ශ්‍රී ලංකාවේ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය අවභාවිත වීම නැවැත්වීමට ශක්තිමත් පියවර ගැනීමේ අවශ්‍යතාව තේරුම් ගෙන ඇතැයි ද, සිංහල භාෂාව කතා කරන පිරිස් වැඩි වශයෙන් ප්‍රජා මෙහෙයුම් සහ අන්තර්ගත නිරීක්ෂණ කණ්ඩායම්වලට සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වන්නේයැයි ද ෆේස්බුක් සමාගම ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය පර්යේෂකයකු වන සංජන හත්තොටුව මහතාට දැනුම් දී තිබේ.
ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් වෙනුවෙන් එම දැනුම් දීම කර ඇත්තේ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ ඉන්දියාව සහ ආසියාව වෙනුවෙන් පත් කරන සිටින මහජන ප්‍රතිපත්ති අධ්යක්ෂ ෂිව්නාත් තුක්රල්ය.
මහනුවර ඇති වූ සිදුවීම්වලින් අනතුරුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වන සංජන හත්තොට්ටුව සහ නාලක ගුණවර්ධන මහත්වරුන් සමඟ ෆේස්බුක් නියෝජිතයෝ පසුගිය මාර්තු මාසයේදී කොළඹදී සාකච්ඡාවක් පැවැත්වූහ. ඒ සමඟ ෆේස්බුක් සමාගම වෙත සිවිල් ක්‍රියාකාරීන් නියෝජනය කරමින් සංජන හත්තොටුව මහතා විවෘත ලිපියක් යොමු කර තිබිණි. ඊට පිළිතුරු යවමින් ෆේස්බුක් සමාගම මෙසේ ද සඳහන් කර තිබේ.
“පසුගිය මාර්තු මාසයේදී අපි සාකච්ඡා කළා. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය අවභාවිත වීම නැවැත්වීමට ශක්තිමත් පියවර ගැනීමේ අවශ්‍යතාව අපි තේරුම් ගැන තිබෙනවා. ඒ නිසා සිංහල භාෂාව කතා කරන පිරිස් වැඩි වශයෙන් අපගේ ප්‍රජා මෙහෙයුම් සහ අන්තර්ගත නිරීක්ෂණය කණ්ඩායම්වලට සම්බන්ධ කරගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.
ඒ සඳහා විවිධත්වයෙන් යුතු පාර්ශ්වකරුවන් රැසක් සමඟ සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙනවා. දේශීය සන්දර්භය වැඩි වශයෙන් අවබෝධ කරගැනීමටත් වෛරී ප්‍රකාශ සීමා කිරීමට අපි ඔබ වැනි සිවිල් සමාජ කණ්ඩායම් ආදී පාර්ශ්ව රැසක් සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වෙනවා”
සම්මත, නීති රෙගුලාසි උල්ලංඝණය කරන ෆේස්බුක් අන්තර්ගත හඳුනාගැනීම සඳහා කෘතිම බුද්ධි උපාංග වැඩිදියුණු කිරීම කෙරෙන ආයෝජන වැඩි කරන බව ද එම ලිපියේ සඳහන් වේ.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසෝක කරුණානන්ද මහාචාර්යතුමාගේ බුද්ධිමය යන්ත්‍ර විද්‍යාව කියන පොත කියෙව්වනම් මේ තාක්ෂය මොකක්ද කියන එක හොදට තේරුම් ගන්න පුළුවන්. මේකේ ඇත්තම කිසිම කෘත්‍රීම දෙයක් නෑ, ස්වභාවික දේවල් මුලික කරගෙන ප්‍රශ්ණ වලට පිළිතුරු සෙවීමක්.
සත්‍ය වශයෙන්ම කාලෝචිත පියවරක්. දැනට වසර එක හමාරකට පමණ පෙර විදෙස් ජන මාධ්‍ය විචාරයකදී " අපේ රටේ තරුණ පරපුර විනාශ කලේ මේ ෆේස් බූක් එකයි,හෑන්ඩ් ෆෝන් එකයි කියලා " මගෙන් කියවුනා.එවිට මගේ අයර්ලන්ත උගත් මිතුරියක් පැවසුවේ " ඒ ඔයාලගේ රටේ ළමයි. අපේ රටේ ළමයි ඒවායින් ඉගෙන ගන්නවා ". යනුවෙනි. එම කියමන මොන තරම් ප්‍රායෝගික එකක් දැයි මම නිතර සිහිපත් කලෙමි. සමාජ මාධ්‍ය වලට නිදහස තිබිය යුතුය. ඒත් ඒවාට සීමාවක් රහිත නිදහසක් ලබා නොදිය යුතුය. මෙහිදී තරයේ සිහිපත් කල යුතු වටිනා දෙයක් ඇත. එනම්,අපගේ දේශපාලකයන් මේ තුලින් පටු වාසි ගැනීමට මාන බැලීම සුදුසු නොවේ යන්නය.
ඔය කියන කෘත්‍රීම බුද්ධිමය උපාංග පාර්ලිමේන්තුවට සවිකරන්න බැරිද?
ඇයි සිංහල භාෂාව කතා කරන අය විතරක්? මුළු ලංකාවම එකම ජාතියක්ලු නේද? එහෙනම් ඇයි වෙනස් භාෂා කතා කරන අයට වෙනස් විදිහට සලකන්නේ?
ෆේස්බුක් අවභාවිතය නැවැත්වීම සඳහා කල යුත්තේ එය අවභාවිතා කරන්නන්ට විරුද්ධව කටයුතු කිරීමයි. එසේ නැතුව ෆේස්බුක්ට බාධක පැනවීම නොවෙයි.
ෆේස්බුක් බාවිතා කරමින් ද්වේශ සහගත කට කතා පතුරවන්නන් බොහෝ විට එය සිදු කරන්නේ ව්‍යාජ ගිණුම් හරහායි. ෆේස්බුක් වැනි දේශ සිමා රහිතව සිදුවන සන්නිවේදන මාධ්‍යයක ගිණුම් හිමිකරුවන් සොයාගැනීම කෙසේවෙතත්, ඔවුන්ට විරුද්ව නීතිමය පියවර ගැනීම ප්‍රශ්නයක් වනු ඇත. බිලියන දෙකකට ආසන්න ගිණුම් වල අන්තර්ගතය පරීක්ෂා කිරීමට කෘතිම බුද්ධි උපාංග යොදා ගැනීම හොඳ දෙයක් උනත්, ලෝකයේ සියලු භාෂාවල ඇති ද්වේශ සහගත වචන ඊට ඇතුල් කිරීම ප්‍රයෝගික දෙයක් නොවනු ඇත.
කරන්න වෙන රටේ මීට වඩා වැදගත් වැඩ නැද්ද