(ඩයනා උදයංගනී)
විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් විසින් මසකට අධික කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය වැඩවර්ජනය හෙට (4) උදෑසන අවසන් කරන්නට තීරණය කර තිබූ නමුත් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා අද (3) නිකුත් කිරීමට පොරොන්දු වූ චක්‍රලේඛය නිකුත් නොවූ බැවින් වැඩවර්ජනය ඉදිරියට ගෙනයාමට තීරණය කළ බව විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඞ්වඞ් මල්වත්තගේ මහතා පැවසීය.
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා සමඟ ඊයේ (2) පැවැත්වූ සාකච්ඡාවේදී ඇතිවූ එකඟතාවක් මෙම වර්ජනය අවසන් කරන්නට තීරණය කර තිබූ බවත්, ඒ සඳහා වන ලියවිල්ලක් පවා අමාත්‍යවරයා වෙත භාර දුන් බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් චක්‍රලේඛය නිකුත් වන තුරු වැඩවර්ජනය අත්හළ නොහැකි බැවින් තවදුරටත් තම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතවීමට සිදුවන බව ද සම සභාපතිවරයා කියා සිටියේය.
තමන් තවමත් සටන් කරන්නේ මීට වසර එක හමාරකට පෙර ඇතිවූ එකඟතාවක් මත පොරොන්දු වූ දීමනාවක් ලබාගැනීමට බව කී මල්වත්තගේ මහතා යළිත් එකඟතා විශ්වාස කර සටන අත්හළ නොහැකි බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නම් කාසි වලට සටන් පාවා දුන්නම මෙහෙම වෙනවා,
ගුවන් තොටුපොළ වර්ජනයට එසැණින් පිළිතුරු.. ඒත් මාස ගණන් ගතවුණ මේ වර්ජනයට පිළිතුරක් දෙන්න කවුරුවත් නෑ.. රටේ අධ්‍යාපනයට ගියපු කලක්...
මේ මිනිස්සු කරන වැඩ වලින් කරදර විඳින්නේ සරසවි සිසුන්. මෙහෙමත් මිනිස්සු?
මොනවා වුනත් විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න ළමයින්ගෙන් තමයි කවුරු කවුරුත් පලිය ගන්නේ.
සැරින් සැරේට පත්වෙන උසස් අධ්‍යාපන ඇමතිවරුන් පත්කර එවන අටපාස් නැති අය ආචාර්ය වරුන්ට සමවෙන්න හදනවා. මෙවුන්ට විශ්ව විද්‍යාල ගැන හැගීමක් නැහැ. ඉගෙන ගන්න දරුවන් ගැන හැගීමක්නැහැ. මස් රාත්තලම ඉල්ලනවා. අරගල කරන්න ඕනෑ වෙලාව මොකක්ද කියල තේරෙන්නේ නැහැ. රටක් අස්ථාවර වෙලාවක, ඇමති පත්වෙලා පුටුවේ වාඩිවෙන්න කලින්ම පටන්ගත්තා මස් රාත්තල ඉල්ලන්න. වෘත්තීය සංගම් නායකගොල්ලගේ මොලේ පරික්ෂා කරන්න ඕනේ. මේක රාජ්‍ය විශ්ව විද්‍යාල අඩපන කිරීමේ සහ පුද්ගලික විශ්ව විද්‍යාල ප්රචාරණයේ තවත් එක ගේමක්. මේකට අහිංසක සේවකයෝ වැටුප් කැපකරමින් පව් ගෙවනවා.
රටේ අධ්‍යාපනය මෙයට සම්බන්ඳ කරගන්න එපා. මෙයාලගේ ඉල්ලීම් අධ්‍යාපනයට කිසිම සම්බන්දයක් නැත.
අභීත ,මෙයාලගෙ ඉල්ලීම් අධ්‍යාපනයට සම්බන්ධ නොවෙන්න පුළුවන්. ඒත් මේකට විසඳුමක් නොදීම නිසා බිඳ වැටෙන්නෙ රටේ අධ්‍යාපනය කියලා අමතක කරන්න එපා.
දේශපාලන හෙන්චයියලා හෙවත් අධ්‍යාපන සුදුසුකම් නැති....පාප්ප බාල්දි ඉස්සීම, කඩේ යාම,රෙස්ට් තානායම් පමණක් සුදුසුකම් වූ අයට රස්සා දෙන ප්‍රධාන ආයතන වන විශ්ව විද්‍යාල වල අනධ්‍යයන සේවකයින් වහාම සේවයන් නෙරපන්න. 70% සමනය පෙළ වත් නැත
අභීත වැස්සකටවත් කැම්පස් එකකට ගිහින් තියෙනවද....??මොනයම් හෝ අධ්‍යාපන ආයතනයක හෝ වේවා අධ්‍යායන, අනධ්‍යයන සහ ශිෂ්‍ය යන උප පද්ධති 3න් එකක් නැතිව ඔය ඔබතුමාගේ කියන අධ්‍යාපනය සිදුවෙන්නෙ නෑ