පාර්ලිමේන්තුව කැඳවන ලෙස අගමැතිගෙන් ඉල්ලීමක් බරපතළ දූෂණ හා වංචා විමර්ශන සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා පිළිබඳ විවාදයක් සඳහා ලබන මස (පෙබරවාරි) 8 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන්න‘යි තමන් කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියයි. 27 January 2018
සතුන්ට දැමූ විදුලි රැහැනේ පැටළී අයෙක් මියයයි පදවිය බෝගහවැව ප්‍රෙද්ශයේ අනවසර මත්පැන් අළෙවි කල නිවසක් පොලිසිය විසින් වටලන අවස්ථාවේදි එම නිවසේ මත්පැන් පානය කරමින් සිටි 30 හැවිරිදි පුද්ගලයෙකු පොලිසියෙන් බේරිමට දුවයද්දි අසල නිවසක ගෙවත්තක් වටා ඇදැ දමා තිබු විදුලි රැහැන්වල පැටලි ඊයේ(26) දින රාත්‍රි මිය ගොස් ඇතැයි පදවිය පොලිසිය කියයි. 27 January 2018
‘‘ෆෙයාර්වේ‘‘ සම්මාන උලළේ හොඳම නවකතාව ‘‘පණ්ඩක පුත්‍ර වස්තුව‘‘ අනුරසිරි හෙට්ටිගේ රචිත පණ්ඩක පුත්‍ර වස්තුව නවකතාව තුන්වැනි ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මාන උලළේදී 2017 වසරේ හොඳම සිංහල නවකතාවට හිමි සම්මානය හිමි කරගැනීමට අද (26) සමත් විය. 26 January 2018
ජනපති මෛත්‍රී රහස් හෙළිකරයි වත්මන් ආණ්ඩුව බලයට පත්වී මාස දෙකෙන් රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකෑ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) පැවැසීය. 26 January 2018
කැළණි පෙරහර වෙනුවෙන් නව රථවාහන සැලැස්මක් කැළණි දුරුතු පෙරහර වෙනුවෙන් නව රථවාහන සැලැස්මක් 27,28,29 තෙදින තුල ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය සඳහන් කරයි. 26 January 2018
ලංකාවේ ධීවර පනත සංශෝධනය කළාට තමිල්නාඩුවෙන් විරෝධයක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට නීති විරෝධීව විදේශීය ධීවර යාත්‍රා ඇතුළුවීම වැලැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය විසින් ධීවර පනත සංශෝධනය කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ඊ. පලනිස්වාමි විසින් ඉන්දීය අගමැතිවරයා වෙත සිය අප්‍රසාදය පළ කර ඇතැයි ඉන්දියාවේ පළවන ඞී.එන්.ඒ. පුවත්සේවය අද (26) වාර්තා කළේය. 26 January 2018
දකුණේ ‘මදූෂ්‘ බාර නොවුණොත් දේපළ රාජසන්තකයි දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටියගේ මහතා ඝාතනයේ ප්‍රධාන සැකකරු වු දකුණේ ප්‍රකට පාතාල කල්ලි නායක මදුෂ් ලක්ෂිත නැමැත්තා ලබන මාර්තු මස 27 වැනිදාට පෙර අධිකරණයට හෝ පොලීසියට භාර නොවුනහොත් ඔහුගේ සියලු දේපල රාජසන්තක කිරීම සම්බන්ධයෙන් නියෝගයක් ලබා දෙන බව මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණී විතාරණ මහත්මිය නියම කළාය. 26 January 2018
ඌව පළාත් සභා ගැටුමේ පිරිසකට ඇප ඌව පළාත් සභාව ඉදිරිපිටදී ගැටුමකට සම්බන්ධ වීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ඌව පළාත් සභාවේ එජාප මන්ත්‍රී ඒ ගනේෂමූර්ති මහතා රුපියල් 10000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් සුජීවන සිල්වා මහතා අද (26) නියෝග කළේය. 26 January 2018
ඇප කොන්දේසි කඩ කළැයි සෞන්දර්ය කැඳවුම්කරු රිමාන්ඩ් මින් වසර දෙකකට පෙර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී විරෝධතාවක් සිදුකර මහජන පීඩා සිදුකළැයි කියන සිද්ධියකට අදාළව ඇප කොන්දේසි කඩ කළ සෞන්දර්ය විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ආත්මා ප්‍රියදර්ශන ලබන 09 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ මහතා අද (26) නියෝග කළේය. 26 January 2018
