( තිළිණි ද සිල්වා )
යුරෝපා පාර්ලිමේන්තු සාමාජිකයන් පිරිසක් හෙට (4) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
ලබන 6 වැනි දා දක්වා මෙරට රැදී සිටින එම කණ්ඩායම ජි.එස්.පි.ප්ලස් සහනය තුළින් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සහ ඒ සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව සොයා බැලීමට නියමිතයි.
අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ව්‍යාපාරිකයන් සහ සිවිල් සංවිධාන ඇතුළු කණ්ඩායම් සමඟ එම නියෝජිතයින් කොළඹ දී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.
පසුගිය වසරේ මැයි මාසයේ සිට ශ්‍රී ලංකාවට ජිඑස්පීප්ලස් බදු සහනය යළි ලබාදීමට ජාත්‍යාන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ යුරෝපා පාර්ලිමේන්තු කමිටුවේ මැදිහත් වීමෙන් තීරණය කෙරුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කී දෙනෙක් විතර එනවද ආයිබෝවන්? අපි නම් ඉතින් 200 ක් වත් යවනවා මේ වගේ වැදගත් වැඩ වලට. ඒ කිව්වේ ඉස්සර. දැන්නම් ටිකක් අඩු බව පේනවා, එත් ඉතින් අපි අපට තල්ලුව දෙන කට්ටිය කොහොම හරි රිංගව ගන්නවා. මේ මහත්තුරුත් එහෙමද, අනේ?
හෙට මදිවෙන ඡන්ද අරන් එනවද මන්ද.