(කාංචන කුමාර ආරියදාස)
‘මෙරට දේශපාලනය උඩු යටිකුරු වී දේශපාලනය පිළිබඳව කතා කරන්නට බැරි අභාග්‍ය සම්පන්න තත්වයකට පත්වී ඇතැයි හිටපු අමාත්‍ය වර්තමාන මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
හිටපු ඇමැතිවරයා මේ බව සඳහන් කළේ අද (03) දඹුල්ල මහනගර සභාවේ දෙවැනි ධූර කාලය සඳහා තේරී පත් වූ නව නගරාධිපති ජාලිය හේමන්ත ඕපාත මහතා ගේ වැඩභාර ගැනීමේ උත්සවයට එක්වෙමිනි.
ජනතාව අමතමින් කියා සිටියේ මෙරට මන්ත්‍රීවරුන් මුදලට විකිනෙන බවය. තමන් වැනි මිනිසුන් මෙරට සොයාගැනීමටවත් නොහැකි බවද කිවේය .
4 වන දින ගෙන එන විශ්වාස භංග යෝජනාව කිසිදු රසක් නැති අගමැතිවරයෙක් එලවන දිනය බවද ඔහු අගමැති ධූරයෙන් ගියත් ඔහු අගමැති ධුරයෙන් නොගියත් කාබද්ධ විපක්ෂය ජයග්‍රහණය කරන බව ද කීවේය.
මවක් පියෙක් තම දරුවන්ට ආහාර ටික බෙදා දී මුට්ටියේ ඉතිරිවෙන දංකුඩ ටික දෙමව්පියන් ආහාරයට ගන්නා බවද එය වර්තමාන අගමැතිවරයා නොදන්නා බවද සදහන් කළේය.
තමන් වඩාත්ම ආදරය කරනු ලබන්නේ තම බිරිඳට සහ දරුවන්ට බවත් එහෙත් ඔවුන්ටත් වඩා තමන් දඹුල්ලට ආදරය කරන බවද හෙතෙම මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ප්‍රදේශයේ දුප්පත් ජනතාවට තමන් සේවය කළ බවත් එම ජනතාව දැන් පොහොසතුන් බවට පත්ව තමන්ව අමතක කොට ඇති බව මෙහිදී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි ඔව්.
අපි මේ ගැන දැනගෙන හිටියේ නැහැ නොවැ....? දැන් එතකොට කවුද එහෙම පිරිහෙන්න වැඩකලේ ??? රටේ පුරවැසියන් වන මේ අපි වෙන්න ඇති නේද ???
ඔය යසට කතා කරන්නේ......!
පිරිහෙන්න වල කපන්න ආපු අය කියනවා පිරිහිලාලු. අනේ මන්ද ඉතින්.
ජරා ප්‍රතිපත්තියක් නැති දේශපාලුවන් නිසා තමයි මේ තරම් පිරිහුනේ. වෙන රටවල මන්ත්‍රීලට අධ්‍යාපන සුදුසුකම් ඕනි. අපේ රටේ මොන සුදුසුකමටද රටේ නීති හදන තැනට මන්ත්‍රීලා දාන්නේ.
පිරිහෙන්න වගකියන්න ඕනේ පොදු මහජනතාව වෙන්නැති.
සුදුසු දෙයට නුසුදුසු පුද්ගලයන් පත් වුනොත් හෝ පත්කලොත් ඕනෙම දෙයක් පිරිහෙනවා ..රටේ දේසපාලනටත් වෙලා තිබෙන්නේ ඒකම නේද?