දේවාලයේ කසිප්පු පෙරූ කපුවා අල්ලයි හිඟුරක්ගොඩ පිංපාර ප්‍රදේශයේ දේවාලයක කසිප්පු පෙරමින් සිටි කපුවකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත්?බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි. 07 January 2018
කැලෑවක දමා ගිය බිළිඳකු කුරුවිටින් සොයාගනී කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ නිවසක් අසල ලඳු කැලෑවක දමා ගොස් සිටි දිනක් පමණ වයසැති බිළිඳකු ප්‍රදේශවාසීන් විසින් සොයා ගනු ලැබ ඇතැයි පොලිසිය කියයි. 07 January 2018
ගුරු සංගමය ගොරවයි දුම්රිය, සෞඛ්‍ය හා අධ්‍යාපන සේවාවන් සංවෘත්ත සේවා බවට පත් කරන බව දුම්රිය වැඩ වර්ජනය පැවැති සමයේ ප්‍රකාශ කළ ද අධ්‍යාපන සේවාව සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ඉදිරි පියවරක් අධ්‍යාපන අමාත්‍යංශය හෝ වැටුප් කොමිසම හෝ ප්‍රකාශයට පත් කොට නැතැයි ලංකා ගුරු සංගමය කියයි. 07 January 2018
උඩ බලං සරුංගලය ඇරපු පාසල් දරුවා ළිඳට වැටී මිය යයි යාපනයේ අච්චුවේලි ආවරංගල් ප්‍රදේශයේ වයස අවුරුදු 11 ක පාසල් සිසුවකු ඔහුගේ ගෙවත්තේ තිබූ අනාරක්ෂිත ළිඳට ඇද වැටීමෙන් මියගොස් ඇති බවට අච්චුවෙලි පොලීසිය කියා සිටියේය. 07 January 2018
ඡන්ද නීති කැඩීම ගැන පැමිණිලි 248ක් - පැෆරල් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 248 ක් පිළිබඳ පැමිණිලි 248 ක් ලැබී ඇතැයි පැෆරල් සංවිධානය කියයි. 07 January 2018
වරිපනම් - බලපත්‍ර ගාස්තු අන්තර්ජාලයෙන් ගෙවන්න අවස්ථාව පළාත් පාලන ආයතන සඳහා මහජනතාව ගෙවිය යුතු වරිපනම් ගාස්තු, බලපත්‍ර ගාස්තු, ගොඩනැඟිලි බලපත්‍ර අනුමත කර ගැනීම් වැනි කටයුතු රැසක් පරිගණක ජාලගත කිරීමේ වැඩසටහන යටතේ අන්තර් ජාලය ඔස්සේ ගෙවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මගින් සකස් කර ඇත. 07 January 2018
පොහොර ප්‍රමාදයට රජය වගකියනවා - මහින්ද අමරවීර ‘ගොවියාට නිසි වෙලාවට පොහොර ලබා දීමේදී යම් ප්‍රමාදයක් සිදු වුවා. රජයක් විදියට අපි එහි වගකීම ගන්නවා. මේ වන විට රටේ පොහොර හිගයක් නෑ. නැවත මේ රටේ පොහොර හිගයක් ඇති වෙන්න දෙන්නෙත් නෑ.‘ යැයි මහවැලි රාජ්‍ය අමාත්‍ය හා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවිර මහතා පැවසිය. 07 January 2018
නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට ස්ථානමාරු නියෝජ්‍ය පොලිස්පතිනරුන් දෙදෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 07 January 2018
ලැට්වියාවේ ජනාධිපති ශ්‍රී ලංකාවේ සංචාරයක ලැට්වියා ජනාධිපති රේමන්ඩ් වෙජොයින්ස් (Raimonds Vejoins) මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා 1/06 දින සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 06 January 2018
නීති විරෝධීව දුම්වැටි ගෙන ආ අයෙක් අත්අඩංගුවට ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස ගෙන ඒමට තැත් කළ ඇමෙරිකානු ඩොලර් සහ දුම්වැටි තොගයක් රැගත් පුද්ගලයකු ඊයේ (05) දින දහවල් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බැව් රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය . 06 January 2018
ජනාධිපති සැරසෙන්නේ එජාපය විනාශ කිරීමටයි - බිමල් බැඳුම්කර කොමිසම් වාර්තාව එළිදක්වමින් ජනාධිපති මෛත්‍රිපාල මහතා අපෙක්ෂා කරන්නේ එක්සත් ජාතික පක්ෂය විනාශ කිරිමට බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා පවසයි. 06 January 2018
