අජන්ත කුමාර අගලකඩ
ශ්‍රී ලංකාවේ අට වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අවසන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අති විශේෂ ගැසට් පත්‍රයට අත්සන් තැබීය.
ඒ අනුව මැයි 08 වැනි දා දෙවැනි සැසි වාරය ආරම්භ වීමට නියමිතය.
අට වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ වූයේ 2015 සැප්තැම්බර් දෙවැනිදාය. ඒ 2015 අගෝස්තු 26 වැනිදාතම 1929/13 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අනුවය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාව අනුව පාරල්මේන්තුවේ වාරාවසාන කිරීමටත්, මාස දෙකක් නොඉක්මවන දිනයක දී යළි ඊළඟ වාරය පටන් ගැනීමේ දිනයක් නියම කිරීමටත් ජනාධිපතිවරයාට බලය ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතකොට මැයි 8 වෙනකල් හිස්වෙලා තියෙන අමාත්‍යාංශවල වැඩ කෙරෙන්නේ කොහොමද?
අපේ රටේ පාර්ලිමේන්තුව කියන්නේ රටේ ජනතාවට යහපතක් වෙන තැනක් නොවෙන නිසා ඕක ඉතින් රැස්වුණා කියලා වැඩක් තියන එකක්යැ. ඕකේ ඉන්න කට්ටියව අපේ බදු සල්ලිවලින් නඩත්තු කරනවාට වඩානම් හොදයි ඕක කල්දාලා තියන එක. පුලුවන්නම් ඕක වහලම දැම්මත් මේ රටේ ජනතාවට යහපතක් මිසක් අයහපතක්නම් වෙන්නේ නැහැ.
යාන්තං ඇති. ජනතා සුබසිද්ධිය සඳහා කියක් හරි ඉතුරු කරගන්න පුළුවන්.
ඕක පටන්ගන්නවයි, කනවයි, අවසන්කරනවයි, ආයෙත් පටන්ගන්නවයි ඇරෙන්න වෙන කරන දෙයක් නැහැනේ. අපිත් අර එළුවා පස්සෙ යන හිවලා වගේ පස්සෙන් යනවා.
කලින් කියපු විදිහට "විද්‍යාත්මක ලෙස විෂය පථයන් වෙන් කරන ලද නව කැබිනට් මණ්ඩලයක්" පත් කෙරෙන්නේ කවදාද ? මේ යන පිළිවෙලට 2020 දී ඒකාබද්ධයට කරන්න කිසිම දෙයක් ඉතුරුවෙලා නෑනේ. පොල්ලෙල්ලක් ඉදිරිපත් කරන එක විතරයි තියෙන්නේ. තුනෙන් දෙක නෙවේ සකලමනාවම ජයගනී. එතකොට තමා දැන් නිදාගෙන කයිවාරු ගහන සමහරුන්ට එලොව පොල් පෙනෙන්නේ.
ඕක සදහටම වහල දාන්න බැරිද ? සල්ලි ටිකවත් ඉතුරු කරගන්න පුළුවන්
එක පැත්තකින් හොඳයි. පාර්ලිමේන්තුව රැස් වුනාට රටට යහපතක් නැහැනේ. නිකන් මහජන මුදල් නාස්ති වෙන එක පමණයි.