රංජන් කස්තුරි
මාස එක හමාරකටත් අධික කාලයක් පැවැති විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය අද අවසන් කළ බව විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සම සභාපති ගයාන් පීරිස් මහතා පැවසීය.
මූලික වැටුපෙන් 35% ලෙස දැනට ලබා දෙන මාසික හිලව් දීමනාව තවත් 10%කින් වැඩි කරන බවට උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කළ චක්‍රලේඛය ලැබී ඇති හෙයින් වැඩවර්ජනය නැවැත්වීමට තීරණය කළ බව පීරිස් මහතා කීවේය.
ලබන 17 වැනි දා සිට යළි සේවය වාර්තා කරන බව ද ඔහු සඳහන් කළේය.
17 වැනි දා වට විට සේවය වාර්තා නොකරන අනධ්‍යයන සේවකයන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගන්නා බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා මීට දිනකට පෙර වෘත්තීය සමිතිවලට ලිඛිතව දැනුම් දී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහොම තමයි ඉන්න ඕන, නැත්නම් මේ අයව හුරතල් කරන්න ඕනේ නැහැ. එන්නේ නැත්නම් එලවනවා. මේ විදිහටම අනෙක් අසාධාරණ වර්ජන වලටත් කල යුතුයි.
ඇති යාන්තං. විශ්ව විද්‍යාල වල ළමයින්ට විශ්ව විද්‍යාල එපා වෙලා තිබ්බෙ, මේ හුටපටෙ නිසා.
හොඳයි
ඔහොම පණ ඇතිව තීරණ ගන්නයි ආණ්ඩුවක් තියෙන්න ඕනේ. නැතුව මේ සමිතිකාරයෝ හුරතල් කරන්න නොවෙයි ඔවුනට වඩා අව වැටුප් පහසුකම් ඇති රැකියා කරන පුද්ගලික අංශයේ සේවකයන් ගැන වඩා අවධානයක් යොමුවිය යුතුමයි. මේ මාසයක් පමණ සිදුවූ විශ්ව විද්‍යාල පද්ධතියේ අවගමනයට වගකියන්නේ ඔය සමිති කාරයෝද? රාජ්‍ය සේවා අංශයටම ඔක්කොම දීලා හරියනවද. රටේ සංවර්ධනයට ශ්‍රමය වගුරන බහුතරය වූ පුද්ගලික අංශයට මොනවද ඉතිරි වෙලා තිබෙන්නේ.
ඊලගට සරසවි ළමෝ වර්ජනයක් පටන් ගනීවි මොකක් හෝ කොනක් අල්ලගෙන.
බොරු මොකුත් නැතුව වැඩට යනවා බයට. මහාචාර්ය වැටුප නැතුව වැඩට එනවා
මේ අය එලවලා අලුත් සේවකයන් බදවගන්න තිබුනේ .
ඇහිද ගෙන කන්නේ නැතිව ඉල්ලා ගෙන කනවා කියන්නේ මේකට තමයි.............
තමාගෙ පක්ෂය රැකගන්න විපක්ෂෙ ආණ්ඩුවට විශ්වාස භංග ගෙනෙනවා. ආණ්ඩු පක්ෂෙ විපක්ෂෙට විශ්වාස භංග ගෙනෙනවා. ඉදිරි පරපුර විනාස වෙනවා. හරිම දුකයි.
අපරාදෙනෙ. ස්ට්‍රයික් එක නතරකලේ. තව කරන්නනෙ තිබුනෙ අපට රස්සාවක් අලුතෙන් ගන්න තිබුනා...