ප්‍රසාද් මුතුකුඩ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් දීමට රජය එකඟවීම නිසා කටුනායක ගුවන් තොටුපොළේදී අද (3) උදෑසන පැවැති උද්ඝෝෂණය සහ වර්ජනය අතහැර දැමීමට සේවකයෝ එකඟ වූහ.
ගුවන් තොටුපොළ සේවයකයන් නැවතත් සේවයට වාර්තා කරමින් සිටින බව ගුවන් තොටුපොළ බලධාරීහු කියති.
එක් සේවකයකුට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් අවශ්‍ය බවට වු ඉල්ලීම විෂයභාර ඇමැතිවරයාට ඉදිරිපත් කළ විට එය ඉරා කුණූ කූඩයට දැමීම මෙම විරෝධතාවයට ප්‍රධානම හේතුව වේ.
මේ නිසා ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ආරක්ෂාව තර කර පොලිස් කැරලි මර්දන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යොදවා තිබේ.
මෙම උද්ඝෝෂණය සඳහා කටුනායක, මත්තල, රත්මලාන ඇතුළු සියලුම අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ අත්තිඩිය සම්ප්‍රේෂණ හුවමාරු මධ්‍යස්ථානය මෙන්ම , පිදුරුතලාගල, රේඩාර් මධ්‍යස්ථානයේ සේවකයින් ද ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වී මෙම වැඩ වර්ජනයට සහභාගී වී සිටිති.
වැඩිදුර විස්තර බලාපොරොත්තු වන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපටත් මේ වැඩිකළ 10000 ඕන, මම පුද්ගලික සමාගමක සේවය කරන්නේ , අපට තියෙන්නෙත් වහාම පාරට බහින්න එකතුවෙලා , මොකද මේ වෙලාවේ ඕනෑම ඉල්ලීමක් දිනාගත හැකියි
රටේ ආර්ථිකයට බලපාන නිසා මේවට එක සැරෙන්ම විසඳුම් ලැබෙනවා. සරසවි අනධ්‍යයන සේවක වර්ජනයට මාස ගණන් ගත වෙලත් තවම හරියට විසඳුමක් නෑ. ජනාධිපතිට රටේ අනාගතය ගැනත් වගකීමක් සහිත හැගීමක් තිබුණා නම් මෙහෙම වෙන්නෙ නෑ...
ඇයි ඒ අය ඉගෙන ගත්තේ නිදහස් අධ්‍යාපනයෙන් නෙමෙයිද? ඇයි සාධාරණ ඉල්ලීම් ඉල්ලන අනිත් අයට බෙදන හැන්දෙන් මොවුන්ට බෙදන්නේ නැත්තේ. අඩුම තරමේ සමාජයෙන්වත්. මෙහෙම දෙයක් වෙනුවෙන් දොස්තරලා ස්ට්‍රයික් කරොත් කුලප්පු වෙන ජනයා රටේ සම්පත් මේ විදියට අවභාවිතා කරද්දී නෑසුන කනින් ඉන්නවා..