කුවෙට්හී ශ්‍රී ලාංකිකයින්ට පොදු සමා කාලයක් නීත්‍යානුකූලව වීසා බලපත්‍ර නොමැතිව කුවේට් හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීම සඳහා එරට රජය විසින් ලබන සඳුඳා (29) සිට බලපැවැත්වෙන පරිදි පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇතැයි කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. 26 January 2018
දකුණු කොරියාවේ රෝහලක ගින්නකින් 41 මරුට දකුණු කොරියාවේ රෝහලක හටගත් ගින්නකින් 41දෙනකු පමණ මියගොස් 70දෙනකු පමණ තුවාල ලබා ඇත. තුවාල ලැබූ අටදෙනකුගේ තත්ත්වය බරපතල බැවින් මියගිය සංඛ්‍යාව ඉහල යාමට ඉඩ ඇති බව වෛද්‍යවරු පවසති. 26 January 2018
වික්ටර්ගේ බිරිය යළි රිමාන්ඩ් රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත්ව සිටි ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිද වන හෂිනි අමේන්ද්‍රා මහත්මිය අද (26) නැවත නඩු විභාගය සදහා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු යළි පෙබරවාරි 9 වැනි දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට වැඩබලන මහේස්ත්‍රාත් විදුර වීරකෝන් මහතා නියෝග කළේය. 26 January 2018
මම ආයෙත් එනවාද කියා තවම තීරණයක් නෑ - ජනපති මෛත්‍රී මීළඟ ජනාධිපතිවරණයට තරඟ කරනාවාද නැත්ද යන්න මෙතෙක් තීරණය කර නොමැති බවත් ජීවත් වන තුරා දේශපාලනය කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 26 January 2018
ජවිපෙ අපේක්ෂකගේ නිවස ගිනි ගනී ආගරපතන ප්‍රාදේශිය සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් මෙවර පළාත් පාලන මැතිවරණය සදහා තරග කරන රංජිත් උපාලි මහතාගේ නිවස බ්‍රහස්පතින්දා (25) රාති‍්‍රයේ ගිනිගෙන විනාශ වි ඇති බව ආගරපතන පොලිසිය පවසයි. 26 January 2018
ඡන්දය දාන හැටි මුහුණු පොතට දැමු 4ක් දැලේ තැපැල් ජන්දය සලකුණු කළ ආකාරය ජංගම දුරකතනයෙන් ජායාරුප සහ වීඩියෝගතකර මුහුණු පොතට දැමු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 26 January 2018
ජනාධිපති විමර්ශන කොමිසමෙන් නඩු දෙකක් ජනාධිපති විමර්ශණ කොමිසමේ නිර්දේශ මත මුල්ම නඩු දෙක නීතීපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද (25) පවරන ලදී. බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් සෙවීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශණ කොමිසමේ නිර්දේශ මත මෙලෙස මුල්ම නඩු දෙක පවරන ලද්දේ හිටපු ධීවර කටයුතු ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුලු පිරිසකට එරෙහිවය. 25 January 2018
විදුහල්පතිනිය දණගැස්වීම ගැන පැමිණිලි විභාගය පැය 10ක් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනිය දණගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වන පැමිණිලි විභාගය අද (25) පැය 10ක් පුරා කොළඹ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. 25 January 2018
දරු දෙදෙනාටත් වස පොවා අම්මත් වහ බීලා වයස අවුරුදු එක හමාරක් හා දෙක හමාරක් වූ තම දරු දෙදෙනාට වස පොවා තමුන්ද වස පානය කළ බව කියන කාන්තාවක් අද (25) මහියංගන මූලික රෝහලට ඇතුලත් කර තිබේ. 25 January 2018
හිටපු ජනපති ලේකම් සහ ගණකාධිකාරි අත්අඩංගුවට ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු අතිරේක ලේකම් ඒ.ස් ගුණරත්න හා හිටපු ප්‍රධාන ගණකාධිකාරී ඒ.එල්.ඩී ගුණරත්න මහත්වරුන් අද (25)අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ විමර්ෂණ ඒකකය කියයි. 25 January 2018
