බ්‍රිතානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිහිටුවා ගෙන ඇති "වේල්ස් අපි" පදනම දෙවැනි වරට සංවිධානය කරන බක්මහ උළෙල මේ මස 14 වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 06.00 දක්වා එංගලන්තයේ කාර්ඩිෆ් හි ලැනිශන් උසස් පාසලේ දී පැවැත්වීමට නියමිතය.
අවුරුදු චාරිත්‍ර, ජාතික ක්‍රීඩා ,ළමා විවිධ ප්‍රසංගය, ළමා අවුරුදු කුමරා සහ කුමරිය තේරීම, අවුරුදු කෑම මේසය ඇතුළු සියළු සංස්කෘතික අංශ වලින් සමන්විත මෙම උත්සවයේදී සංගීත සැදෑවක්ද පැවැත්වේ.
බ්‍රිතාන්‍යයේ වෙසෙන සියලුම ශ්‍රී ලංකිකයන්ට මේ සඳහා සහභාගී වන්නැයි සංවිධායක මණ්ඩලය විවෘත ආරාධනයක් කර ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි