අංජුල මහීක වීරරත්න සහ ඡායාරූප - ළහිරු හර්ෂණ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය පිරිසක් සහ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් තමා හමුවී රට ඉදිරියට ගෙන යාම සඳහා අලුත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තලවතුගෙඩ දී අද (12) පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මුණ ගැසී මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙන බව කී අග්‍රාමාත්‍යවරයා අනාගතය දෙස බලා ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද කීය.
දෙපාර්ශ්වය අතර සාකච්ඡා වලින් පසුව ඉදිරි වැඩපිළිවෙළ ඉක්මණින් ක්‍රියාත්මක වනු ඇතැයි කී අග්‍රාමාත්‍යවරයා ඒ අලුත් මාර්ගයේ ඉදිරියට යාමට හැකිවෙතැයි විශ්වාස කරන බවද සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ තලවතුගොඩ ලේක් විව් රෙසිඩන්සීස් නිවාස යෝජනා ක්‍රමයට මුල්ගල තැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරගෙන ආපු වැඩ ටික දිගටම හරියට කරගෙන ගියානම් ඔබලත් ගොඩ රටත් ගොඩ.
අපරාදේ කියන්න බෑ, අළුත් වැඩපිළිවෙළවල් නම් මාසෙකට දෙක තුනක් එනවාම තමයි
මෙහෙම ඇහැව්වට කමක් නැහැ නේ? 2015 ඒ වැඩපිළිවෙලයි 2018 මේ වැඩ පිළිවෙලයි දෙකම එකද නැතිනම් වෙනස්ද?
කොයි දේටත් තියෙන්නේ තව පෝය 16 යි නොවැ
මහේෂිකා, අනේ කරුණාකර කරපු වැඩ මොනවාද කියන්නකෝ?
2020 වෙනකල් මොන මොනවා හරි කිය කිය ඉමු.
මොනවද කරගෙන ආපු වැඩ?
කෝ මහේෂිකා? උත්තර දෙන්න.
අරගොල්ලන්ගේ පල්ලි නොතිබුණු පළාත... දැන් පල්ලි කීයක් හැදේවිද දන්නේ නැත.
අපි කොළඹ තිබුණු ගෙවල් විකුණලා 1970 ගණන්වල මේ පළාතට ආවේ නිස්කලංකව ඉන්න. මේ දේසපාලකයෝ එ්කත් කෑවා.