හිරාන් ප්රියංකර ජයසිංහ
මුන්දලම කරියන්කල්ලිය ප්රදේශයේ දී අද සවස සිදුවූ අනතුරින් අයකු මරණයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා හලාවත මූලික රෝහලට ඇතුලත් කර ඇති බව මුන්දලම පොලිසිය පවසයි.
යාපනයේ සිට පනාගොඩ දක්වා ගමන් කරමින් තිබූ යුද හමුදා ට්රක් රථයක් හලාවත සිට පුත්තලම දෙසට ධාවනය වෙමින් තිබු යතුරු පැදියක් හා ත්රී රෝද රථයක ගැටි ඇතැයි පොලිසිය කියයි.
පොලිසිය පවසන්නේ යුධ හමුදා ට්රක් රථය කිසියම් හේතුවක් නිසා එහි රියදුරුට පාලනය කර ගත නොහැකිව ප්රති විරුද්ධ දිශාවේ සිට ගමන් ගත් යතුරුපැදිකරු සහ ත්රි රෝද රථය අනතුරට ලක් කරමින් මාර්ගයේ අනෙක් දෙසට ඇදී ගොස් නැවති ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධයක් නැති මේ රටේ රණවිරුවෝ වාහන පදවන්නේ පුදුම වේගෙකින්. ඇයි ඒ? ඇයි පොලිසියෙන් මේ අයව අල්ලන්නේ නැත්තේ?
ලංකාවේ සිදුවෙන අනතුරු වලින් සීයට අනුවක්ම සිදුවෙන්නේ ඔය කියන කිසියම් හේතුව නිසායි. කිසියම් හේතුවක් කියන එක උසාවියේදී නම් කියවෙන්නේ පාලනය කරගත නොහැකි තරම් වේගයෙන් රිය පැදවීම කියලයි .
කිසියම් හේතුවක්? බීලා නෙමේනේ නැත්නම් අර නිදිමත වේගය නැත්නම් මොකක්ද? එක්කෝ කමක් නැ රට බේරා ගත්තු අයනේ නේද. මුකුත් කියන්න එපා දඩුවම් දෙන්නත් එපා. එයාල වීරයෝ නේ
හමුදාවේ ට්රක් රථ එලවන්නේ හරියට පිටිපස්සෙන් පන්නන සතුරු බලකායකින් බේරෙන්න යනවා වගේ. මාර්ග නීති පිලිපදින්නේත් නැහැ. මාර්ගය භාවිත කරන අනිකුත් කිසිවෙක් ගැන අවධානයක් යොමු කරන්නෙත් නැහැ.
මේ අය නිල ඇඳුම ඇඳ ගත්තම හිතන්නේ දෙවිවරු කියලා
යුද සේවයේ සිටි රණවිරුවන් පුනරුත්ථාපනය කරන්න. පුනරුත්ථාපනය නොකළ රණවිරුවන් බැරැක්ක වලින් පිටත රාජකාරි වලට එවන්න එපා. යුද සමයේ කාර්ය බහුලත්වය නිසා විවාහ මග හැරුණු රණවිරුවන්ට හමුදා සුභ සේවා සමිති මගින් විවාහ වන්නට උපකාර කරන්න. මේ ක්රියා මාර්ග මගින් රණවිරුවන්ගෙන් දැන් දැන් සමාජයට එල්ල වන හානිය අවම කර ගත හැකියි.