සපුගස්කන්ද වැඩබලන පොලිස් ස්ථානාධිපතිට මාරුවක් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතාට කොළඹ අපරාධ කොට්ඨාශයෙන් දුන් වාර්තාවක් අනුව පොලිසියෙන් සහ මන්ත්‍රීවරයාගෙන් යන දෙදෙනාගේම වැරදි සිදුවී තිබේ. 06 January 2018
දක්ෂිණ අධිවේගයේ අනතුරකින් 11ක් තුවාල ලබති දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව 95.5 කිලෝ මීටර කණුව ආසන්නයේ (06) අද දහවල් වැන් රථයක කාර්මික දෝෂයක් හේතුවෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 11 දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතිබව දක්ෂිණ අධිවේගී මාර්ග තොරතුරු මධ්‍යස්ථානය පවසයි. 06 January 2018
ඇල්ල සංචාරක හෝටලයකදී විදේශිකයකුට පිහි පහර ඇල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී ඇතිවූ ආරවුලකින් තුවාල ලැබූ විදේශීය සංචාරකයෙක් ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ. 06 January 2018
සපුගස්කන්ද සිද්ධියේ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට සපුගස්කන්ද පොලිසියේදී සිදුවූ බව කියන සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ලබා දෙන ලෙස නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දුන්නේය. 05 January 2018
එෆ්සී අයිඩී විමර්ශන 92ක් අවසන් - නඩු 13යි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ආරම්භ කළ දා සිට ලැබුණු පැමිණිලිවලින් පසුගිය ඔක්තෝබර් මාසය දක්වා පැමිණිලි 92ක විමර්ශන අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇතත් මේ වන විට නඩු පවරා ඇත්තේ පැමිණිලි 13ක් සම්බන්ධයෙන් බව පොලිසිය කියයි. 05 January 2018
අනුරුද්ධ පොල්ගම්පොළ පොහොට්ටුවෙන් යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොල මහතා එම පෙරමුණෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්රගතිශීලී කණ්ඩායම ලෙස වෙනම සංවිධානයක් පිහිටුවාගෙන තිබේ. 05 January 2018
මෙගා සතොස විවෘත වෙයි ශ්‍රී ලංකාවේ ප්‍රථම මෙගා ස.තො.ස ශාඛාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද(5) වැලිසර දී විවෘත කෙරිණි. 05 January 2018
ජනපතිගෙන් අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස් කිසිදු රාජ්‍ය ආයතනයක් සතු දේපළ සම්පත් හෝ වාහන මැතිවරණ කටයුතු සඳහා භාවිතා කිරීමට ඉඩ නොතැබීම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ වගකීමක් බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කර ඇත. 05 January 2018
බස්නාහිර පළාත් මන්ත්‍රී අශෝක රන්වල රිමාන්ඩ් සපුගස්කන්ද පොලිස් ස්ථානයට ගොස් වැඩබලන ස්ථානාධිපතිවරයාට බැන තර්ජනය කර රාජකාරියට බාධා කළැයි කියන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල මහතා ලබන 19 දක්වා රිමාන්ඩ් කරන ලෙස මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ශාන්ත නිරිඇල්ල මහතා අද(5) නියම කළේය. 05 January 2018
මැතිවරණ පැමිණිලි 54ක් පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව මේ වනවිට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බණ්ධ පැමිණිලි 54 ක් පොලීසියට ලැබී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 05 January 2018
