ජාතික ආණ්ඩුව ඉදිරියට යන තීන්දුව මැතිවරණයෙන් පසුවට ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනයන්නේද නැද්ද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසු ගන්නා බව එම පක්ෂයේ ජාතික සංවිධායක, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 29 January 2018
ජලයත් හෙට පැය 4ක් වර්ජනයේ ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ බස්නාහිර පළාතට අයත් සේවකයන් හෙට පැය හතරක සංකේත වර්ජනයක නිරතවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පැවසීය. 29 January 2018
බැඳුම්කරේ නිර්දේශ ක්‍රියා කරන්න සමාලෝචන රැස්වීමක් බැඳුම්කර ජනපති කොමිසමේ නිර්දේශ ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සතියකට වරක් ප්‍රගති සමාලෝචන රැස්වීමක් පවත්වන්නේ යැයි ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි. 29 January 2018
කල්පිටි දුපත් වැසියෝ ප්‍රවාහන පහසුකම් ඉල්ලති කල්පිටිය අර්ධ දීපයට අයත්,දූපත් ඡන්ද දායකයින්ට සිය ඡන්දය පාවිච්චි කිරීම සඳහා පැවැත්වෙන එකම ඡන්ද මධ්‍යස්ථානය වන මොහොත්තුවාරම ඡන්ද මධ්‍යස්ථානයට පැමිණීම සඳහා ප්‍රවාහන පහසුකම් සපයා දෙන ලෙස දූපත්වාසී ඡන්ද දායකයෝ බලධරයන්ගෙන් ඉල්ලා සිටිති. 29 January 2018
විජිත හේරත් ජනපති හමුවීම ප්‍රතික්ෂේප කරයි බැඳුම්කර ජනපති කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ අද (29) පෙරවරුවේ කැඳවා තිබූ පක්ෂ නායක හමුවට සහභාගී වීම ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා ප්‍රතික්ෂේප කර තිබේ. 29 January 2018
උතුරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් උතුරු පළාතේ ක්‍රීඩාව වැඩි දියුණු කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක අවශ්‍යතාවය වෙනුවෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා සහ කණ්ඩායමක් යාපනයේ මන්ඩතිවු ප්‍රදේශයේ සංචාරයක නිරත විය. 29 January 2018
කෙහෙළියගේ ප්රතිශෝධන පෙත්සම ප්‍රතික්ෂේප වේ හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹූක්වැල්ල මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබු නඩුවකට අදාලව ඒ මහතා කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර තිබු ප්රතිශෝධන පෙත්සම මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් ප්‍රතික්ෂේප කරන ලදී. 29 January 2018
අඹගමුව ප්‍රා.සභාව කැඩීමට එරෙහි පෙත්සම ඉවතට අඹගමුව ප්‍රාදේශීය සභාව කොටස් තුනකට කැඩීමට එරෙහිව ඉදිරිපත් කර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) ප්‍රතික්ෂේප කළේය. 29 January 2018
හිටපු ජනපති ලේකම්ගේ රට යන අවසරය ඉවතට හිටපු ජනපති ලේකම් ලලිත් විරතුංග මහතාට විදේශ ගත විමට අවසර ලබාදිම අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ප්‍රතික්ෂේප කළේය. 29 January 2018
අනධ්‍යන සේවක වරප්‍රසාද කප්පාදුවට විරෝධය පාසල්වල සේවයේ නියුතු අධ්‍යාපන අනධ්‍යන කාර්ය මණ්ඩලවල සේවකයින්ට ඔවුන්ගේ දරුවන් එම පාසලටම ඇතුළත් කරගැනීමට හිමිව තිබූ වරප්‍රසාදය මෙවර අහිමි කර ඇතිබව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න මහතා පැවසීය. 29 January 2018
පර්පචුවෙල් ව්‍යාපාර සමූහයේම ගිණුම් තහනම් කරයි ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පර්පචුවෙල් ව්‍යාපාර සමූහයට අයත් සමාගම් 28හිම බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට මහ බැංකු මූල්‍ය බුද්ධි ඒකකය පියවර ගෙන ඇතැයි මහ බැංකු ආරංචි මාර්ගවලින් පැවසේ. 28 January 2018
මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 12ක් අත්අඩංගුවට ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 2 ක් ඊයේ (27) නාවික හමුදා භාරයට ගන්නා ලදී. 28 January 2018
සෙන්දිල් තොන්ඩමන් තදින් හිටී ඌව මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා විසින් දණගැස්වූ බව කියන බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනි භවානි රගුනාත් මහත්මිය කිසිදු හේතුවක් මත හෝ වෙනත් පාසලකට ස්ථාන මාරුකර නොයවන බව ඌව පළාත් වතු යටිතල පහසුකම් සහ දෙමළ අධ්‍යාපන කටයුතු බාර අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා පැවසීය. 28 January 2018
පෞද්ගලික රෝහල් නියාමනය 4 වැනිදා සිට පෞද්ගලික රෝහල් නියාමනය කිරීම පෙබරවාරි 04 වැනිදා වන විට ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 28 January 2018
ශ්‍රී ලංකාව නිරායුදකරණ සමුළුවේ පළමු සභාපති තනතුරට ශ්‍රී ලංකාව ජීනිවා නුවර එක්සත් ජාතීන්ගේ නිරායුධකරණ සමුළුවේ 2018 වසරේ පළමු සභාපතිධුරයට පත්ව තිබේ. ශ්‍රී ලංකාව අවසානවරට එක්සත් ජාතීන්ගේ නිරායුධකරණ සමුළුවේ සභාපතිධුරයට පත්වූයේ 2007 වසරේදීය. 28 January 2018
