සිරංගිකා ලොකුකරවිට

ගාල්ල කොග්ගල මුහුදේ අද (3) දිය නෑමට ගිය පුද්ගලයකු මුහුදේ ගිලී මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය කියයි. 

වැලිගම පදිංචි 36 හැවිරිදි මෙම පුද්ගලයාගේ සිරුර දහවල් 1.30 ට පමණ හබරාදුව මුහුදු තීරයට ගොඩ ගසා තිබි ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන ඇත.

මොහු කොග්ගල ගුවන් හමුදා කඳවුරේ සිවිල් සේවකයකු බව පැවසේ.