තරුණයන් 11 අතුරුදන් කිරිමේ සිද්ධියේ 9 වැනි සැකකරු රිමාන්ඩ් 2008 – 2009 වසර වලදී තරුණයන් 11 දෙනෙක් අතුරුදන් කිරිමේ සිද්ධියේ 9 වැනි සැකකරු වන කස්තුරිගේ ගාමිණි නැමැති හිටපු බුද්ධි අංශ නිලධාරී අත්අඩංගුවට ගැනීමෙන් පසු ජනවාරි 25 වැනි දා දක්වා රිමන්ඩ් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (16) නියෝග කළාය. 16 January 2018
යාපනයේ දෙදෙනකුට තියුණු ආයුධවලින් පහරදෙයි යාපනය කොකුවිල් මන්සන්ධියේදී ඊයේ(15) රාත්රියේදී යතුරුපැදි කල්ලියක් විසින් පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධවලින් කපා පළා ගොස් ඇති බව යාපනය පොලීසිය පවසයි. 16 January 2018
සිංගප්පූරු අගමැති 22දා ශ්‍රී ලංකාවට සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියැන් ලුන්ග් මහතා දෙදින නිල සංචාරයක් සඳහා මේමස 22 වැනිදා ශ්‍රීලංකාවට පැමිණීමට නියමිතය. 16 January 2018
බැඳුම්කර නඩුදාන්න විශේෂඥ කණ්ඩායමක් බැඳුම්කර වංචාවට සම්බන්ධිත පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීම සඳහා අල්ලස් කොමිසමේ විශේෂඥ කණ්ඩායමක් විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව පිලිබඳව අධ්‍යනය කරමින් සිටින බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් අනාවරණය වේ. 16 January 2018
කැකිරාව අධිකරණ භූමියේ ගින්නක් කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණ භූමියේ ඇතිවූ ගින්නක් මැඩ පැවැත්වීමට කැකිරාව පොලිසිය හා දඹුල්ල ගිණී නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අද (15) සමත්වූහ. 15 January 2018
බුද්ධ කාලයට සමානුපාතිකව ගල්ගමුවේ ජනාවාස ගල්ගමුව අන්දරවැව ප්‍රදේශයේ ඉපැරණි සොහොන් බිමකින් ලබාගත් අස්ථි කොටස් කිහිපයක් ක්‍රිස්තු පූර්ව 500 ට අයත් බවට ඇමරිකාවේ බීටා ඇනලිටික් පර්යේෂණ ආයතනය කාලනිර්ණය කර රජරට විශ්ව විද්‍යාලයට දැනුම් දී තිබේ. 15 January 2018
පාප්වහන්සේගෙන් අනතුරු ඇඟවීමක් ඕනෑම අවස්ථාවක න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීමේ අවදානමක් නිර්මාණය වී ඇතැයි අති උතුම් ශුද්ධෝත්තම පාප්වහන්සේ අද (15) අනතුරු ඇඟ වූහ. 15 January 2018
‘අපේ පිහිටෙන් ජනාධිපති වෙලා අපිටම කෙළිනවා‘ - මරික්කාර් කියයි ‘‘දැන් මේගොල්ලො හිතන් ඉන්නෙ මහින්ද රාජපක්ෂගෙන් ආප්ප කාලා ඇවිල්ලා මහින්ද රාජපක්ෂට කෙළියා වගේ අපේ පිහිටෙන් ජනාධිපතිවෙලා ඊළඟ ඡන්දෙදි අපට කෙළින්න‘‘යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ගොතටුව මාණික්කමුල්ලේ පැවැති ජනහමුවකදී පැවැසීය. 15 January 2018
ඌව මහ ඇමැතිට පක්ෂ හා විපක්ෂ උද්ඝෝෂණ දෙකක් බදුල්ල නගරයේ බාලිකා පාසලක විදුහල්පතිනියට තර්ජනය කළ ඌව පළාත් පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායකට වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනපතිගෙන් ඉල්ලමින් අද(15) බදුල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විණි. 15 January 2018
මියගිය මවගේ විශ්‍රාම වැටුපටත් විදී වසර 6ක කාලයක් තිස්සේ මියගිය මවගේ විශ්‍රාම වැටුපෙන් රුපියල් 6,8028.71ක් වංචනික ලෙස ලබා ගැනීමට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි දියණියක් රුපියල් ලක්ෂ සියය බැගින් වන ශරීර ඇප 2ක් මත මුදා හරින ලෙස පානදුර මහේස්ත්‍රාත් චන්දන ලියනගේ මහතා නියෝග කළේය. 15 January 2018
