර්පිට රිය පැදවූ නළුවා අත්අඩංගුවට බීමතින් රිය පැදවූ බව කියන ප්‍රවීන වේදිකා නාට්‍ය නළුවෙකු කොල්ලුපිටිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. 09 January 2018
පලෙයි වෙඩි තැබීම ගැන පොලිසිය වෙනස් ඇහැකින් බලයි කිලිනොච්චිය පලෙයි පොලිස් බල ප්‍රදේශයේදී ඊයේ (8) රාත්‍රීයේ සිදු වූවායැයි කියන වෙඩි තැබීමෙන් පුද්ගලයක් තුවාල වූවායැයි කියන සිදුවීම සැක සහිත බවට පලෙයි සහ කිලිනොච්චිය පොලීසිය පවසයි. 09 January 2018
පලෙයි වෙඩි තැබීමක් කිලිනොච්චිය පලෙයි පොලිස් බල ප්‍රදේශයේදී අද රාත්‍රී වෙඩි තැබීමක් වී ඇතැයි ද, බෝම්බ නිශ්ක්‍රීය කරන පෞද්ගලික ආයතනයකට සම්බන්ධ පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග කියයි. 08 January 2018
ලිංගික වදහිංසාවලට විරෝධය දක්වමින් නිළියෝ කළු ඇඳුම් අදිති ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හිදි පැවැති 75 වැනි ‘ගෝල්ඩන් ග්ලෝබ්’ සම්මාන උළලේදී සම්මානලාභී නිළියන්ගේ අදහස් දැක්වීම් ලොව පුරා මාධ්‍යවල වැඩි අවධානයක් දිනාගත්තේය. 08 January 2018
හෙට සිට කාලගුණයේ වෙනසක් පවතින වියළි සහ ශීතල කාලගුණයේ වෙනසක් හෙට සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 January 2018
මාධ්‍යවේදිනියට වරෙන්තුවක් උසාවි භූමියේ ඡායාරූප ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය කළ කරුණු වාර්තා කිරීමක් අනුව ලංකාදීප මොරටුව ප්‍රාදේශීය මාධ්‍යවේදිනී රේඛා තරංගනී ෆොන්සේකා මහත්මිය අත්අඩංගුවට ගන්නා ලෙස මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය. 08 January 2018
දයා මාස්ටර්ට පහරදීලා එල් ටී ටී ඊ සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක මෙන්ම යාපනයේ ඩෑන් ටී වී ආයතනයේ මාධ්‍ය අධ්යක්ෂවරයා වශයෙන් කටයුතු කරන දයා මාස්ටර්ට අද (8) පස්වරුවේ පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය කියයි. 08 January 2018
පල්ලම වෙඩි තැබීමකින් තිදරු පියකු මරුට පන්නල පල්ලම ප්‍රදේශයේ ලීමෝලක් අසලදී අද දහවල් බොල්රෝ ජීප්රථයක් තුල පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 08 January 2018
අඹගමුව පෙත්සම කල්යයි පළාත් පාලන සීමා නීර්ණය කිරීමේදී අඹගමුව ප්‍රාදේශීය සභාව කොටස් තුනක් වශයෙන් කඩා වෙන් කිරීමට පියවර ගෙන ඇත්තේ පළාත් පාලන විෂයබාර අමාත්‍යවරයා පත් කළ පංච පුද්ගල කමිටුවක් විසින් සිදු කළ නිර්දේශවලට අනුව බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ. 08 January 2018
වැල්ලම්පිටියෙන් කසල තේ කිලෝ 16500ක් අල්ලයි වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ ගබඩාවක තිබී කසල තේ කිලෝ 16,500 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 08 January 2018
කොටි නායකයාගේ රුව ෆේස්බුක් මගින් ප්‍රචාරය කළ දෙන්නෙක් රිමාන්ඩ් එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ ඡායාරූපය සහ එම සංවිධානයේ ලාංජනය සහිතව නිර්මාණය කළ නව වසරේ සුබ පැතුම් පතක් ෆේස්බුක් ගිණුම මගින් ප්‍රචාරය කර බෙදාහරින ලදැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් ඇගලුම් සේවකයින් දෙදෙනකු ලබන 17 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය අද (8) නියෝග කළාය. 08 January 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026