සංගීත සංදර්ශනය වටලා මත්පෙති, මත්පැන් සමග 3 ක් අත්අඩංගුවට කැකිරාව නගරයේ රෝහල ආසන්නයේ ගොඩනැගිල්ලක පැවැති සංගිත සංදර්ශණයක් වටලා එම ස්ථානයේ අළෙවි කිරිමට තිබු මත් පෙති 30ක් බියර් බෝතල් 68ක් සහ විදේශිය මත්පැන් බෝතල් නවයක් සුඛෝපභෝගි මෝටර් රථයක් සමග තරුණයන් තිදෙනෙකු අත් අඩංගුවට ගත්බව උතුරු මැද සුරාබදු කොමසාරිස් ඩබ්.එන්.බි.රෝයි ප්‍රනාන්දු මහතා පවසයි. 28 January 2018
ශ්‍රී ලන්කන් ලොක්කා ඉවත් කරන්න අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් සුරේන් රත්වත්තේ මහතා ඉවත් කිරීමට එහි අධ්යක්ෂ මණ්ඩලය කටයුතු කර තිබේ. 28 January 2018
බැඳුම්කර ගැන තිලක් මාරපන වාර්තාවත් සූදානම් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රියාවලියට එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් සම්බන්ධ දැයි සොයා බැලීම සඳහා පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව හෙට (29) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාර දීමට නියමිතය. 28 January 2018
ඉන්දියානුවාගේ මල්ලේ ලක්ෂ 50ක රන් කුට්ටියක් රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා රත්තරන් කුට්ටියක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ 48 හැවිරිදි ඉන්දීය ජාතිකයකු අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි. 28 January 2018
කාත්තන්කුඩි තරුණයා ළඟ ලක්ෂයක හොර සල්ලි කාත්තන්කුඩි ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණයකු රුපියල් ලක්ෂයකට අධික හොර නෝට්ටු සමග අත්අඩංගුවට ගැනීමට කොළඹ මධ්‍යම නීතිය බල ගැන්වීමේ ඒකකයේ නිලධාරීන් සමත්වී ඇත. 28 January 2018
සිසුවිය බිය කර මුදල් ගැරූ පෙම්වතා අල්ලයි ප්‍රේමසම්බන්ධතාවය පවත්වන කාලයේ දී ලබා ගන්නා ලද නිරුවත් ඡායාරූපඅන්තර්ජාලයට මුදා හරින බව පවසා සරසවි සිසුවියක බිය ගන්වමින් වරින් වර මුදල් ලබා ගත් බව කියන තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලීසිය පවසයි. 28 January 2018
දින 27 යි ඩෙංගු රෝගීන් 4900 යි 2018 වර්ෂයේ ගතවූ දින 27 තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 4900ක් පමණ වාර්තාවි ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවාය. 28 January 2018
කාබුල් බෝම්බයෙන් මියගිය ගණන 95 ට නගී ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවරට සෙනසුරාදා (28) එල්ල වූ මරාරගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස 95 දක්වා ඉහළ ගොස් තිබේ. 28 January 2018
රෝසි රෝහලේ මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් අතරතුර වැල්ලවත්ත කෝකිලාපුරදී හදිසි අනතුරකට ලක් වූ හිටපු ඇමැති රෝසි සේනානායක මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කර ඇතැයි ආරංචි මාර්ග කියයි. 28 January 2018
ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න ජනපති මෛත්‍රී සන්ධානයේ 96 දෙනාට හෙට එන්න කියයි පාර්ලිමේන්තුවට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරු අනූහය දෙනාම තමන් සමග එකට එකතු වෙනවානම් හෙට ශ්‍රීලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න තමන් සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27දා) සවස රත්නපුර නගරයේ පැවති එක්සත් ජනතා නිදහස් සංධානයේ පළාත් පාලන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ රැස්වීමක් අමතමින් පැවසුවේ ය. 27 January 2018
කෝටි 2 ක මත්ද්‍රව්‍ය කටුනායකින් අල්ලයි රුපියල් කෝටි දෙකක් පමණ වටිනා මෙතැම්පටමයින් යන රසායන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන , භයානක මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ 21 හැවිරිදි නයිජීරියානු ජාතික තරුණියක් 1/21 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 27 January 2018
තුන්කොන් තරගාවලියේ කුසලානය ශ්‍රී ලංකාවට බංග්ලාදේශයේදී පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී බංග්ලාදේශය ලකුණු 79 කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ ශූරතාව දිනාගත්තේය. 27 January 2018
වැල්ලවායේ අනතුරකින් 4 ක් මරුට වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තෙළුල්ල පීල්ල හන්දියේ දී අද (27දා) සවස මෝටර් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් සිදුවූ අනතුරෙන් මෝටර් රථයේ ගමන් කළ හතර දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කුඩා ඔය පොලිසිය පවසයි. 27 January 2018
ශ්‍රී ලංකාව 221 යි බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වෙන අද (27) පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 221 ක් ලබාගත්තේය. 27 January 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026