උතුරට ගිය දුම්රියක ගින්නක් කොළඹ සිට යාපනය කන්කසන්තුරෙයි දක්වා ධාවනය වෙමින් තිබූ අති සුඛෝපභෝගී දුම්රියක එන්ජිමක් අද(15) දහවල් 12.30 ට පමණ යාපනය චාවකච්චෙරි ප්‍රදේශයේදී හදිසියේම ගිනි ගෙන ඇත. 15 January 2018
යකඩ පොල්ලකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරයි යකඩ පොල්ලකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි. 15 January 2018
නවක වදයට එරෙහිවූ දෙදෙනකුට පහර දෙති පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ නවක වධයට එරෙහි සිසු පිරිසකට විශ්ව විද්‍යාල කළමනාකරණ පීඨයේ නවක වධයට පක්ෂපාතී සිසු පිරිසක් විසින් පහර දෙනු ලැබීම නිසා විද්‍යා පීඨ සිසුන් දෙදෙනකු තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. 15 January 2018
කෝටි 7ක රන් රඳවාගත් ව්‍යාපාරිකයාට ඇප නෑ අනුරාධපුර නගරයේ ප්‍රධාන පෙළේ පෞද්ගලික මූල්‍ය ආයතනයක් කොල්ලකා රුපියල් කෝටි 7ක් පමණ වටිනා රන් භාණ්ඩ පැහැර ගැනීම සහ ඒවා සන්තකය් තබා ගත් බවට රහස් පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටින කෝටිපති ව්‍යපාරිකයා ලබන 29වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුනවෙල මහතා අද(15) නියෝග කළේය. 15 January 2018
දෙහිඅත්තකණ්ඩිය ශ්‍රිලනිප පෙත්සම විසිවෙයි දෙහිඅත්තකණ්කඩිය ප්‍රාදේශිය සභාව සඳහා ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව පවරා තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. 15 January 2018
ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරයෙක් අභියාචනාධිකරණයට සභාපතිවරයෙක් උසස්වීම් ලැබු විනිසුරුවරුන් දෙදෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ සිය තනතුරුවල අද (15) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. 15 January 2018
නාමල් ඇතුළු 6 කට එරෙහි නඩුව පෙබරවාරියේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 6 කට එරෙහිව පවරා ඇති නඩුව පෙබරවාරි 6 වැනි දා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා නියම කළේය. 15 January 2018
ඇමැති අමරවීර ගේන්න ගුවන් හමුදා යානයක් යාපනයට ගිය අමාත්‍ය මහින්ද අමරවීර මහතාට යළි කොළඹ පැමිණීම සඳහා ගුවන් හමුදා යානයක් ලබා දී තිබේ. 15 January 2018
කන්ටේනරයක් දක්ෂිණ අධීවේගයේ මැද වැට කඩාගෙන යයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට ගාල්ල දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් කිලෝ මීටර 12-13 අතර දී අද (15) අලුයම මාර්ගය මැද ඇති ආරක්ෂිත වැට කඩාගෙන ගොස් නතර වී ඇතැයි අධිවේගී මාර්ග පොලිිසිය පවසයි. 15 January 2018
නියෝජ්‍ය ඇමැතිනි ශ්‍රියානි අනතුරකින් රෝහලේ නියෝජ්‍ය අමාත්‍යවරියක් වන ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ගමන් කරමින් සිටි බෙන්ස් රිය කොළඹ නුවර මාර්ගයේ තඹුත්තේගම හේනවල වංගුව අසලදී අද (15) ගසක හැපීමෙන් නියෝජ්‍ය අමාත්‍යවරිය තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුල් කරන ලද බව පේරාදෙණිය පොලිසිය පවසයි. 15 January 2018