ඉන්ධන වලට භූමිතෙල් කවලම් කර දෙදෙනෙක් අත්අඩංගුවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කුරුණැගල ගැට්ටුවානේ පිහිටි ඉන්ධන තොග ගබඩාවට ලබාදීම සඳහා රැගෙන ආ ඩීසල් බවුසරයකට භූමිතෙල් කවලම්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එම ඉන්ධන බවූසරයේ හිමිකරු සහ සහයක අද (05) සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණැගල පොලීසිය පවසයි. 05 January 2018
පර්පෙචුවල් සමාගමට මහ බැංකුවෙන් වාරණයක් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මහ බැංකුවේ ප්‍රාථමික අලෙවිකාරිත්වයෙන් ඉදිරි මාස හයක් සඳහා බලපැවැත්වෙන පරිදි ඉවත් කිරීමට තීරණය කර ඇත. 05 January 2018
බැඳුම්කරයේ නඩු ඉක්මන් කරන්නයි සුසිල් කියයි බැඳුම්කර කොමිසමේ සියලූ කටයුතු නියාමනය කරනු ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුව මඟින් වන බැවින් වගඋත්තරකරුවන්ට එරෙහිව නඩු පැවැරීම කල් ගත කළ යුතු නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රම ජයන්ත මහතා ප්‍රකාශ කළේය. 05 January 2018
හිටපු පකිස්ථාන මහකොමසාරිස් ඝාතනයට චෝදනා ලැබු අයෙක් නිදොස් කොට නිදහස් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට හිටපු පාකිස්තානු මහ කොමසාරිස්වරයා ඝාතනය කිරීමට තැත් කිරීම සඳහා ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබ සිටි පුද්ගලයකු කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා අද (5) නිදොස් කොට නිදහස් කළේය. 05 January 2018
වරෙන්තුකරුවන් සහ නීතිවිරෝධි ගිනිඅවි අත්අඩංගුවට ගන්න මෙහෙයුමක් වරෙන්තුකරුවන් සහ නීතිවිරෝධී ගිනිඅවි අත්අඩංගුවට ගැනීම සඳහා රටපුරා මාස තුනක විශේෂ සෝදිසි මෙහෙයුමක් ඇරඹීමට පොලිසිය පියවර ගෙන ඇත. 05 January 2018
යක්කල ගොඩනැගිල්ලක් ගිනිගනී කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල නගරයට නුදුරින් වෙළඳ ප්රදර්ශනාගාර සහිත ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි. 05 January 2018
ස්විට්සර්ලන්තයේදී කොටින්ට මුදල් රැස්කළ 13කගේ සාක්කි කැඳවයි එල්.ටී.ටී.ඊ.සංවිධානයට ස්විස්ටර්ලන්ත ෆෑන්ක් මිලියන 15.3 ක් රැස් කොට එම මුදල් වංචා කරන ලදැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දෙමළ තරුණයින් 13 දෙනකුගෙන් ස්විස්ටර්ලන්තයේ පෙඩරල් සාපරාධී අධිකරණය සාක්කි සටහන් කරගෙන ඇතැයි එරට පලවන ස්විස් ඉන්ෆෝ වෙබ් අඩවිය අද(5) වාර්තා කළේය. 05 January 2018
මන්ත්‍රී රන්දීර් ඇතුළු පහකට ඇප පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ මීට මාස දෙකකට පමණ පෙර දිවුලපිටිය ප්‍රදේශයේ දී ගැටුමක් ඇතිකර ගැනීමෙන් පසුව ජිව අත්බෝම්බයක් සහ පිස්තෝල දෙකක් ළඟ තබා ගත් බව කියමින් රිමාන්ඩ් බාරයට පත් කොට සිටි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගු ඇතුළු පස් දෙනෙකු මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් ඇප මත මුදා හරින ලදී. 05 January 2018
අරලිය දන්සල ගැන ගුරු සංගමයෙන් පැමිණිල්ලක් විද්‍යා උපකරණ කට්ටලයක් ලබා දෙන බව දන්වමින් දිවයින පුරා II වර්ගයේ පාසල්වල විදුහල්පතිවරු අරලිය ගහ මන්දිරයට කැඳවා අධ්‍යාපන අමාත්‍යංශය ප්රචාරක කටයුත්තක් කර ඇතැයි ලංකා ගුරු සංගමය මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැමිණිල්ලක් යවමින් කියා සිටියි. 05 January 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026