ඉන්දිකා රාමනායක
මිනිමැරුම් ඇතුළු අපරාධ රැසක් සිදුකර දෝහා කටාර් රාජ්‍යයේ සැඟව සිට මෙරටට පැමිණ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන සරත් බණ්ඩාර නොහොත් ‘‘සරා මල්ලි ’’ නැමැත්තා බොරලැස්ගමුවේ ඔහුගේ නිවසේ සිටියදී බොරලැස්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු නැවත ලංකාවට පැමිණ සිටින බවට පොලිසියට ලැබුණු තොරතුරු මත බොරලැස්ගමුව පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද (3) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මොහු මාකදුරේ මධුෂ් හා අංගොඩ ලොක්කා ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයන් සමඟ සමීප සම්බන්ධකම් පැවැත්වු අයෙක් බවට හෙළි වී ඇති බවත් ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇත්තේ මොහු බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
2017 වසරේ බොරලැස්ගමුවේ දී පුද්ගලයින් දෙදෙනකු කපා කොටා ඝාතනය කිරීමට තැත්කිරිම, මතුගම, අලූත්ගම, වැලිපැන්න, කළුතර, ප්‍රදේශවලට සිදුකර තිබු අපරාධ රැසකට මොහු සම්බන්ධ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
2016 වසරේ වැලිපැන්න පොලිස් වසමේ ටී 56 ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීම, තවත් දෙදෙනකු ඝාතනය කිරීමට තැත්කිරීම, 2017 වසරේ වැලිපැන්න ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනකු කපාකොටා ඝාතනය කිරීමට තැත්කීරීම, 2017 වසරේ ගිනි අවියක් පෙන්වා පුද්ගලයකු පැහැරගෙන යාම, ඇතුළු අපරාධ රසක් මොහුට එරෙහිව වාර්තා වී ඇත.
මෙම අපරාධ සම්බන්ධයෙන් සැකකරුට මතුගම හා කළුතර මහේස්ත්‍රාත් අධිකරණ වලින් වරෙන්තු 5 ක් ඇති බවත් හෙතෙම කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මේ දකින්නේ අත්අඩංගුවට ගත්ත කියන විස්තරය පමණයි. එවිට ජනතාව හිතන්නේ මොහු දැන් හිරේට වැටෙනවා පාතාල ක්‍රියාකාරකම් ඉවරයි කියා නමුත් එය වැරදියි.. පාතාලය බිහිකළේ දේසාලකයායි. තම විරුද්දවාදීන් බයකර ගැනීමට මෙල්ල කරගැනීමට යොදාගන්නා ප්‍රධාන අවිය කරගෙන තිබෙන්නේ මේ පාතාලයයි. පාතාලය හා දේසපාලකයා යනු ගසයි ගසේ පොත්තයි වගේ එකට බැඳුනු දෙන්නෙක්. පාතාලය නැතිකරනවා කියන්නේ දේසපලකයාට බලයට එන්න තිබෙන මග ඇහිරෙනවා කියන එකයි. එනිසා දේසපාලකයා ඔහුගේ බලයෙන් මේ මැරයන් නිදහස් කරගන්නවා ..
අපේ රටේ උසාවි හරි ෂෝක්. සේරම අපරාදකාරයෝ එළියේ. බඩගින්නට අඹ ගෙඩි 3 ක් කඩපු අම්මා හිරේ .
මෙය කොහොමද එයා පොර්ට් එකෙන් ලංකාවට ඇතුල් වුනේ? වරෙන්තු දීල නැද්ද අල්ලන්න කියල? නැති නම් ගුවන් තොටුපලින් නැතිව වෙනත් මාර්ගයකින් ආවද? එහෙම මාර්ගයක් තියෙනවා නම් ඒක ගැන හොයන්න මුලින්ම. කුඩු එන්නෙත් ඒක හරහා වෙන්න පුළුවන්.
අපරාදේ මහන්සි උනේ. ඔය එලියට එනවනේ ටික දවසකින්.
ලංකාවේ මොකක් හරි දේකට නීතිය ක්‍රියාත්මක වුනාම, සමහර අය අහනවා දැන් එතකොට අහවල් කෙනා එළියේ ඉන්නවා, අඹ ගෙඩිය ගත්තම හිරේලු, පොල් ගෙඩිය ගත්තම හිරේලු. විකාර කතා. කොහේ හෝ තැනක වරදක් වෙනවා කියන්නේ තව ඒ වගේ වරදක් පෙන්නුවම අර වරද නිවැරදි වෙනවා කියන එක නෙවෙයි. අඹ ගෙඩිය ගත්තත්, පොල් ගෙඩිය ගත්තත් වැරැද්ද වැරැද්දමයි.