(නිමන්ති රණසිංහ)
කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව රිමාන්ඩ් කර සිටින නාවික හමුදා සෙබළුන් දෙදෙනා ලබන 25 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (12) නියෝග කළාය.
එලෙස රිමාන්ඩ් කරනු ලැබුවේ කස්තුරිගේ ගාමිණී සහ මුතුවාහැන්නදි අරුණ තුෂාර මෙන්ඩිස් යන නාවික හමුදා සාමාජිකයන් දෙදෙනාය.
සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අද (12) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා බන්ධනාගරය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කැරිණි.
මෙම සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් ලෙස නම් කර ඇති සම්පත් මුණසිංහ, නාවික හමුදා හිටපු මාධ්‍ය ප‍්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක, නාවික හමුදා බුද්ධි අංශ කොමදෝරු සුමිත් රණසිංහ, නාවික නැව් ලක්ෂ්මන් උදය කුමාර, නලින් ප‍්‍රසන්න වික‍්‍රමසූරිය, තම්මිට ඉහළගෙදර ධර්මදාස, රාජපක්ෂ පතිරණලාගේ කිත්සිරි, කස්තුරිගේ ගාමිණී සහ මුතුවාහැන්නදි අරුණ තුෂාර මෙන්ඩිස් යන පිරිස ඇප මත සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න තවත් විශ්වාසභංග ඡන්ද ප්‍රතිපලයක්.
සම්පත්ලාට මේවා පෙනෙන්නේ විහිළු හැටියටද?
සම්පත් ඉස්සරනම් කොටි දැන් තරුණයෝ... පිටරට ටැක්සි එළවන අයට දැන් සහජීවනය මතක් වෙලා.
මෙහෙම විහිළු චාලි චැප්ලින් ගෙන්වත් දැක්කේ නැහැ නේද සම්පත්?