අජන්ත කුමාර අගලකඩ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හය දෙනකු ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කැබිනට් අමාත්‍ය ධුර වල වැඩ බැලීම සඳහා කැබිනට් ඇමැතිවරුන් හතර දෙනකු පත් කර තිබේ.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ධුරයේ සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සඳහා ඇමැති සරත් අමුණුගම මහතා ද, අාපදා කළමනාකරණ අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සඳහා රංජිත් සියඹලාපිටිය මහතා ද, ක්‍රීඩා අමාත්‍යංශයේ වැඩ බැලීමට අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ද, සමාජ සවිබල ගැන්වීමේ හා කම්කරු අමාත්‍යංශයේ වැඩ බැලීමට ඇමැති මලික් සමරවික්‍රම මහතා ද පත් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරියට නියරක වතුර කාන්දු වෙන එක නවත්තන්න යටි පැත්තෙන් මඬ බඳිනවා වගේ වැඩක්.
මේ වගේ ආණ්ඩුවක් වෙන කොහෙවත් දැකලා තියේද? ඉස්සර ආණ්ඩුවක ඇමැතීන්ගේ නම් අපිට කට පාඩම්.
මේක ආණ්ඩුවක් නෙමෙයි කැද හැලියක්. අච්චාරුවක්.
විශිෂ්ට තීරණයක් ජනාධිපතිතුමනි. යහපාලන රජය ශක්තිමත් කරමින් ඉදිරියට යාම අපේ පැතුමයි.
මේ ආණ්ඩුව ආව දවසේ ඉදලා මෙලෝ වැඩක් කලේ නැහැ. කරන්නේ හැමදාම ඇමතිවරු මාරු කරන එක විතරයි. මිනිස්සුන්ට කිසිම දෙයක් කරන්නේ නැහැ.
මේ වගේ ආණ්ඩුවක් ලංකාවට කවදාවත් ඇවිල්ල නැ, හොඳම දේ තමයි විසුරුවලා ඡන්දයකට යන එක.
මහජන ඡන්දයෙන් පත්වුණ අයව විතරක් පත්කරන්න බැරිද?
ඒ වැඩෙත් බාගෙට.
අද අපේ රටට අවශ්‍ය "වැඩ කරන" මිසක් "වැඩ බලන" ඇමතිවරු නොවේ.
අපිට රටේ බය නැතුව කතා කරන්න උද්ගෝෂණය කරන්න වර්ජනය කරන්න පිකටින් කරන්න තව ඉතුරු වෙලා තියෙන්නේ අවුරුදු එක හමාරක් විතරයි.
මේ ආණ්ඩුව හරියට කක්කුටු ආණ්ඩුවක් වගේ. කක්කුට්ටෝ ටිකක් හාරන වලවල් ටික, තව කක්කුට්ටෝ ටිකක් වහනවා වගේ වැඩක්. හැබැයි ඔය කක්කුට්ටන්ට කවදාවත් කකුළුවෝ වෙන්න බැහැ.
සමෘධි අමාත්යංශය අහෝසි කර ජනසවිය අරඹන්න, ඇමතිකම සජිත්ට දෙන්න.
රට වෙනුවෙන් බරටම වැඩ කරන්න ඇවිල්ලා ඉන්න මේ ටිකට ඉස්සෙල්ලම හොද වාහන ටිකක් අරන් දෙමු අපේ බදුමුදල් වලින්
මොනා කරනවද මන්දා? 106 කුත් තියාගෙන. ඔය කවුරු හරි 10 දෙනෙක් එකතු කරගෙන යුඑන්පී ආණ්ඩුවක් පිහිටුවාගෙන, රට ඉදිරියට ගෙනියන්න. අවුරුදු 20 ක් පූරා පීඩාවට ලක් වෙලා හිටපු යුඑන්පී පාක්ෂිකයින්ට සහන සලසන්න. නැති උනොත් ඊළඟ මැතිවරනෙන් ඔය 106 ය 16 ට බහිනවා සිකුරුයි.
මේ රටට ඕනේ වැඩ වැඩ බලන ඇමතිලා නොවෙයි වැඩ කරන ඇමතිලා. වැඩ බලන එක ජනතාව කරාවී.
අවුරුදු 20 ක් පුරා පීඩාවට ලක් වෙලා හිටපු යුඑන්පී පාක්ෂිකයින්ට සහන සලසන්න.