සයිටම් අර්බුදයට විසඳුම් ඉල්ලා 30 වැනි දා වැඩවර්ජනයක මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාල අර්බුදයට විසඳුම් ලබා නොදීම වෛද්‍යවරුන්ගේ වෘත්තිය ගැටළුවලට විසඳුම් නොලැබීම යන කරුණු මුල් කරගනිමින් මේ මස 30 වැනි දා දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරිමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. 25 January 2018
එක්නැලිගොඩගේ බිරිඳ ඇතුළු මව්වරු කොටුවේ උද්ඝෝෂණයක මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ හා නාවික හමුදා අතුරු කල්ලියක් විසින් පැහැරගනු ලැබුවේ යැයි කියන දරුවන්ගේ මව්වරුන් පිරිසක් එක්ව සංවිධානය කළ විරෝධතාවක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විය. 25 January 2018
ගෝඨාට එරෙහි අතුරු තහනම් නියෝගය දිගුවෙයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ පරීක්ෂණ පැවැත්වීමෙන් සහ ඉදිරි අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය ලබන පෙබරවාරී 15 වැනි දා තෙක් වළකාලමින් අභියාචනාධිකරණය අද (25) අතුරු තහනම් නියෝගය දීර්ඝ කළේය. 25 January 2018
සරසවි සිසුන්ට කදුලු ගෑස් ප්‍රහාර සරසවි සිසුන්ගේ විරෝධතා පාගමන කොල්ලුපිටිය මංසන්ධියේ දී මීට සුළු මොහොතකට පෙර පොලිසිය කදුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරියහ. 25 January 2018
ලිප්ටන් අසපුවේ ජර්මන් යුවලක් අනතුරට හපුතලේ ලිප්ටන් අසපුව හි දී අද (25) සිදු වු රිය අනතුරකින් ජර්මන් ජාතික යුවලක් තුවාල ලබා හපුතලේ දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය කියයි. 25 January 2018
ශ්‍රී ලංකාව අවසන් තරගයට එයි බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේදී අද (25) පැවැති තරගයේදී බංග්ලාදේශය කඩුලු 10 කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. 25 January 2018
ඡන්ද පත්‍රිකා 288ක් නිවසකින් මතුවෙයි මුලතිව් විශ්වමඩු තැපැල් කාර්යලය මගින් බෙදීමට නියමිතව තිබු නිල ඡන්ද පති‍්‍රකා 288 ක් අද (25) පුදුකුඩිඉරුප්පු තේරාවිල් ප්‍රදේශයේ නිවසක අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරුප්පු පොලිසිය කියයි. 25 January 2018
හයිලෙවල් පාරේ මාර්ග තදබදයක් නුගේගොඩින් ආරම්භ වූ සයිටම් විරෝධී පෙළපාලිය හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ 25 January 2018
බැසිල්ගේ ජීඅයි යකඩ බට නඩුව ජුනියේ විභාගයට පසුගිය ජනාධිපතිවරණ සමයේදී ප්‍රාදේශීය සභා අතර ජී.අයි. යකඩ බට බෙදා හැර රජයට රුපියල් කෝටි 3 1/2කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්ෂක ජනරාල්වරයාට එරෙහි නඩුව ලබන ජුනි 4 වැනි දා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (25) නියම කළේය. 25 January 2018
සරසවි අනධ්‍යයන සේවකයෝ වර්ජනයක පොරොන්දු වූ පරිදි මාසික හිලව් දීමනාව ලබාදීම, දේපල ණය සීමාව වැඩි කර ගැනීම, වෛද්‍ය රක්ෂණාවරණයක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්යය මණ්ඩල සේවකයෝ අද (25) සංකේත වැඩ වර්ජනයක නිරතවූහ. 25 January 2018
රේගු නිලධාරීහු කළු පටි පැළඳ සේවයට රේගු බලධාරීන්ගේ වැටුප් විෂමතාවය විසදීමට බලධාරීන් මෙතෙක් පියවර නොගැනීමට විරෝධය දක්වමින් සියලු රේගු නිලධාරීන් කළුපටි පැළඳ රාජකාරියේ යෙදීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් අද (25) සිට ආරම්භ කළ බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලාල් වීරකෝන් මහතා පවසයි. 25 January 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026