අමදෝරු අමරජීව
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වැඩි මන්ත්‍රි ධුර සංඛ්‍යාවක් හිමිවූ මොරවැව ප්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත්විය.
සභාපති ධුරය සදහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණින් ඩබ්.ආර්.ජගත් කුමාර මහතාත් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පොල්හේන්ගොඩ උපරතන හිමිත් අතර පැවති ඡන්ද විමසිමේදි ජන්ද හතක් ලබාගත් ජගත් කුමාර මහතා පරදවා ඡන්ද නවයක් ලබාගත් උපරතන හිමියෝ ජයග්‍රහණය කළහ.
උපරතන හිමිගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉලංගෙයි තමිල්අරසු කච්චි මන්ත්‍රි ටි.රාජමනි මහතාද සිය ඡන්දය ලබාදීම විශේෂත්වයකි. උප සභාපති ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ සාලිය රත්නායක මහතා හා පොදුජන පෙරමුණින් සම්පත් සිරිසේන මහතා අතර පැවැති ඡන්දයේදි සාලිය රත්නායක මහතා ජය ගත්තේය.
මෙම ඡන්ද විමසිම පළාත් පාලන කොමසාරිස් එම්.වයි.සලිම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මොරවැව ප්‍රාදේශිය සභාවේ සභික ධුර සංඛ්‍යාව 16කි.
ඉන් හතක් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට හිමි අතර එක්සත් ජාතික පක්ෂයට හා එක්සත් ජනතා නිදහස් සන්ධානයට හතර බැගින් සභික ධුර අටක්ද ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයට එක් සභික ධුරයක්ද හිමිවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර පවත්වපු ඡන්දෙ අවසාන ප්‍රතිඵලය වන ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීම සලකා බැලුවම සමහර තැන්වල ඡන්ද දායකයාගේ බහුතරය නියෝජනය වෙනවාද කියන එක ලොකු ප්‍රශ්නයක්... ඇත්තටම මේක ඉක්මණින් නිවැරදි කලයුතු දේශපාලන විකුර්තියක්...
හාමුදුරුවනේ , ඔය තනතුරේ ඉඳල , ඔය සභා වලට එන සභිකයන්ට හරියට පන්සිල් පද 5 පිලි පදින්න උගන්වන්න. පන්සිල් පද 5 හැම ආගමකටම පොදුයි.
අපේ හාමුදුරුවරු නම් ජරා වැඩවලින් ඉවත්වෙලයි වැඩ සිටින්නේ...