රංජන් කස්තුරි
වයඹ පළාත් පරිසර අධිකාරියේ නියෝගයක් මත නොරොච්චෝල බලාගාරයේ මෙගාවොට් 300ක ධාරිතාවයකින් යුත් එක් ජනන යන්ත්‍රයක් වසා දමා තිබේ.
පරිසරයට දැඩි හානියක් වන හෙයින් නොරොච්චෝල බලාගාරයේ පළමු අදියරට අයත් මෙගා වොට් 300ක ධාරිතාවයකින් යුත් ජනන යන්ත්‍රය තාවකාලිකව වසා දමන්නැයි වයඹ පළාත් පරිසර අධිකාරිය ලංකා විදුලිබල මණ්ඩලයට ඉකුත්දා නියෝග කර තිබිණි.
ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එම ජනන යන්ත්‍රිය ක්‍රියා විරහිත කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව යනු ලෝකේ යල් පැනගිය භාවිතයෙන් ඉවත් කළ දේවල් අලුත් දෙයක් වශයෙන් භාවිතා කරන රටකි. එය පුද්ගල මතවාද හා අදහස් වල සිට. භාවිතා කරන තාක්ෂණය හා යන්ත්‍ර සූත්‍ර වලටද අදාල යයි කිව හැකිය. මේ ඔක්කොටම මුල බඩ ගෝස්තරවාදී දේශපාලනයයි. මේක හරියන්නනම් පවතින දේශපාලන සංස්කෘතිය හොඳින් හෝ නරකින් ලකුණක්වත් නොතබා මකා දැමිය යුතුයි. නැත්තම් අපි හැමදාම එකම තැන.
හොද වැඩේ.
ගල් අගුරු දහනයේදී එකතුවන අළු වල ඇති ඇති සියුම් සහ සැහැල්ලු බව නිසා මේවා වාතයේ ඉතා පහසුවෙන් පාවී යයි. එසේම අලුවල ඇති සියුම් සිලිකා අංශු පෙනහළුවල ඇලුන පසු එය කිසිදා ඉවත්ව නොයන අතර එයින් සුවකළ නොහැකි ස්වසන රෝගයක් ඇතිවේ. මේ අළු වල ඇති බර ලෝහ වර්ග (යකඩ,ඊයම්, නිකල්, මැන්ගනීස්,ක්‍රෝමියම්) භූගත ජලයට එකත් වෙන බව ලෝකය පුරා පර්යේෂණ වලින් සොයාගෙන ඇත. ලංකාව වැනි කුඩා ඉඩ ප්‍රමාණයක අධික ජන ඝනත්වයක් ඇති රටකට මේ අළු ප්‍රමාණය (දිනකට මෙට්‍රික් ටොන්800) කිසි සේත්ම ඔරොත්තු නොදෙන අධික ප්රමාණයකි"
දැන් ඉතින් වැහුවත් මොකද ? කොමිස් අරන් ඉවරනෙ.
විල්පත්තුව කැපුවම පරිසරයට හොඳයි
ධනුෂ්ක ඔබ හරියටම හරි.
මෙම නියෝගය පිටුපස ලංකාවේ පුද්ගලිකව විදුලිය නිපදවා රජයට විකුණන සමාගම් වලට සම්බන්ධ මාෆියාව ක්‍රියාත්මක වෙනවද කියා සොයා බැලිය යුතුය.
මෙය දේශපාලනික තීන්දුවක් විය හැකියි. වයඹ පලාත් සභාව අවුරුදු සමය අලලා මෙවන් විගඩම් කරන්නේ රජය අපහසුවට පත් කිරීමට විය හැකියි. ඔය කියන තරම් පරිසර දූෂණයක් වෙනවනම් කොහොමද ආයෙමත් අප්‍රේල් 22 නැවත් ජනන කටයුතුකල ආරම්භ කරන්නේ
බොරු බොරු මේක ආයෙත් හොඳට අබලන් වෙලා.
මේවා හදනකොට පරිසර දෙපාර්තමේන්තුවෙන් අවසර ගත්තේ නැද්ද ? මේවා ඔය කියන තරම්ම ප්‍රමිතියෙන් බාල නම් නිෂ්පාදනය කරපු සමාගමෙන් වන්දි ලබාගන්න බැරිද ?