ආණ්ඩුවේ රැස්වීම්වලට ලංගම බස්වලින් සෙනඟ : මැකෝට පැමිණිලි ආණ්ඩුවේ දේශපාලන රැස්වීම්වලට පාක්ෂිකයන් ප්‍රවාහනය කිරීම සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ යොදාගෙන ඇති බවට මැතිවරණ කොමිසමට පැමිණිලි රැසක් ලැබී ඇතැයි එම කොමිසමේ ලේකම් හේමන්ත හේරත් මහතා ලංකාදීපයට පැවසීය. 15 January 2018
ගිය ආණ්ඩුවේ බැඳුම්කර මල්ලත් ලෙහයි මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදී සිදුවූ බැඳුම්කර නිකුත්කිරීම් සම්බන්ධයෙන්ද වෝහාරික විගණනයක් (නැවත සොයා බැලීමක්) සිදුකිරීමට මහබැංකුවේ මුදල් මණ්ඩලය පියවර ගෙන තිබේ. 15 January 2018
ජනපති ධුර කාලය අවුරුදු පහයි වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 න් පසුව හමාරවිය යුතු බව තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ජනාධිපති කාර්යාලයට දැනුම්දී ඇතැයි රජයේ නිල නොවන ආරංචි මාර්ගවලින් පැවසෙයි.ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය ඊයේ (14) සවස ජනාධිපති කාර්යාලයට දැනුම් දී ඇතැයි රජයේ ඉහළ පෙළේ දේශපාලන අංශ ආරංචි මාර්ගවලින් කියැවුණි. 15 January 2018
බැඳුම්කර වාර්තාවේ පිටපතක් අල්ලස් කොමිසමට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාවේ පිටපතක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට යවා ඇතැයි වාර්තා වේ. 14 January 2018
ලක්ෂ 25ක මත් පෙති සමඟ දෙදෙනකු සැකපිට ඉන්දියාවේ සිට රුපියල් ලක්ෂ 25 ක් පමණ වටිනා මත් පෙති , ගබ්සා පෙති සහ මත් කුඩු ඩප්පි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ . 14 January 2018
මංගලගේ චක්‍රලේඛය නවත්වන්න ජනපතිගෙන් උපදෙස් මත්පැන් අලෙවිසැල් පෙ.ව 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබීමටත් කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමටත් කටයුතු කරමින් මුදල් ඇමැතිවරයා නිකුත් කළ චක්‍රලේඛය වහාම වලංගු කිරීමට උපදෙස් දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි. 14 January 2018
ශ්‍රී ලංකා - චීන මිත්‍රත්වය ඉන්දීය හමුදා ලොක්කාට විසවෙයි ශ්‍රී ලංකාව වැනි රටවල් චීනය හා සම්බන්ධවීම ඉතා හොඳ තත්ත්වයක් නොවන බව ඉන්දීය යුද හමුදා ප්‍රධානී බිපින් රාවට් ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය පී.ටී.අයි පුවත් සේවය අද (14) වාර්තා කළේය. 14 January 2018
වැරදි පණිවුඩයකින් හවායි වැසියෝ කැලඹෙති ඇමරිකාවේ හවායි දූපත් වෙත වැරදීමකින් ලැබුණු මිසයිල අනතුරු ඇඟවීමේ පණිවුඩයක් හේතුවෙන් බොහෝදෙනා දැඩිලෙස කලබල වූ බව වාර්තා වේ. 14 January 2018
රාජ්‍ය නායකයෝ දෙදෙනෙක් ලබන සතියේ දිවයිනට මෙරට නිල සංචාරයන් සඳහා විදෙස් රාජ්‍ය නායකයින් දෙදෙනෙකු ලබන සතියේදී දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 14 January 2018
කරන්දෙනියෙන් කොටි පුල්ලි මතුවෙයි කරන්දෙණියේ මඩකුඹුර ප්‍රදේශයේ නිවසක තිබී විදේශීය හා මෙරට නිෂ්පාදිත තුවක්කු හතරක් සහ අත්බෝම්බයක් ද ඇතුළු අවි ආයුධ තොගයක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 14 January 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026