අජන්ත කුමාර අගලකඩ
ශ්‍රී ලංකාවේ අට වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අවසන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අති විශේෂ ගැසට් පත්‍රයට අත්සන් තැබීය.
ඒ අනුව මැයි 08 වැනි දා දෙවැනි සැසි වාරය ආරම්භ වීමට නියමිතය.
අට වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ වූයේ 2015 සැප්තැම්බර් දෙවැනිදාය. ඒ 2015 අගෝස්තු 26 වැනිදාතම 1929/13 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අනුවය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාව අනුව පාරල්මේන්තුවේ වාරාවසාන කිරීමටත්, මාස දෙකක් නොඉක්මවන දිනයක දී යළි ඊළඟ වාරය පටන් ගැනීමේ දිනයක් නියම කිරීමටත් ජනාධිපතිවරයාට බලය ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.