(ඩයනා උදයංගනී)
ජනතා විරෝධී සහ කම්කරු පන්ති විරෝධී ක්‍රියාවන්හි යෙදෙන රජයක් සමඟ තවදුරටත් කටයුතු කළ නොහැකි බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ තවදුරටත් බැඳී නොසිට ස්වාධීන කම්කරු පන්ති සංවිධානයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය තීරණය කළ බව එහි ප‍්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
වෘත්තීය සමිතියක් ලෙස තම සංවිධානය වැඩපොළ තුළ සංවිධානය වී සිටින්නේ පක්‍ෂ දේශපාලනය පදනම් කරගෙන නොවන බවත්, එබැවින් ඉදිරියේ දී ස්වාධීනව කටයුතු කිරීමට සංගමයේ නියෝජිත මහා සභාවේ දී ඒකමතිකව තීරණය කළ බවත් ඔහු සිය නිවේදනයේ සඳහන් කර තිබේ.
ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස පක්‍ෂයට දිගින් දිගටම දැනුම් දුන්නත් තවදුරටත් ආණ්ඩුවේම රැඳී සිටිමින් පක්‍ෂය ස්වභාවික මරණයකට පත්කිරීමට පක්‍ෂයේ පිරිසක් කටයුතු කරමින් සිටින බවද ඔහු සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට කොලේ වහලා කතා කරන්න එපා. ඔබලා කෙලින්ම පක්‍ෂ දේශපාලනේ ඉන්න බව දැන් නැහැ කියන්න බැහැ. අවංක නම් ඔය නිදහස් නමත් වෙනස් කර කම්කරුවන් අතරට එන්න.
කව්රු කොහොම කිව්වත් සියලුම නිදහස් පාක්ෂිකයින් ඉන්නේ අතිගරු ජනපතිදුන්ගේ නායකත්වය යටතේයි, ජාතික රජය ශක්තිමත් කර ඉදිරියට යාම සියලු දෙනාගේ ඉල්ලීමයි.
කොහෙද ඔය සියලු දෙනා ඉන්නේ. අපි නං ඔය ඉල්ලීම කරන සියලු දෙනාට නෑ ඔන්න.
ඩුබායි සෝමා,ඔයා එහෙම හිතුවට අතිගරුට දැන් එච්චර නැත.16 ක් විපක්ෂයට.ටිකක් එජාපයටත් එනවා කියා ආරංචියි.