(මනෝප්රිය ගුණසේකර)
නාවික හමුදා ලූතිනන් යෝෂිත රාජපක්ෂ මහතාට පෞද්ගලික සංචාරයක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යෑමට කොළඔ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (3) අවසර දුන්නේය.
බදාදා (4) සිට ලබන 12 වැනි දා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය කර පැමිණීමට යෝෂිත රාජපක්ෂ මහතාට අවසර ලබාදුන් විනිසුරුවරයා දැනට අධිකරණය බාරයේ ඇති ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හැරීමටද නියම කළේය.
උපයාගත නොහැකි ආකාරය තහවුරු කිරීමට නොහැකි මුදලක් යොදවා කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් පුද්ගලික සමාගම (සී.එස්.එන්) පිහිටුවීමෙන් මුදල් විශුද්ධීකරණ පනත යටතේ වරදක් කර ඇතැයි කියන සිද්ධියට අදාළව විදේශ ගතවීමට තහනම් කර තිබිණි.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මුදල් විශූද්ධීකරණ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතා ඇතුලු පිරිසකට එරෙහිව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ පැමිණිල්ලක් ගොනු කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක අංශයන්ට සම්බන්ධ කිහිපදෙනෙක් අත්අඩංගුවට පත්වීමත් සමඟම පිටරට යන සංඛ්‍යාව වැඩිවෙන්න පටන් අරගෙන වගෙයි. සමහරු චීනෙට යනවා සමහරු ඇමෙරිකාවට යනවා සමහරු වෙනත් වෙනත් තැන්වලට යනවා. මොකද්ද මේ වෙන්නේ? විශ්වාස භංගය දිනාගන්න ලැබුනොත් හිතුවෙ නැති වෙනස්කම් රාශියක්ම සිද්ධවෙන්න පුළුවන්. එතකොට සේරම ආපහු එන්නත් බැරිනෑ.
මකුණු දැල් තියෙන්නේ මදුරුවන්ට වගේ කුඩා සතුන්ට මිසක, කාක්කන්ට රාජාලින්ට නොවේ. ලංකාවේ නීතිය මුදලට යට වුන විහිළුවක් විතරයි.
අනේ මන්දා මේ වෙන දේවල් වල හැටියට නීතිය නැවෙන්නේ කොතැනින් කොහොමද කියලා හිතා ගන්න බැහැ.
මෙය නොකළ යුතු දෙයක්. සියල්ල සැලසුම් සහගතව සිදුවන් බවක් පෙනේ.
හැම දේම තාවකාලිකයි.ඒ හින්දා බය වෙන්න එපා යෝෂිත.
මුදල් විශුද්ධිකරණය කරලා කියන්නේ හොරකමක් කරලා කියන එක නේද ?
රට යන්න ඕනේ වුනාම අයින් කරන්නයි, ලංකාව ඇතුලේ ඉද්දි දාලා තියන්නයි නම් මොකටද ඕක තියෙන්නේ. නිකම් බොරුවට අයින් කරන්නයි දාන්නයි පොත්වල ලියන්න කාලය සහ මහා ජනතාවගේ මුදල් වැය කිරීමක් පමණයි.
ජනතාවට සතුටුද?
මෙයා අර හොරට නාවික හමුදාවට ගිහින් අහු වුන කෙනා නේද ?