සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
‘‘මේ ආණ්ඩුව ඇතුළේ සිංහ හම පොරවගත්තු කොටළුවෝ ටිකක් ඉන්නවා. විශ්වාසභංගය හෙට අපි දිනලා ඒ කොටළුවෝ ටික පන්නනවා. ‘‘ යැයි ගම්පහ දිස්ත්රික් මන්ත්රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවදී අද (3) පැවසීය.
මාන්නප්පෙරුම මහතා මේ බව පැවසුවේ විශේෂ වෙළඳ භාණ්ඩ පනත යටතේ නිශ්චයන් පිළිබඳව විවාදයේදීය
අජිත් මාන්නප්පෙරුම මහතා මෙසේද කීය.
‘‘ ඒකාබද්ධ විපක්ෂය මේ විශ්වාසභංගය ගෙනල්ලා කළේ හොද දෙයක් . මොකද ඒකෙන් අපිට ආණ්ඩුව ඇතුළේ සිංහ හම පොරවා ගෙන ඉන්න කොටළුවෝ ටික හදුනාගන්න පුළුවන් වුණා. ඒකට ඒ අයට ස්තූති වෙනවා. මේ විශ්වාසභංගය අපිට වෙස් වලාගත් ආශිර්වාදයක් . අපි මේක දිනනවා . දිනන්නේ පොඩි ගාණකින් නොවෙයි. දිනලා පස්සේ ආණ්ඩුවක් හදනවා . හදන අලුත් ආණ්ඩුවේ කොටළුවෝ නැහැ‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව කියන කොට යු.එන්. පී. එකේ අයත් අයිති වෙනවද?
අර පැත්තේ යුඑන්පී වඳිනවා අනිත් පක්ෂවලට. තව පැත්තකින් ඒක කල්දමන්න හදනවා. මෙයාල පිළිගන්නේ නැති දේ තමයි ශ්රි ලංකාවේ වැඩිම ජනගහනයක් මෙයාලගේ රට පාවා දෙන ප්රතිපත්ති වලට විරුද්ධයි කියලා.
දොට්ට දමයි කියල තමා අපිත් මේ බයෙන් ඉන්නේ. මේ සේරගේම කතාව දෝලාවෙන්. ගමන බරව බැහැපු කකුල් දෙකෙන්. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමහරු පක්ෂවත් සමහරු විරුද්ධවත් තවත් සමහරු මධ්යස්තවත් තුන් පැත්තකට බෙදිලයි ඉන්නේ." සමහරු" කියන්නේ කීදෙනෙක්ද කියන එක මෙහිදී වැදගත් වෙනවා. මොකද මොන නුල් සුස්තරය දැම්මත් විශ්වාස භංගය පරාජය වෙන එක දැන් පැහැදිලි නිසා 6 වෙනිදා වෙනකොට වෙන්න යන පූර්ණ කැබිනට් සංශෝධනය සිදුකරන අවස්තාවේදී මේ සිද්ධාන්තය ඉතා වැදගත් වෙන නිසයි.
අපිට නම් පේන්නේ සිංහ හම් පොරව ගත්ත නරි කියලයි. ටිකක් නොවේ ඔක්කොම එකම වර්ගයේ බව අපට හඳුනා ගැනීමට පුළුවනි.
ශ්රී ලංකාවේ දෙශපාලකයෝ වැඩි දෙනෙක් සිතන්නේ තමන් ගැන පමණි. ඡන්දෙදෙදි ජනතාව මුලා කරනවා. දැන් නම් අපිට ඔය මොන දේ උනත් ඔට්ටුයි .
ඔබලාව පත් කල 62 ලක්ෂයක් කොටළුවෝ ගැන මොකද කියන්නේ.
මට නන් ඔය 225 ම කොටලුවො තමයි.
සුදු හංස සම පොරවගත්තු කම්භ හොරු එලියට වැටෙන්නේ නැතිව බේරගන්න හදන එක මහා ලොකු වීර ක්රියාවක් කියලද හිතන්නේ .
කෑ ගහනකොටම කොටළුව අඳුනා ගන්න පුළුවන්.